Bodhini Samaratunga

Bodhini Samaratunga

Share

23/11/2025

"රෝහල්වල දකින්නට හැකිය හදවතින් කෙරෙන යාඥා"

වෛද්‍ය බෝධිනී සමරතුංගගේ 'සායනික සටහන් නොවේ' පොත මට ලැබිලා ටික දවසක්.

නව කතාවක් වගේ එක දිගට මට මේ පොත එක රැයින් ඉවර කරන්න අමාරු වුනේ මේ පිටු අතර රැඳිලා තිබුණු කතාවන් සහ චරිත එක්ක සැබෑ ජීවිතයේ කොහොමද කියලා එකින් එක ගැටිලා හිටිය නිසා. Non- fiction පොතක් කියවද්දි සමහර තැන් මේ මනංකල්පිත කතාවක්නේ කියලා හිත හදාගෙන බැහැර කරන්න අමාරුයි.

ඇහැට කඳුළක් එනකොට නවතිනවා, හිතන්න ඕන තැන්වල හිතනවා අපේ රටේ තව කොච්චර පහසුකම් ලැබෙන්න ඕනෙද කියලා සෞඛ්‍ය අංශයට දුක හිතෙනවා. මේ වගේ ගොඩාක් තැන් තියෙනවා නවතින්න සහ ඉබේ හිත නැවතෙන.

කායික රෝගීන් මෙන්ම මනෝ වෛද්‍ය ඒකකයක රාජකාරී කරද්දි වෛද්‍යවරයෙකුට තිබෙන ඉවසීම සහ මානසික ශක්තිය ගැන ඇත්තටම මට හිතා ගන්න බැහැ.

තිබෙන සීමිත පහසුකම් යටතේ රෝගීන් සුව කිරීම වගේම, දරුවාගේ නමවත් නොදන්නා අධ්‍යාපන මට්ටමක සිටින අම්මලා, කලින් රෝග නිධාන අනුමාන කළ කපුවන් වැනි අයගේ උපදෙස් ගෙන පැමිණෙන අඩු අධ්‍යාපනය ලැබූ රෝගීන් සමග වැඩ කරද්දි මතුවෙන සංස්කෘතික ප්‍රශ්න.

ඒ වගේම ආර්ථික ප්‍රශ්නවලින් පීඩිත වෙලා ප්‍රතිකාර සඳහා එන රෝගීන්ව රෝහලේ රඳවා ගැනීමත් අභියෝගයක්. මොකද ඔවුන්ට රෝහලේ රැඳිලා ප්‍රතිකාර ගන්න බැහැ පවුලෙ එකම ආදායම් මාර්ගය නැති වෙනවා.

රජයේ නිවාඩු දවස්වල පවා රාජකාරියේ නියැලෙන තම ජීවිතයම වෘත්තියට කැපකළ
වෛද්‍ය වෘත්තියෙන් වෙන සේවය විස්තර කරන්න මම හිතන්නේ නෑ මේ සටහනින් පුලුවන් කියලා.

පහුගිය දවස්වල මගේ ජීවිතේ වෙච්ච අත්දැකීම් එක්ක මම මෙහෙම ඉන්නෙත් වෛද්‍යවරු නිසා. ඔවුන්ට තියන ගෞරවය මට ඉතින් කියන්න වචන නැහැ!

වෛද්‍ය බෝධිනී ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ පොතක් පළ කරලා අපිට හිතාගන්න බැරි අත්දැකීම් ගොඩක් එක මිටකට ගෙනාවට. ඒ වගේම සුබ පතනවා අනාගත බලාපොරොත්තු සහ මේ වගේ තව පොත් එළි දක්වලා සමාජය දැනුවත් කරන්න ලැබෙන්න!

මේ පොත මගේ අතට ලබා දීපු රමණී රුක්ලාන්ති මහත්මියට ගොඩක් ස්තුතියි!

අචලා නෙළුණිකා

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo