Hasindu Chamod
කුණාටු මධ්‍යයේ සිට ගන්නයි මට කීවේ .....
📎
මේ ගීතිකාව ඔයාල අහල ඇති අපි හැමෝම ප්‍රීතියෙන් කෑ ගහලා ලස්සනට ගීතිකාව කියලත් ඇති.
හැබැයි ඇත්තටම කුණාටුව මැද්දෙදි අපි ශක්තිමත් ද පල්ලියෙදි කෑ ගහලා කියන තරම් දෙවියන්වහන්සේව විශ්වාස ද ?
ඉවසිලිවන්තව ඉන්න පුළුවන් ද ?
ඇත්තටම ගායනා කරන තරම් ඒක ලේසි නෑ.
අපි හැමෝටම එහෙමයි.
යේසුස්වහන්සේව ඒ වගේම එයාගේ සේවය ඇස් වලින් ම දැකපු ගෝලයන්ගෙත් එකම කෙනයි එදා ඇහුවේ ඒ සැඩ සුළඟ මැද කුණාටුව මැද ජේසු වගේම මුහුද මැද ඇවිදගෙන එයා ළඟට එන්නද කියලා,
පෙනි පෙනී ඉඳලත් හුළං සැර දැකලා ඒ මැද්දෙ ගිලෙන්න ගියා.
ඇදහිල්ල කියන්නෙ හරි පුදුම දෙයක් ඒක කාටවත් ගණන් කරන්න බෑ වෙන් කරලා තියාගන්න බෑ. ඕනම මොහොතක දි කම්පනයක් ඇති කරන්න පුළුවන් බොහෝ දේවල් එදාටත් වඩා අද තියනවා.
ඉතින් ඔයත් මාත් ඉන්නෙ ඒ වගේ මුහුදක් මැද
ගොඩාක් දේවල් ඔයාගේ වටේ දකින්න තිබුනත් ඇහුනත් මරණය පරාජය කරපු ඇදහිල්ල, පණ දුන්නාවූ ප්‍රේමණීය යේසුගේ ආදරය විශ්වාස නම්
ගිලෙන්න ගිය පේදුරුගේ අත අල්ලලා උඩට ඔසවලා අරගෙන එක්කගෙන ගියා වගේ ඔයාවත් මාවත් මරණය පෙනි පෙනී තිබුනත්
මුකුත් නෑ වගේ පෙනුනත් දැනුනේ නැතත්
කිසි වෙනසක් නැතුව ඔයාවත් මාවත් අරගෙන යනවාමයි ගිලෙන්න නොදී.
මේ වෙලාවෙ ඔයා ශක්තිමත් වෙන්නම ඕන.
ඇසීමෙන් ඇදහිල්ල වර්ධනය වෙනවා.
අහන්න ඔයාගේ විශ්වාන්තයගෙ ප්‍රේමණීය හඬ.
❤️✨️
15/06/2025
හැම දේම කරගන්න මට පුළුවන්.සල්ලි තියනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්.
මේ හැමදේම මම කරගත්ත දේවල්.
👆 ඔය ඔක්කොම දේවල් නැති වෙන්න එක මොහතක් ඇති බවත් මතක තියාගන්න.
අධිතක්සේරුව අවතක්සේරු කරන්න එපා. ඉතා ඉක්මනින් ඊළඟ විනාඩියේදී වෙන විදියකට තත්ත්වෙකට වෙනස් වෙන්නත් පුළුවන්.ඒක දැනගෙන ජීවත් වෙමු.
මම කියලා මගේ කියලා දේවල් නෑ.
එහෙම තිබ්බත් බොහොම පොඩි වෙලාවකට.
හැම වෙලේම ස්තුතිවන්ත සිතක් ඇතුව ඕනෙම දෙයකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් විදිහට දිවි ගෙවන්න.
එක දෙයක් කියන්න කැමති මොන දෙයක් නැති වුනත් කිසිම කෙනෙක් නැතත් කිසිදා නොවනස් නැති නොවන ජීවමාන ආදරයක් ඔබට හිමියි.
ඒ තමයි ඔබ වෙනුවෙන් පමණක්ම ඉදිරිපත්ව සිටින ජේසුගේ ආදරය ඒක විතරක්ම බලාපොරොත්තු වෙන්න.
එය පමණක්ම විශ්වාස කරන්න.
19/02/2025
ඉහළට ලැබෙන්ට යුතු ප්‍රශංසාවේ කිසිම කොටසක අයිතිකරුවෙක් වෙන්න කිසිම කෙනෙකුට යෝග්‍ය නැත.
මන්ද සේවකයාගේ මැදිහත් වීම්වල ක්‍රියාවන් වල ප්‍රශංසාව ලැබෙන්නේ එම සේවකයාව සේවයට පත් කල තැන්තාටය.
සේවකයාට ගෞරවය ලැබෙන්නේ ලැබිය යුත්තේ හිමිකරුවාගෙන් පමණි.
මැදිහත්කරුවනි හිතේ කොනකින් වත් ඔබට නොයුතු දේවල් නොලැබිය යුතු දේවල් ගැන බලාපොරොත්තු සහ ප්‍රකාශන
තබා නොගන්න.
මුඛයෙන් නොවේ හදවතින් එලෙස කරන්න වග බලාගන්න !
නැත්නම් ඒ ආත්මාර්ථය ඔබටත් නොදැනීම ඔබව වැරදි පැත්තක රදවනු ඇත.
31/12/2024
දෙවියන් වහන්සේට යටහත් වීමත්,දේව හඬට අවනත වීමත්, ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ දෙස බැලීම පමණක් සෑහේ දෙවියන්වහන්සේ ඔබට දුන්නාවූ පොරොන්දුු ආශිර්වාද ඔබ වෙතට පැමිණීමට.වෙන අමුතු දේවල් ඒ වෙනුවෙන් කරන්න යන්න එපා.දෙවියන් වහන්සේ කිව්වා කියලා තමන්ට ඕන දේවල් කියන මිනිස්සු දිහා බලන්නත් එපා.2025 වෙන්නෙ මොනාද කියලා සාස්තර අහන්න යන්නත් එපා!
මොන දේ වුනත් ඉදිරියේදී දෙවියන්වහන්සේ ඔබ සමග සිටින බව නිසැකවම විශ්වාස කරන්න.දෙවියන් වහන්සේගේ වචනය විතරක්ම විශ්වාස කරන්න එයයි සැබෑ ආශිර්වාදය!
25/12/2024
නත්තලේ විශ්මය මත විශ්වාසය තබන්න !
(This is deep☝️)
✨ ️Let the truth of Christ be celebrated !
Happy Christmas !
Click here to claim your Sponsored Listing.
Category
Contact the place of worship
Website
Address
Colombo