Dasun Marasinghe
Welcome to the official page of Dasun Marasinghe, Colombo District Parliamentary General Election Candidate 2024 in the NDF and the General Secretary of Nawa Nidahas Sabhagaya 🇱🇰 Practice Positive Thinking. Act The Way You Want To Be And Soon You Will Be The Wey You Act ~
2016 : Mutukudha
2017 : Urumayaka Aragalaya
2018 : Ahas Maliga
2019 : Husmak Tharamata
2020 : Oba Nisa
2021 : Daam
[email protected]
Official TV Channel : Dasun TV
Road To Campus Academy
31/12/2025
"සුභ නව වසරක් වේවා! ධනවාදී ආකල්ප සමඟ 2026 නව වසරේ අභියෝග ජය ගැනීමට එක්ව පෙරට එන්න" 🇱🇰
දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු සංවර්ධිත දියුණු රාජ්‍යයන්හි ඉතිහාසය සොයා බැලීමේදී තහවුරු වන්නේ එම සෑම දියුණු රාජ්‍යයක් තුළම ධනවාදී ආකල්ප සපිරි ජන සමාජයක් සිටිය බවය. යහපත් ආර්ථික, දේශපාලන හා සමාජීය පසුබිමක් ගොඩනැගීම රාජ්‍යයක පාලකයන්ගේ වගකීමක් පමණක් වූවද රටේ ජනතාවටද වගකීමක් ඇත. විශේෂයෙන්ම ආර්ථික මෙන්ම ආකල්ප තුළින්ද බංකොළොත්ව පවතින ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් සිදු වන්නේ සාම්ප්‍රදායික ලෙස පවතින දේශපාලන ක්‍රමය විවේචනය කීරිම පමණි. ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම කළ යුත්තේ ධනවාදී අදහස් සහිත යහපත් ආකල්ප වලින් යුතු සමාජයක් ගොඩනැගීමට කටයුතු කිරිමය.
අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට යහපත් ආකල්ප තුළින් ශ්‍රි ලංකාව යළි ගොඩනැගීමට 2026 නව වසරේ අදිටන් කර ගනිමු.
දසුන් මාරසිංහ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක,
ප්‍රධාන ලේකම්, නව නිදහස් සභාගය
25/12/2025
සුභ නත්තලක් වේවා! 🎄
සාමය, සහජීවනය හා සමගිය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීමට කැපවන අරුත්බර නත්තලකට සැමට සුබ පතනවා” ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තල් දිනයක අසිරිය අද දින මුළුමහත් ලොවටම දැනෙමින් තිබේ. බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක, ගව ඔරුවක උපත ලැබූ බව කියැවෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ලොව සුවපත් කළ ආගමික ශාස්තෘවරයකු ලෙස සිය දිවිය කැප කළේ පීඩාවට පත්වූ ජනතාවට යහපත් හෙට දිනයක් නිර්මාණය කොට දීමටය.
’සාමය, සහජීවනය හා සමගිය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම’ අරමුණු කොටගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන මෙම උතුම් නත්තල් දිනයෙහි, ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් වෙනුවෙන් අපගේ හදපිරි සුභ පැතුම් පිරිනමන්නෙමු.
දසුන් මාරසිංහ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක,
ප්‍රධාන ලේකම්, නව නිදහස් සභාගය
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Colombo
01