BooBoo
අපි හිතනවට වඩා හානිය ගොඩක් විශාලයි. 😭
අපි තාම දැක්කේ පොඩ්ඩයි.. 🥺
🙏❤️
30/11/2025
ග්‍රීන්විච් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ ඒඩ්‍රියන් බාර්නට් කියන්නේ, “ජල උෂ්ණත්වය 10 °C වැඩි වීම අසාමාන්‍ය බවයි.. ඒ වගේම මෙතරම් ජල පරිමාවක් උණුසුම් කිරීමට අවශ්‍ය ශක්තිය විශ්මයජනකයි” කියලා.
2023 වසරේ බ්‍රසීලයේ ඇමසන් වනයේ ජල උෂ්ණත්වය 41 °C (105.8 °F) දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හේතුවෙන් රෝස ගංගා ඩොල්ෆින් සහ ටුකුක්සිස් වගේ ඩොල්ෆින් 200ක් මියගිහින් තියෙනවා. සතියක් තුළ ටෙෆේ විලෙහි දේශීය ඩොල්ෆින් ජනගහනයේ 10%ක් අතුරුදහන් වී තිබෙනවා.
ඒ සඳහා හේතු වන්නේ වලාකුළු රහිත අහස, අඩු ජල මට්ටම්, දුර්වල සුළං සහ උණුසුම් ජලය. මේවා සාගර උණුසුම සහ එල් නිනෝ සමඟ එකතු වෙලා ඩොල්ෆින් මරණයට හේතු වෙලා තියෙනවා.
නව අධ්‍යයනයකින් පෙන්වන විදිහට 1990 සිට ඇමසන් ගංඟා තුල ජල උෂ්ණත්වය දශකයකට 0.6 °C කින් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි උණුසුම් සිදුවීම් ජෛව විවිධත්වයට සහ දේශීය ප්‍රජාවන්ට බරපතළ බලපෑමක් ඇති කරනවා.
ඇමසන් වනය ලෝක ජලයේ පහෙන් එකක් අඩංගු වෙලා තිබෙන නිසා, මෙවැනි ආපදා අඩු කිරීමට පෝසිල් ඉන්ධන භාවිතය අඩු කිරීම වගේ ගෝලීය ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි. පර්යේෂකයින් කියන්නේ, මෙම උණුසුම් සිදුවීම් නැවත සිදුවිය හැකි බවයි.
Source: Koumoundouros, T. (2025, November 12). Amazon Lakes Became Hotter Than a Hot Tub, Killing Hundreds of Dolphins. Science.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
කොල්ලුපිටිය
Colombo