Ada Gasma

Ada Gasma

Share

21/11/2024

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල නව පාර්ලිමේන්තුවේ කථානායක ධූරය සඳහා ලෙස තේරී පත් වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කර තිබුණා.

16/11/2024

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබෙනවා.

15/11/2024

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට වත්මන් අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය සමත් වී තිබෙනවා.

ඒ් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මනාප 655,289 ක් ලබා ගනිමින්.

මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රනිල් වික්‍රමසිංහයි. ඒ 2015 මහ මැතිවරණයෙන් මනාප 500,566ක් ලබා ගනිමින්.

15/11/2024

පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලය ජාතික ජන බලවේගයට

මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලට අනුව ආසන 123 සීමාව ඉක්මවා යමින් 2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගන්නට ජාතික ජන බලවේගය සමත් වුණා.

24/09/2024

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද දිවුරුම් දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාස ගත වනවා. එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ 16 වැනි අගමැති වනවා.

2020 මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඔස්සේ පාර්ලිමේන්තුවට පත්වූ ඇය දේශපාලනයට පිවිසීමට පෙර නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කර තිබෙනවා.

දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සිය ප්‍රථම උපාධිය ලෙස හිමිකර ගෙන ඇති අතර ඇය සිඩ්නිහි මැක්වරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තිබෙනවා.

2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගත්තා.

www.gasma.lk

22/09/2024

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වුණා. ඔහු සැප්තැම්බර් 23 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


320, T. B JayaMawatha
Colombo