Gossip 1st

Gossip 1st

Share

07/06/2026

නොරෝච්චෝල දළුව මෝය කටේ දිය නාමින් සිටියදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඊයේ (06) මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය එන්.එච්.එස් මාර්ගයේ පදිංචිව සිටි 21,17,සහ 25 හැවිරිදි වියේ පසුව එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරයෙකුය.

මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස දියේ ගිලී මරණයට පත්වු 25 හැවිරිදි මොහොමඩ් ස්මත් මොහොමඩ් උසාම් සිංගප්පුරුවේ අවහන්හල්වල සේවය කරමින් සිට මාස කිපයකට පෙර නිවාඩුවට පැමිණ සිටි අයෙකි.

ඔහු පසුගිය 5 දින නැවත රැකියාව සඳහා විදේශ ගතවීමට නියමිතව තිබුණද නැවත දින ඉල්ලා තවත් සති කිපයකින් විදේශ ගතවීමට නියමිතව තිබුණි.

මියගිය මොහොමඩ් ස්මත්ගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇත්තේ,

"අපේ නෑදැයෝ අවුරුද්දකට වතාවක් පුත්තලම තිල්අඩියට එනවා ඒ ආපුහාම අපි සියලු දෙනාම මුහුදේ හෝ ගගේ නාන්න යාම පුරුද්දක්. ඒ නිසා අපි 15ක් විතර ලොරියකින් නාන්න ආවේ ගෙදරින් කෑම හදාගෙන. ඒ ඇවිත් එතන වතුරට බැහැලා අපි කීප දෙනෙකු බැලුවා ගැඹුරද කියලා. අපේ දනිස් මට්ටමට තමා වතුර ති‍බුණේ. ඒ නිසා අපේ පොඩි ළමයි තුන් හතර දෙනෙක් බැහැලා නෑවා.එහෙම තැන තැනට තමා අපේ අනිත් කට්ටිය බැහැලා නැවේ. නංගිලාගේ දුවලා දෙන්නා මෝය කටේ නාමින් ඉද්දී එක පාරම දියේ ගිලෙන්න ගත්තා. අපේගෑනු කට්ටිය කෑගැසුවා. දුවලා දෙන්නා බේර ගන්න අපේ පුතා වතුරට පැන්නා .මමත් ඒ එක්කම පැන්නා. මම දුවලා දෙන්නාගේ කොණ්ඩවලින් අරන් උඩට ආවත් දුවලා දෙන්නා නැවතත් වතුරට ඇදගෙන ගියා. දුවලා බේර ගන්න හදපු පුතාත් දියේ ගිලි ගියේ මගේ ඇස් දෙක ඉදිරිපිට මට කර ගන්න දෙයක් නැතිව ගියා. මම විනාඩි දහයක් විතර ජලයේ පොර බැදුවත් ඒ තුන්දෙනාම මට බේර ගන්න හැකි වුනේ නැහැ,"

මේ අතර, මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය පැවැත්වු පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක බදුර්දින් මොහෙමදින් හිසාම් මහතා මෙලෙස පවසන්නට විය.

"මම දැන් අවුරුදු 15 ක් වැඩි කාලයක් හදිසි මරණ පරික්ෂක ලෙස ලෙස කටයුතු කරනවා. මේ ස්ථානයේ මේ වන විට සිදුවු දියේ ගිලිම් හේතුවෙන් සිදුවු මරණ 20කට ආසන්න සංඛ්‍යාවක මරණ පරික්ෂණය කර තිබෙනවා. මෙම මරණ තුනට අමතරව .මේ ස්ථානය ඉතාමත් අනතුරුදායක තැනක් නමුත් මේ වන විටත් ඒ ස්ථානය කිසිම බළධාරියෙකු අනතුරුදායක බව දැක්වු පුවරු දක්වා නොමැති වීම කණගාටුදායක තත්ත්වයක්. මොකද එලෙස අනතුරුදායක බව පුවරු දැම්මා නම් අඩුම තරමින් නාන්න එන පිරිස ඒ ගැන අවධානය යොමු කරනවා"

සිද්ධිය සම්බන්ධයෙන් නොරෝච්චෝල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Photos from Gossip 1st's post 31/05/2026

පුලුවන් තරම් මේ පින්තුර share කරලා මුන්ව හොයාගන්න උදව් කරන්න..

මෙච්චර පැහැදිලි පින්තූර තිබිලත් මුන්ව හොයාගන්න බැරිවුනොත් Sri Lanka Police ආයේ නං කතාකරලා වැඩක් නෑ..

මිනිස්සු අපරාද වලට බය කරන්න නම් අදාල නීතිමය කටයුතු වල ප්‍රගතිය කරුනාකරලා ප්‍රසිද්ධ කරන්න. එකෙන් අපරාද කරන උන් බයවෙනවා අනික් අතට මේ taxi රස්සාව කරන උන්ගේ බය නැති වෙනවා..

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
Colombo
70101