Dinetha Tv

Dinetha Tv

Share

The first and only digitally-enabled Youtube television channel in the country, Dineththa TV entered Sri Lanka's youtube television history by offering island-wide coverage from day one. The channel is available on digital medium through You Tube. Dinetha broadcasts contemporary content that upholds Sri Lankan values on its "අපේ දේ සුරකීන, අලුත් දේ ගොඩ නගන " / “Ape De Surakina, Aluth De Godanagana

05/03/2026

දිට්වා සුළිකුණාටුවෙන් රටම හෙල්ලෙද්දී, වගකිවයුත්තන් සෙවීමට පාර්ලිමේන්තුවෙන් විශේෂ මෙහෙයුමක් 🌪️🇱🇰

දිට්වා සුළිකුණාටුව හමුවේ අපේ සූදානම බින්දුවට වැටුණේ ඇයි? වැරදුණේ කොතැනද? මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන්න පත් කරපු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද (05) අලුතින්ම මන්ත්‍රීවරු 11 දෙනෙක් නම් කරලා තියෙනවා.

ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, අරුණ ජයසේකර, අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම් අස්ලම්, අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභූ, රුවන් මාපලගම සහ පද්මනාදන් සත්‍යලිංගම් යන මන්ත්‍රීවරුන් මෙම කමිටුවට අලුතින්ම එක්ව තිබේ.

නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මේ කමිටුවෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ වාර්තා විතරක් නෙමෙයි, වැරදිකරුවන්ට දඬුවම් සහ මින් ඉදිරියට මෙවැනි විපත් වලට මුහුණ දෙන නිවැරදි සැලසුම්!

05/03/2026

🚨 මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි 🚀💥

ලෝකයම බලා සිටි තීරණාත්මක හෝරාව උදා කරමින් අද (05) අලුයම ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. 🇮🇷⚔️🇮🇱

පැය දෙකක් පුරා ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සිරේන් නාද වී ඇති අතර, ජෙරුසලම් නුවරට ප්‍රබල පිපිරීම් හඬවල් ඇසී ඇති බව විදෙස් වාර්තාකරුවන් තහවුරු කරයි. 🔊🔥

AFP පුවත් සේවයට අනුව, ප්‍රහාරවලින් මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එරට හදිසි සහන සේවා පවසයි. 🚑🚫

ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින අතර ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු වී සිටින බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත.

මැදපෙරදිග යුද ගින්න තවදුරටත් ඇවිලෙයිද? ලෝක බලවතුන්ගේ මීළඟ පියවර කුමක් වේවිද? 🌎🤔

අලුත්ම තොරතුරු දැනගන්න අපේ පිටුව Follow කරලා තියාගන්න! 🔔

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo In
Colombo
10400