ATI Hub

ATI Hub

Share

13/03/2026

The Digital Samurai Cat. 🗡️🐾
Modern problems require ancient solutions. 😉
Future Vibes Only. ✨

26/11/2025

ගාස්තු ගෙවීම් බැංකු කාඩ්පත් මගින්: කොන්දොස්තරලා නැති මෙට්‍රෝ බස් 200ක් මහ පාරට

පොදු ප්‍රවාහනය පූර්ණ ඩිජිටල්කරණයට ලක්වීමත් සමග ආරම්භ කෙරෙන ‘මෙට්‍රෝ’ බස් සේවාව කොන්දොස්තරවරුන් රහිතව ක්‍රියාත්මක කෙරෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන මෙට්‍රො බස් රථවල සවි කර ඇති ස්වයංක්‍රිය යන්ත්‍රය භාවිත කර ඕනෑ ම බැංකු කාඩ්පතක් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම් සැලසෙන බව ද ඔහු කීය.

ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා බස් රථ 200ක් ආනයනය කෙරෙන බව ත් එම බස් රථ ලබන වසරේ ලැබීමට නියමිත බව ත් සඳහන් කළේය.

කොළඹ නගරයට තදාසන්න නගර වන කඩුවෙල, කොට්ටාව, මොරටුව ආදී නගර කේන්ද්‍ර කරගෙන මෙම බස් සේවය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙට්‍රෝ බස් සේවය කොළඹ නගරයේ සෑම ප්‍රධාන මාර්ගයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් හුවමාරු ස්ථානවලදී මගීන්ට වෙනත් මෙට්‍රෝ බස් රථවලට මාරුවීමේ පහසුකම් ලැබෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කෙරෙන බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකවරයා පැවසීය.

මගීන්ට එම බස් රථ පැමිණෙන වේලාව හා බස් රථය තිබෙන ස්ථානය ආදී සියලු තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි දුරකතන යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය.

පොදු ප්‍රවාහන සේවයේ සිදුකෙරෙන පූර්ණ ඩිජිටල්කරණය තුළ මගීන්ගේ ආරක්ෂාව මෙන් ම මාර්ග ආරක්ෂාව සැලසෙන බවත් ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන මෙය ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු පැවසීය.

පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන මගීන්ට ද බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් සඳුදා (නොවැ. 24) බස්නාහිර පළාත ප්‍රධාන සෙසු පළාත්වල තෝරාගත් මාර්ග කිහිපයක ආරම්භ කිරීමට නියමිතය

13/09/2025

😁

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo