Agriculture Technically
මාළු මිරිස් වගාව 04 කොටස
කොළ කොඩවීමේ වෛරස් රෝගය
(සුදු මැස්සන් වාහකයින් ලෙස ක්‍රියා කරයි)
• බහුලව සොලකේසි කුලයේ බෝග පාත්‍රවේ.( මිරිස්, මාළු මිරිස්, තක්කාලි, බටු, අර්තාපල්)
• මෙය බෝගයේ තවාන් අවස්ථාවේ සිට සෑම අවස්ථාවක් දක්වාම දැකගත හැකිය
රෝග ලක්ෂණ
• පත්‍ර ලා කහ පැහැවිම හා නාරටි හොදින් දිස්වීමට පටන් ගැනීම
• කදේ පර්ව කෙටි වී අධික රිකිලි ප්‍රමාණයක් ඇතිවන නිසා රෝගී ශාක කුරුවේ
• පත්‍ර විශාලත්වය අඩු වීම නිසා උඩුකුරුව ඇඹරියයි
• කුඩා ඵල හටගනී
රෝග පාලනය
• උසස් ගුණයෙන් යුතු බීජ භාවිතා කර නිසි පරිදි තවාන් නඩත්තු කිරීම
• වගාව නියමිත කාලයට ආරම්භ කිරීම
• සුළං බාධක සංස්ථාපනය කිරීම
• ධාරක ශාක විනාශ කිරීම
• රෝගී ශාක දුටු වහාම ගලවා විනාශ කර දැමීම
• වාහකයින් පාලනය කිරීම
බැක්ටීරියා හිටු මැරීම
රෝග කාරකය (Ralstonia Solanacearum)
රෝග ලක්ෂණය
• ක්ෂේත්‍රයේ තනි ශාකයක් වශයෙන් තැනින් තැන හෝ ශාක කිහිපයක් කලාප වශයෙන් මැලවී තිබෙනු දක්නට ලැබේ.
• දවසේ වඩාත්ම උණුසුම් කාලගුණයක් ඇති අවස්ථාවේදී නොමේරූපත්‍ර මැලවී තිබෙනු දක්නට ලැබේ.
• ඉන්පසු ක්ෂණික ස්ථිර මැලවීමක් පෙන්නුම් කරයි
• පත්‍ර පතනය වීමෙන් දින කිහිපයකට පසු ශාකය මැරී යයි.
• පොළව මට්ටමට ආසන්නයෙන් පැලය කපා වතුර වීදුරුවකට දැමු විට කැපුම් පෘෂ්ඨයෙන් සුදු පැහැති බැක්ටීරියා ස්‍රාවය පිටතට පැමිණීමෙන් මෙය පැහැදිලිව වෙන්කර හදුනාගත හැකිය.
රෝග පාලනය
• ධාරක නොවන බෝග සමග බෝග මාරුවක් සිදුකිරීම
• ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය
• ධාරක වල පැළෑටි හා ආසාදිත මුල් සියල්ලම ඉවත්කර විනාශ කිරීම
• ආසාදිත ශාක , ඒ වටා ඇති පස් කොටස සමග ඉවත් කර විනාශ කිරීම
• රෝගී ක්ෂේත්‍ර හරහා නිරෝගී ක්ෂේත්‍ර වලට ජලය සැපයීම වැළක්වීම
• ක්ෂේත්‍රයේ මනා ජල වහනයක් පවත්වා ගැනීම
අස්වනු නෙළීම
පළමු අස්වැන්න තවාන් වැපිරීමෙන් දින 75 කට පසුව සහ දින 5-7 අතර කාලයකදී සිදු කළ හැකිය.ඉන්පසු බෝග වර්ධන කාලය තුළ දින 7-10 කින් සිදු කල හැකිය. වියළි කාලගුණික තත්ත්වයන් තුළ අස්වනු නෙලීම සිදු කරන්න.
අස්වැන්න
විවෘත පරාගන ප්‍රභේද – හෙක්ටයාරයට ටොන් 10-15 කි
දෙමුහුම් ප්‍රභේද – හෙක්ටයාරයට ටොන් 20-25 කි
වඩා හොඳ කළමනාකරණ භාවිතයන් යටතේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිය
මාළු මිරිස් 1 කොටස
capsicum annuum
මෙය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය එළවළු වර්ගයකි. එය බොහෝ දුරට වියළි හා අතරමැදි කලාපවල වර්ධනය වේ. වාර්ෂිකව හෙක්ටයාර 4000 ක් පමණ වගා කරන අතර මෙට්‍රික් ටොන් 36000 ක් පමණ සපයයි. ඒක පුද්ගල පරිභෝජනය ග්‍රෑම් 890 ක් පමණ වේ. දේශීය නිෂ්පාදනය දේශීය නිෂ්පාදනයෙන් සෑහීමකට පත්වේ. මෙම බෝගය සියලුම දිස්ත්‍රික්කවල යල හා මහ කන්න වල වගා කෙරේ. මෙය වසරේ සෑම මාසයකම රටේ විවිධ ප්‍රදේශවල වගා කෙරේ. නුවරඑළිය, බදුල්ල, කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුර යන ප්‍රධාන වගා දිස්ත්‍රික්ක වේ.
නිකුත් කරන ලද ප්‍රභේද
• CA 8
• හන්ගේරියන් යෙලෝ වැක්ස් (HYW)
• ගන්නෝරුව ප්‍රාර්ථනා
• මුරියා
• යෙදිය යුතු කාලය
යුරියා කි.ග්‍රෑම්./ හෙක්
ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්
මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක්
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
වසර පුරා දිවයිනේ සියලුම කෘෂි පාරිසරික කලාපවල එය වැඩි වශයෙන් වගා කළ හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ක් දක්වා වූ උස ප්‍රදේශයන් හි සාර්ථකව වගා කළ හැකිය. වියළි කාලවලදී අතිරේක ජාල සම්පාදනය අවශ්‍ය වේ.
පස
හොඳින් ජලය බැස යන, ගැඹුරු හා සාරවත් ලෝම පසෙහි හොඳින් වර්ධනය වේ. අවශ්‍ය කාබනික ද්‍රව්‍ය එකතු කළ විට වැලි සහිත පස් ද හොඳයි. පසෙහි pH අගය 5.5 -6.8 අතර වඩාත් සුදුසු වේ
බීජ අවශ්‍යතාවය
CA 8 – හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 1 කි.
HYW and LYW- හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 1.75 කි
බහුලව දැකිය හැකි ආරක්ෂිත ගෘහ ආකාර :
1. කෘතිමව වාතාශ්‍රය ලබාදෙන ආරක්ෂිත ගෘහ (පාරිසරික තත්වයන් කෘතිමව පාලනය කරන ආරක්ෂිත ගෘහ
2. ස්වාභාවික වාතාශ්‍රය සහිත ආරක්ෂිත ගෘහ (මෙහිදී පාරිසරික තත්ත්වයන් යමිම්තාක් දුරකට කෘතිමව පාලනය කිරීමට ද හැකියාව තිබේ)
3. සෙවන ගෘහ හෝ දැල් ගෘහ (අධික සූර්යාලෝකයෙන් හානිවන බෝග සදහා යොදා ගනී)
4. වැසි ආවරණ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo