UNSTOPPABLE PEARL
12/08/2023
අපේ රට හදන්නම බැරිම රටක්ද??? මොන ආණ්ඩුව ආවත් මේක හදන්නම බැරිද???? 🙄🙄
අද මම ගෙනත් තියෙන්නේ ගොඩක් වැදගත් දෙයක්. UNSTOPPABLE PEARL අපි හැමදාමත් ඔයාලට සමීප කරන්නේ ගොඩක් වැදගත් දේවල් තමයි. අද ගෙනත් තියෙන්නේ ගොඩක් දෙනා දැනගන්නම ඕනා වැදගත්ම දෙයක්.. එහෙනම් යමු අද කතාවට!!! 🙏💥
දැන් හැමෝම කියන්නේ මේ රට හදන්න බෑ. මොන ආණ්ඩු ආවත් මේක හදන්න බෑ කියලා. අපි කියනවා මේක හදන්න පුළුවන්. ඒ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්... 🤗😊
පහළින් ඔයාලට බලාගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ තිබෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී සිටින අනුබද්ධ ආයතන සියල්ලම. මේ සියල්ලම රටේ ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීමට ඇප කැප වී සේවය කරන ප්‍රධානම ආයතනයි. මිට අමතරව පොලිසිය, උසාවිය සහ පුද්ගලික අංශයේද ආයතන ඇත... 👇👇
1 - ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
2 - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
3 - ශ්‍රී ලංකා නාවික හමුදාව
4 - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
5 - රාජ්‍ය බුද්ධි සේවාව
6 - සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව
7 - බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව
8 - ජාතික ශිෂ්‍යභට බලකාය
9 - රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය
10 - සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
11 - ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
12 - මිලෝදා ආයතනය
13 - ආරක්‍ෂක සේවා විද්‍යාලය
14 - ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
15 - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය
16 - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය
17 - රක්නා ආරක්‍ෂක ලංකා සමාගම
18 - ශ්‍රී ලංකා වෙරල ආරක්‍ෂක දෙපාර්තමේන්තුව
19 - ජාතික ආරක්‍ෂක අරමුදල
20 - රණවිරු සේවා අධිකාරිය
21 - අපි වෙනුවෙන් අපි අරමුදල
22 - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
23 - ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
24 - ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය
25 - ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
26 - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ඉතින් මේ ආයතන වලින් කොහොමද කැඩිච්ච රට හදන්නේ??? 🤔🤔
මෙහෙමයි. දැන් අපි දන්නා ප්‍රසිද්ධ රහසක්නේ මේ ආයතන වල සමහර තැන් තියනවා දුෂිත පැත්තට යන. අජිත් රෝහණ මහතා උනත් සංවාදයක කියා සිටියේ, 84000ක් ඉන්න පොලිසියේ උනත් දුෂිත නිලධාරින් ස්වල්පයක් ඉන්න පුළුවන් කියලා. ඔව් හැම අංශයකම එහෙම අය ඉන්න පුළුවන්. 🥲🥲
