Newslanka
21/03/2026
ඉරාන බොරතෙල් සදහා අමෙරිකාව ගත් අළුත්ම තීරණය.
https://www.smn24.lk/?p=9896
ඉරාන බොරතෙල් අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ දැඩි සම්බාධක ඉදිරි දින 30 ක කාලය සඳහා තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ පවතින තෙල් මිල ඉහළ යාමේ පීඩනය අවම කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව වාර්තා වේ. ඒ අනුව මෙම ලිහිල් කිරීම අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි දින 30 ක් සඳහා පමණක් වලංගු බවත් මෙම සහනය ලබා දෙන්නේ නිශ්චිත කොන්දේසි මත වන අතර, ඉරානයේ අනෙකුත් දේශපාලනික හා ආරක්ෂක සම්බාධක එලෙසම ක්‍රියාත්මක වන බවත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම නිවේදනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි යම් අඩුවීමක් අපේක්ෂා කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම ආසියානු සහ යුරෝපීය කලාපයේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට මෙලෙස අතිරේක තෙල් තොග වෙළෙඳපොළට පැමිණීම වැදගත් වනු ඇත.
කෙසේ වෙතත්, දින 30ක සහන කාලයෙන් පසුව මෙම සම්බාධක යළි බලාත්මක කරන්නේද නැතහොත් තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව අමෙරිකානු රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo, Western
Colombo
01