Yugathra TV
12/07/2023
යාපනය කොටුව....
11/05/2023
දශක දෙකක් අඩුම , එකම මිලට කොණ්ඩා කැපූ චීනයේ Tang Jinlian
------------------------------
චීනයේ Hunan පළාතේ Changsha නගරයේ නේවාසික ප්‍රජාවක් සඳහා කේශාලංකරණ ආයතනයක් ක්‍රියාත්මක කරන Tang Jinlian මේ වනවිට 71හැවිරිදි වියෙහි පසුවෙයි. ගතවූ වසර 20 කට ආසන්න කාලයක් තුළම ඇය කොණ්ඩා කැපීමේ මිල ඉහල දැමීමෙන් තොරව අඛණ්ඩ ව යුවාන් 3ක (ශ්‍රී ලංකා රුපියල් වලින් 140ක් පමණ) මිලකට ක්‍රියාත්මක කොට තිබෙයි.
Tang Jinlian ගේ දියණිය කුඩා කාලයේ රෝගයකට ගොදුරුව මානසික ආබාධිත තත්ත්වයට ලක් වූ අවස්ථාවේ සමාජයේ බොහෝ අයගේ උපකාර ලැබී තිබෙයි. එයට සමාජයට කෘතගුණ දැක්වීම සඳහා මෙලෙස කටයුතු කරන බවයි ඇය සදහන් කොට ඇත්තේ.
15/02/2023
ජපානයේ සාම්ප්‍රදායික ආහාරයක් වන Noto Shika Arare නමැති වර්ණවත් සහල් විස්කෝතු එරට Shika හි ජනතාව වියළන අයුරුයි මේ. ඇලෙන සුළු සහලින් සාදනු ලබන එම විස්කෝතු වර්ගය සෑම වසරකම මාර්තු මාසයේ සිට අලෙවි කිරීම සිදුකෙරෙයි.
07/01/2023
වාර්ෂික උත්සවයක් වූ ' පිටි ගහගැනීම '
-------------------------------
ස්පාඤ්ඤයේ Ibi නගරයේ, වැසියන් වාර්ෂිකව සිදුකරන මෙම 'පිටි ගහගැනීම' නැත්නම් ' පිටි සටන ' එම Ibi නගර වැසියන් ස්පාඤ්ඤයේ මෝඩයාගේ දිනය සමරන ක්‍රියාකාරකම් වලින් එකක් ලෙස සිදුකරයි. පිටි, බිත්තර ආහාර ද්‍රව්‍යයත් රතිඤ්ඤා වැනි ගිනිකෙලිත් භාවිත කරමින් නගරවාසීහු මෙම ' පිටි සටන ' එක්වෙති.
16/11/2022
ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවමින් නොවැම්බර් 15වෙනිදා ඩොමිනිකන් රාජ්‍යයේ Santo Domingo හි රෝහලක උපත ලද ළදරුවායි මේ...
22/09/2022
පාකිස්ථානයේ ජාතික ක්‍රීඩාව වන Kushti නමැති සාම්ප්‍රදායික මල්ලවපොර ක්‍රීඩාව වසර දහස් ගණනක සිට පැවත ඉන්දු-පාකිස්ථාන මල්ලවපොර විශේෂයක් වෙයි. මේ පාකිස්ථානයේ ලාහෝර් හි පැවැත්වෙන, Kushti සාම්ප්‍රදායික මල්ලවපොර තරඟයට එක්ව සිටින ක්‍රීඩකයින් පිරිසකි.
16/08/2022
ඉන්දුනීසියාවේ සුලවේසි ගම්මානයක පැවති සම්ප්‍රදායික ගොන් කරත්ත ධාවන තරඟයකි මේ. වී අස්වනු වෙනුවෙන් ගොවීන්ට කෘතඥතාව පළ කිරීම සහ උසස් තත්ත්වයේ ගව පාලනයට ඔවුන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
07000