ඒ නිසා මුලින්ම කරන්න ඕනි මේ අංශ සියල්ලම තනිකරම පිරිසිඳු කරන එක. මොකද බහුතරයක් නිලධාරින් දුශිතයෙන් රහිත, සේවය අකුරටම ඉටු කරන නිලධාරින්. ඒ නිසා මුලින්ම මේ ප්‍රධාන ආයතන හදන්න ඕනි කිසිම කෙනෙක්ට දුෂිත වෙන්න බැරි විදිහට. 😎😍
ඒක හදන්නනම් ආණ්ඩුව වෙනස් වෙන්නම ඕනා. මොකද ආරක්ෂක අමාත්යංශය පාලනය කරන්නත් ඇමතියෙක් ඉන්නවා. පොර ලංකාවේ නම ගිය හොරෙක් නම්, අපරාධකාරයෙක් නම් කොහෙත්ම රට හදන්නම බෑ. ඒ නිසා මේක කරන්න කලින් අනිවාරෙන්ම ආණ්ඩුව මාරු විය යුතුමය. 😎😊
ඕනෑම දෙයක් ගොඩ නගන්න ක්‍රම දෙකක් තියනවා.. 😍😎
1. Top to Bottom
2. Bottom to Top
මේ ක්‍රම දෙකෙන් අපේ රට හදන්න පලවෙනි ක්‍රමය තමයි කරන්න ඕනා. මොකද පොඩි තැන් හැදුවට වැඩක් නෑ. ලොකු ලොකු තැන්වල දුෂණය වැඩියි නම්. එතකොට පොඩි තැන් තාවකාලිකයි. ඒවාත් ඉක්මනට දුෂණය වෙනවා. හැබැයි ලොකු තැන් ටික System කරාම ඉබේටම පොඩි තැන් ටික හැදිලා එනවා. ❤💪
මම ඔයාලට උදාහරණයක් කියන්නම්. කොහොමද රට හැදෙන විදිහ කියලා. 👇👇
මුලින්ම අපි මැතිවරණයකදී අලුත්ම ආණ්ඩුවක් පත් කරගන්නවා. එකෙන් ඇමති මණ්ඩලයක් පත් වෙලා ආරක්ෂක මණ්ඩලයට ඇමති කෙනක් දිවුරුම් දෙනවා. ඒ කෙනා අපි හිතමු කිසිම වැරද්දක් නැති රටේ අනාගතය ගැන හිතනම කෙනෙක් කියලා. ඒ කෙනා මුලින්ම දුෂිත නිලධාරින් Top to Bottom ක්‍රමය යටතේ සේවයෙන් පහ කරනවා. ඊට පස්සේ පිරිසිඳු නිලධාරින් සමුහයක් සමඟ මේ System එක හදනවා. 💥🤗
දැන් එතකොට වැරදි කරන මිනිස්සු සල්ලි බලේ පෙන්නලා බේරිලා පැන ගන්නවා. බැරි එකා හිරේ වේලි වේලි ඉන්නවා. දැන් ඒක හැදෙන විදිහ බලමු. 😎👏
දැන් අපි හිතමුකෝ අපේ රටේ ස්ත්‍රී දූෂණ, කුඩු මත්ද්‍රව්‍ය රැගෙන එම සහ විකිණීම, මිනීමැරීම් වැනි අපරාධ කරන දරුණු අපරාධකාරයන්ව සල්ලි බලය මත ඉරණම තීන්දු වෙන කාලයක්නෙ වර්තමානය කියන්නේ. නමුත් අර උඩ කිව්වා විදිහට System එක හැදුනොත් ඕක මේ විදිහට වෙයි.. 🤝👌
අපි හිතමු යම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු මිනීමරන වැඩ, කුඩු වෙළදාම සහ ස්ත්‍රී දූෂණ කටයුතු වලට දරුණු වැරදිකාරයෙක් වෙනවා. එයාව අධිකරණයෙන් එල්ලා මැරීමට තීරණය කරනවා. එතකොට (වර්තමානයේ එල්ලුම් ගස නැති නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවමනේ හම්බෙන්නේ.) එයාව ඇත්තටම එල්ලලා මරනවා. නිකන්ම නෙමේ මිනිසුන් ඉදිරිපිට. එහෙම කරන්න හේතුව මේකයි. 👍👇
මිනිසුන් ඉදිරිපිට මරද්දී මිනිස්සු කාට උනත් බයක් වෙන්න ඕනා, වැරදි කරොත් මේක තමයි දඬුවම කියලා. එතකොට නිකම්ම රට බොහොමත් කෙටි කාලයකින් හැදෙන්න පටන් ගනී. නිකම්ම යුරෝපයේ රටවල් වල වගේ ව අපරාධ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ගනීවි. අන්න එහෙම වෙන්න යන කාලය තමයි අපේ ජිවිතයේ රත්තරන්ම කාලය. එල්ලා මැරීම ලේසි නෑ. මොකද කෙලින්ම ජනාධිපතිට මානව හිමිකම් වලින්, විදෙස් බලපෑම් පවා ඇති වෙන්න පුළුවන්. ඒ උනාට මේ වගේ එකක් දෙකක් වෙන්න ගත්ත ගමන් අපරාධකාරයෝ නිකම්ම බය වෙන්න ගන්නවා. එක්කෝ උනුත් හැදෙයි. නැත්තම් උන් පැන ගනී. නැත්තම් උන්ටත් මේ ඉරණම තමයි. 🤯🤬
අදටත් අළුගෝසු තනතුරට එන්න කැමැත්තෙන් රට ගැන හිතන මිනිස්සු ඉන්නවා. නොඑන්නේ කිසි වැරද්දක් නැති මිනිස්සුන්ව මරන්න බැරි නිසයි. අධිකරණ වලින් සමහර එහෙම තින්දුත් දෙන නිසා. හැබැයි System එක හැදුනු දවසට තනිකර අපරාධ කාරයෝ විතරයි මේ වලින් දඬුවම් විඳින්නේ. එතකොට මේක යුරෝප් වගේ නිතිය දැඩි වෙයි. හැබැයි මිනිස්සුන්ට එක නිදහසට බාධාවක් නෙවෙයි. 🤠😎
අවසාන වශයෙන් සරලවම කිව්වොත් රටේ නීතිය හරියටම වෙන්න ඕනා රට හැදෙන්න. ඒක කරන්නත් ආණ්ඩුවක් පත්වෙන්න ඕනා. දැන් ඉන්න රනිල් - මහින්ද - සජිත් ආණ්ඩු වලින් කවදාවත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා රටේ නිවැරදි මිනිස්සු සියල්ල මුලින්ම කරන්න ඕන දේ, මැතිවරණයක් දිනා ගෙන මේ දේවල් ඉෂ්ට කරන ආණ්ඩුවක් පත් කර ගන්න එක. එතකොට මේ දේවල් ඉබේටම වෙයි. 😎👐
රටේ නිතිය ස්ථාපිත උන ගමන් මිනිස්සු ස්වයං විදිහට වෙනස් වෙනවා. මෙහෙ ඉන්න රස්තියාදුකාරයෙක් ඩුබායි වල රස්සාවකට ගියොත්, ලංකාවට අවුරුදු 5කින් එද්දී වෙනස ඕනෙම කෙනෙක්ට බාලාගන්න පුළුවන්නේ. අන්න ඒ ස්වයං විනය මේ දේවල් ඉටු වෙනකොට අප තුළ ඉබේටම හටගන්නවා කියන එක මට විස්වාසයි. 🇱🇰💓
✍️ ~ UNSTOPPABLE PEARL ~ ✍️
💥 2023.08.12 💥
Dialog mobile සහ Dialog Home Broadband භාවිතා කරන අයටයි මේ විශේෂ නිවේදනය..
ඔයා Dialog mobile භාවිතා කරන කෙනෙක් නම්, ඔයා ඔයාගේ Dialpad 1,
#141 #1 #1 # ගහන්න.. එතකොට ඔයාගේ Star Points Balance එක පෙන්නයි. එතකොට ඒ පෙන්නන අගය රු. 100ට වැඩි නම්, ඒ 100ට වැඩි කොටස ඔයාට භාවිතා කරන්න පුළුවන්..
1 - ඔයාගේ Dialog Bill / Reload කරන්න පුළුවන්..
2 - එක් එක් ආයතන වලින් යම් යම් Offers ගන්න පුළුවන්...
3 - ඒ points Donate කරන්න පුළුවන්...
කුඩා දරුවන් වෙනුවෙන් Little Hearts Programme 1, වකුගඩු අය වෙනුවෙන් Programme 1, මනුදම් මෙහෙවර, ඇට්ලස් සිප් සවි වගේ දේවල් වලට ඔබේ දායකත්වය දෙන්න පුළුවන්..
ඒ දේ කරනවානම්, ඔබේ දුරකථනයෙන්,
#141 #6 # ගහලා ඉදිරියට උපදෙස් කියවලා බලලා ඒ දේ කරන්න...
මේක Dialog Home Broadband තියන කෙනෙක් කරන්නේ මෙහෙමයි..
ඉස්සෙල්ලම My Dialog App 1ට යන්න... ඊට පස්සේ දකුණු පැත්තේ කෙලවරේම තියනවා Menu 1.. ඒකේ ඇති Star Points කියන තීරුව.. ඒකට යන්න.. ඒකේ පෙන්නයි ඔයාගේ Balance 1.. ඊට පස්සේ ඔයාට එතනින් උනත් Donate කරන්න, Bill Pay කරන්න, Offer ගන්න විදිහ කරගන්න පුළුවන්...
වැදගත්ම දේ. මේක අවුරුද්දට දෙපාරක් කල් ඉකුත් වෙනවා.. ජූනි 30 සහ දෙසැම්බර් 31...
ඉතින් අද ජූනි 30... අද රෑ 12 වෙනකන් ඔයාට කල් තියනවා... දන්නේ නැති, කරගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් මාව සම්බන්ධ කරගන්න....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00500