Astro by Wathsala
වසරේ ප්‍රමුඛතම උල්කාපාත වර්ෂාවක් වන ඔරයන් උල්කාපාත වර්ෂාව හෙට දින පාන්දර එකයි තිහට පමණ උච්චස්ථානයට පත්වෙනවා . නැගෙනහිර සිතිජේ සිට 45° ක් පමණ ඉහළින් මේ වෙලාව වන විට ඔරයන් රාශිය දක්නට හැක. පැයකට උල්කාපාත විස්සක් පමණ දකින්නට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවේ. හෙට පාන්දර බලාගැනීමට නොහැකිවුවහොත් ඉදිරි දින කිහිපය තුළ ද කාලයේදී මෙම උල්කාපාත ව ර්ෂාව අඩුවූ තීව්‍රතාවයකින් යුතුව නිරීක්ෂණය කළ හැක. පහත දැක්වෙන්නේ 2023 වසරේ නොවැම්බර් මස මුල ම විසින් වීඩියෝ ගත කරන ලද මෙම ඔරායන් උල්කාපාත වර්ෂාවයි
18/10/2024
මේ දිනවල දක්නට ඇති C/2023 A3( Tsuchinshan- Atlas) වල්ගා තරුවේ මා විසින් ලබාගත් අයත් සමීප ඡායාරූපයක්. මෙහි සම්පූර්ණ නිරාවරණ කාලය මිනිත්තු දෙකක් පමණ වන අතර Canon 800d කැමරාව සහ Canon 55-250mm කාචය යොදාගෙන 55mm නාභිදුරකදී ඡායාරූපගත කර ඇත.
මේ දවස් වල වර්ෂාව නිසා අහස නිරීක්ෂණය ප්‍රායෝගික දෙයක් නෙවෙයි. අද පාන්දර 4 ට විතර ඇහැරිලා බලන කොට අහස කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි. මේ ඔරයන් රාශිය ආශ්‍රිත අහසේ ටයිම් ලැප්ස් වීඩියෝවක්.
02/10/2023
බෙන්නු ග්‍රහකයේ සිට ඔසිරිස් රෙක්ස් පෘථිවියට රැගෙන ආ ග්‍රහක කොටස් සහිත කැනිස්ටරය පසුගියදා විවෘත කරනු ලැබුවා.
ග්‍රහක සාම්පල සහිත කැප්සූලය පසුගිය 26 දින ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ කාන්තාර ප්‍රදේශයකට ගොඩබසිනු ලැබුවා .
මෙම සාම්පල ලබාගත් බෙන්නු ග්‍රහකයේ විශේෂත්වය එය "C" වර්ගයට අයත් (type c) . මෙවැනි ග්‍රහක තුල වැඩි කාබන් සංයුතියක් ඇති අතර පෘථිවියට ජලය සහ ජීවයේ මූලික සංඝටක රැගෙන ආවෙත් මෙවැනි ග්‍රහක මගින් බවට අනුමානයක් ඇත. මෙහි ග්‍රහක කොටස් පරීක්ෂා කිරීමෙන් ඉහත අනුමානයන් තහවුරු කිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
එසේ වුවහොත් ජීවය පෘථිවියේ ඇති වූවක් නොව වෙන පිටසක්වල බාහිර තාරකා මණ්ඩලයක ඇතිවී පෘථිවිය කරා ග්‍රහක හෝ ධූම කේතු මගින් පැමිණි බවට ඇති Panspermia උපකල්පනයට වඩාත් පිටුවහලක් වනු ඇත.
මෙම සාම්පල වැඩිදුර පර්යේෂණ සඳහා කොටස් කර ලොව පුරා පිහිටි විද්‍යාගාරවලට යැවීමට නියමිතයි.
Photo credits : NASA /JPL/ OSIRIS REX
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Athurugiriya
Colombo
10150