Channel Colombo
26/09/2025
ජීවිතයේ එක්වරක් හෝ පාළු රාත්‍රීන් හී අප අසා ඇති, ප්‍රේමනීය විලාපය,නගන කුඩා කෘමියා
🦗රැහැයියා
◼️ ඒ රැහැයියා නමින් අප හඳුන්වන කුඩා කෘමියා. කනට අමිහිරි වුනත් ඒ හඩ ඔබ දන්නවා ද ඌ ගයන්නේ ඒ අවසාන ගීතය බව?
◼️ අවුරුදු දාහතක් භූගතව සිට, අවුරැද්දෙ එක්තරා කාලයකදී එලිමහනට එන මේ කුඩා සත්වයා, උදෑසනින්ම තම ගීතය ආරම්භ කර, හිරැ මුදුන් වෙද්දී තම නාදය වඩා උත්සන්න කරමින් ක්රමයෙන් හිරු අවරට යත්ම, අප්රාණික ස්වරයක් ගනී. රෑස්ස ගස් ආශ්‍රිතව පෙදෙස් වල වැඩියෙන් ඇසෙන මේ අමිහිරි නාදය, කනට ඉතා නොකන්කළුය.
◼️ ඌ මෙම හඩ නගන්නෙ කටින් යයි අප සිතුවාට ,එය එසේ නොව රැහැයියාගේ මෙම හඬ නැගෙන්නේ, උගෙ බඳෙහි ඇති මාංශපේෂින් තදින් වැදීමෙනි.
◼️ඇත්තටම උගේ ජීවන චක්‍රය ඉතා අද්භූතජනකය. ඔහුගෙ බදෙහි ඇති තාත රජ්ජුව නම් අවයවය සමග මාංශපේෂින් එකට ගැටීමෙන්ය.
◼️ඔහුගෙන් නැගෙන මේ අපගේ කනට අමිහිරි නාදය, ඔහුගේ ප්‍රියම්භිකාවට නම් ඉතා මිහිරිය.
◼️එය ඇයට කොතරම් මිහිරිද කිවහොත්,මේ ප්‍රේමනීය සංගීතයට වශීවන ඇය සිය ප්‍රේමවන්තයා සමග සංවාසයේ යෙදේ.
◼️දින කිහිපයක් ගතවුන කල ගැහැනු සතා ගසක පොත්තක් තුල හෝ අතුරිකිලි අතර බිත්තර දමයි.
◼️සති 6-8 ත් අතර කාලයක් තුලදී රැහැයි බිත්තරයෙන් ශිගුවෙක් පිටතට එයි.අනතුරුව ගසෙන් බිමට වැටෙන ඌ පස හාරාගෙන පොළොව තුලට යයි.
◼️පසේ ඇති,සාරය,ශාක මුල්වල ඇති සාරය ආහාරයට ගනිමින් වසර 17 ක් භූගතව ගත කරයි.තම කාල පරිච්ඡේදය ඉවරවත්ම පොළොවෙන් උඩට එන මේ පංචශිඛයා,සිය හැව ගලවා දමා, වැඩිහිටි රැහැයියකු වේ.එතැන් පටන් ඔහු තම පරම්පරාව ගෙන යාමට දායක වෙමින් සති 4 ක් 6 ක් අතර කාලයක් ජීවත් වේ.
◼️සංවාස කාලය වැඩිහිටි රැහැයියා ජීවත් වන අවසානය කාල පරිච්ඡේදයයයි.ඔහු ගයන්නේ,ඔහුගේ අවසාන හංසගීතයයි.
◼️ඔහු ඒ ගීතය ගයන්නේ බිරිඳක් ගෙන්වා ගැනීමටයි.❤️
◼️17 වසරක්ම පොළොව යට බින්න බසින මෙම තනිකඩයා අනතුරුව එලියට විත් මඟුල් බෙර හඬ නංවා, රැහැයි ධේනුවක් කරකාර බැඳ සති 4ක් හෝ 6ක් මධුසමය ගතකොට, උගේ මලබෙරය වයා අවසන් ගමන් යයි.
උපුටා ගැනීම - අන්තරජාලයයෙන්.
තරූ තිලකරත්න .
ගෞරවය ලිපියේ හිමිකරුට
පලකිරීම . #වෙඩිමුරේඅපි...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01