Reject the CyberBully
වර්තමාන දියුණු තාක්ෂණයත් සමඟ පුද්ගලයින් වඩාත් අන්තර්ජාල ක්‍රීඩාවන්හි යෙදීමේ වැඩි නැඹුරුතාවක් තිබේ. සමාජ මාධ්‍ය තුළ මෙන්ම අන්තර්ජාල ක්‍රීඩාවන්හිදී සමහර පුද්ගලයින් අනිත් පුද්ගලයින්ට හිරිහැර කිරීමට කටයුතු කරයි. අන්තර්ජාල ක්‍රීඩාවන්හි යෙදීමට සෑම දෙනාටම අයිතියක් තිබෙන නමුත් සමහරුන් එම අයිතිය වළකාලන අයුරින් කටයුතු කරයි. අප සෑම දෙනාම වගකිව යුතු වන්නේ අනෙකාට කරදරයක් නොවන පරිදි තම තමන්ගේ වැඩ කටයුතු කිසිදු කිරීමයි.
එන්න අප හා එක් වී සයිබර් බුලීන් (cyberbullying) පිටුදැකීමටත් එමගින් සිදුවන්නාවූ හානිය අවම වන පරිදි කටයුතු කිරීමටත් දැනගනිමු.
වර්තමාන ලෝකයෙහි අන්තර්ජාල පරිශීලකයින්ගේ වර්ධනයත් සමඟ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය වැඩි වී තිබේ. මෙහිදී සමහර පුද්ගලයින් අනෙකාගේ සමාජ මාධ්‍ය ගිණුම් හැක් කිරීමට පෙළඹීමේ වැඩි නැඹුරුවක් දැකිය හැකිය. විවිධාකාර වූ හේතූන් නිසා මෙවැනි දෑ සිදුවේ. පුද්ගලයෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමක් හැක් වීමකට ලක් වූ විට කළයුතු කාර්යයන් කිහිපයක් තිබේ. ඒවා නම්,
1. කලබල නොවන්න, සන්සුන් වෙන්න.
2. සමාජ මාධ්‍ය ගිණුමෙහි මුරපදය (password) හැකි ඉක්මනින් වෙනස් කරන්න.
3. ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම හැක් වූ බවට අනිත් පුද්ගලයින් දැනුවත් කරන්න.
4. ඔබගේ සමාජ මාධ්‍ය ගිණුමට වෙනත් පුද්ගලයෙකු අනවසරයෙන් පිවිසීම පිළිබඳව සමාජ මාධ්‍ය සේවා සපයන ආයතනයට පැමිණිලි කරන්න.
5. නිරන්තරයෙන් ඔබගේ දුරකථනයෙහි සහ පරිගණකයෙහි වයිරස (virus) තිබේදැයි පරීක්ෂා කර බලන්න.
6. ඔබගේ දුරකථනයෙහි සහ පරිගණකයෙහි තිබෙන සැක සහිත මෘදුකාංග (applications) ඉවත් කරන්න.
7. ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම හැක් වූ බවට තිබෙන සියලුම සාක්ෂීන් රැස් කර, ඒවා අදාළ ආයතන වලට පැමිණිලි කරන්න.
සයිබර් බුලීන් (cyberbullying) පිළිබඳව මෙවැනි වැදගත් තොරතුරු දැන ගැනීමටත් සහ ඒවායෙන් වැළකීමට සිදු කළ යුතු දෑ පිළිබඳව දැන ගැනීමටත් Reject the CyberBully ෆේස්බුක් පිටුව හා එක්වන්න.
What is social media?
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Colombo