Motivation With Hima

Motivation With Hima

Share

21/03/2023

ඔබේ ජීවිතේ පළමු තැනට සතුට තබා ගන්න. සතුට වෙනුවෙන් කරන්න පුලුවන් සෑම කුඩා දෙයක්ම කරන්න. මේ මොහොතේ ජීවත් වෙන්න.

- Motivation With Hima ✍️

20/03/2023

ඔබ හුස්ම ගන්නවා නම්, ඔබේ නාඩි වැටෙනවා නම්, ඔබ ජීවත් වෙනවා නම් සැබැවින්ම ඔබේ ජීවිතයට අරමුණක් තිබිය යුතුමයි🎯✨ ඇයි ඔබට අරමුණක් තිබිය යුත්තේ?🤔 ඒ පිළිබඳ වැඩි අවධානයක් ලබා දීමට මම මේ පරිච්ඡේදයෙන් බලාපොරොත්තු වෙමි😍

*ජීවිතයට අරමුණක් තිබීමේ වටිනාකම හා ඒ අරමුණ ඉටු කර ගත හැක්කේ කුමන ක්‍රියාකාරකම් ඔස්සේ ද? යන්න අනාවරණය කර ගැනීම වැදගත් ය.අරමුණක් යනු ජීවිතයට එන අධිෂ්ඨානයකි 💪✨ අපි සියලු දෙනාටම ජීවිතය උදෙසා අරමුණක් ඇති කර ගැනීම වැදගත් වේ. නිශ්චිත ඉලක්ක කිහිපයක් මත සිය පෞරුෂත්වය හරහා ඇති කර ගනු ලබන ක්‍රියාව අරමුණක් ලෙස සරලව හැඳින්වේ.💯
* අප යා යුතු දිශාව අරමුණයි. ජීවිතයට නව ආරම්භයක් ගැනීමට අරමුණක් තිබීම වැදගත් වේ.ජීවිතයට අරමුණක් පවතින විට සැබැවින්ම තමා ජීවත්වනවා යන හැඟීම දැනේ. 🌸✨
* අරමුණු සහිතව ජීවත්වීම තුළ මොහොතින් මොහොත, දවසින් දවස තම අරමුණු මල්ඵල ගැන්වේ. අපට ඕනෑම අවස්ථාවක කිසියම් කඩඉමක් ජය ගැනීම සඳහා ඉලක්ක අවශ්‍ය වේ.රැකියාවේ, අධ්‍යාපනයේ, සමාජ ජීවිතයේ,පෞද්ගලික ජීවිතයේ දී කිසියම් අරමුණක් ඔස්සේ ගමන් කිරීමට සිදු වේ.උදාහරණයක් ලෙස ( උසස් පෙළ විභාගයට මුහුණදෙන ශිෂ්‍යයෙකුට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම හරහා විශ්වවිද්‍යාල වරම් දිනා ගැනීම අපේක්ෂාව විය. එය ශිෂ්‍යයාගේ ප්‍රධානම අරමුණ විය.)🎓👩‍🎓👨‍🎓
* අධ්‍යාපනය හදාරා අභිමත රැකියාවක් කිරීම එම ශිෂ්‍යයාගේ මීලග අරමුණ විය. 👜💼එම අරමුණ හෝ ඉලක්කය මත සිට ශිෂ්‍යයා වෙහෙස මහන්සි වී වැඩ කරයි. ඒ නිසාවෙන්ම ඉහළ සාමාර්ථ සහිතව විශ්වවිද්‍යාල වරම් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. 💪💯🎯

" ජීවිතයේ අරමුණ අරමුණක් ඇති ජීවිතයකි. "
- රොබට් බර්න් -

* එසේ නම් බොහෝ දෙනා අප ජීවත් වීමට හේතුව තවමත් හඳුනාගෙන නැත.බොහෝ දෙනාගෙන් විමසූ විට පවසන්නේ භෞතික සාධක සඳහා පිළිතුරු ය. නමුත් ජීවිතයේ අරමුණු ඊට වඩා පුළුල්‍,ගැඹුරු සංකල්පයන් ය. 💯☑️ අරමුණු ඇතිවිය යුත්තේ ආධ්‍යාත්මයෙන් සිය ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසාය. ඒ ඔස්සේ ඊට අනුගත වෙමින් ආත්මීය බන්ධනයක් ඇති කර ගනියි. එම ආත්මීය බන්ධනය හරහා අරමුණට අපි ආදරය කරන්නෙමු.❣️✨

* අරමුණක් සහිතව ගමන් කරන පුද්ගලයාට ජීවිතයේ කිසිම අවස්ථාවක බියක්,චකිතයක් ඇති නොවේ. 💪👍 එම පුද්ගලයාට අරමුණු හඹා යාමේ දී විවිධාකාර ගැටලු, සිත්රිදීම්, දුෂ්කරතා පැන නැගීම සැබෑවකි. 🌼✨නමුත් ඒ ඕනෑම අමිහිරි අවස්ථාවකටම නොබියව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය නිරායාසයෙන්ම ඇති වේ.💪

*💫ජීවිතයේ මොනතරම් බාධක, කම්කටොලු පැන නැගුණ ද කිසිම කලෙක තමාගේ අරමුණ අමතක නොකරන්න.... 🎯✨

*ඇතැම් අවස්ථා අරමුණුට ප්‍රතිවිරුද්ධ වේ. එවැනි අවස්ථා හොඳින් අවබෝධ කරගෙන , කිසිම හේතුවකට අරමුණ වෙනස් නොකරන්න. ඒකායන අරමුණ ඇතිව සැලසුම් පමණක් වෙනස් කරමින් සිය අරමුණට ලඟා වෙන්න.💯✨

" ජීවිතය සැබැවින්ම නිල්කෙම්බිමකි. ඒ තරමටම එය සරුසාර හා නැවුම් බව මතක තබා ගන්න."💪🎯

- Motivation With Hima ✍️

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo