Vocational Training Institute

Vocational Training Institute

Share

Our aim is to deliver learning opportunities associated with the latest tech aspects; to learners ranging from the school level to the corporate top management level .

14/05/2023

❤️❤️❤️ආදරෙයි ගොඩාක්
තුන් ලෝකයම රැකී...
ඈ මහ පිරිත වැනී...
සසරම අත් නොහරී අම්මා...
ආදර මව්වරුනේ,
මහමායාවරුනේ,
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏

14/01/2022

සැමට සුභ ‍තෛයි‍පොංගල් දිනයක් වේවා....

24/12/2021

උපුටා ගැනිමකි (CCTV Tech Form)

මම දැකපු විදියට සමූහයේ ගොඩක් නවකයන් ඉන්නවා ඒ අයට තියෙන ප්‍රශ්න සහ ඒ අයගේ අඩුපාඩු ටිකක් සරලවම පෙන්නලා දෙන්න මේ පෝස්ට් එක ලිව්වේ.තේරුම් ගන්න පුලුවන් විදියට.ගොඩක්ම පෝස්ට් එක ලියන්න හේතු උනේ මේ ටිකේ සමූහයේ දැක්ක පෝස්ට් ටිකක්.
🤜කැමරා ගහන්න කස්ටමර් කෙනෙක් අහපු ගමන් එකපාරටම ගනන් කියන්න එපා.මුලින්ම යන්න කැමරා ගහන්න ඕන තැනට,ගිහින් එතන නිරීක්ෂණය කරන්න.ඕන වෙන කැමරා මොනවද බලන්න,ගහන්න පුලුවන් තාක්ෂණය මොකද බලන්න(IP/Analog),කස්ටමර්ගේ අවශ්‍යතාවය අහන්න.සේරම බලලා Price list එකක් හදලා කස්ටමර් පෙන්නලා විස්තර කරන්න.ගන්න අඩු කරන්න පුලුවන් දේවල් කියන්න වෙනස් කරලා,වෙන තැනකින් අඩුවට කරනවා කිව්වොත් බය නැතිව කියන්න එතනයි ඔයාගෙයි වෙනස.ගොඩක් වෙලාවට ඒ වගේ අඩු තැනකින් කරගත්තොත් ඒ වැඩේ රෙපයාර් එකක් හරි ආයේ ඔයාට එනවා ශුවර්..
🤜වගකීම් කාලයක් දෙනවා නම් පැහැදිලිව සදහන් කරන්න,පැහැදිලිව කස්ටමර්ට කියන්න.පුලුවන් නම් මාස 6කට සැරයක්වත් පොඩි විසිට් එකක් දාලා බලන්න.ඒත් බැරිනම් අඩුම තරමේ කෝල් එකක් දිලා අහන්න "සර් කැමරා ටික වැඩ නේද කියලා"වත්
🤜ගනන් අඩු කරන්න කියලා Used Hard disk දාන්න එපා.ඒ දාලා Warranty දෙන්නේ කොහොමද?ඔයාට උපරිම උනොත් Used වලට Warranty ලැබෙයි මාස 6ක්.
🤜වයරින් එක ගහලා කැමරා සෙට් කරලා Video ආපු පලියට වැඩේ ඉවර කරන්න එපා.කැමරා ටික හරියට සෙට් කරන්න කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව,Date Time හදන්න,Hard එක Format කරන්න,Recording Settings හදන්න,හදලා Record වෙනවද බලන්න.Default Login Id/Password වෙනස් කරන්න.අලුත් Password/Id කස්ටමර්ට දෙන්න,ඔයත් පුලුවන් නම් පොතක හරි Excel file එකක් හරි Save කරගන්න.
🤜වැඩේ ඉවර උනාට පස්සේ කස්ටමර්ට පොඩි ට්‍රේනින් එකක් දෙන්න කොහොමද DVR එක ඔපරේට් කරන විදිය.Record බලන විදිය,Backup ගන්න විදිය වගේ දේවල්.ඒක ඔයාට ලේසි හදිස්සියකදී උනත්.
🤜IP ගහනවා නම් ගහන්න කලින් Networking/ip addressing/NVR ගැන පොඩි හරි අවබොදයක් ගන්න.google එකෙන් ඕනතරම් ගන්න පුලුවන්.(මම මේ ලගදී දැක්කා ip ගහනේ මොන colour code එකද කියලා අහලා තිබ්බා ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්).
🤜වයරින් කරද්දී මොන විදියට කලත්(IP/Analog) හොද කේබල් ගන්න.හොද කේබල් වර්ග ගැන සමූහයේ අයගෙන් අහන්න.එයාලා උදව් කරයි.මුලින් ලාභයක් ගන්න හිතාගෙන අඩුවට තියෙන කේබල් ගන්න එපා.ඒක ඔයාට ඒ වෙලාවට ලාභ උනත් කල් යද්දී රෙපයාර් එකක් ආවොත් ඔයාටමයි පාඩු.අවුරුද්දක් දෙකක් warranty කිව්වාම ආයේ කස්ටමර්ට කියන්නේ කොහොමද කේබල් මාරු කරන්න ඕනේ කියලා?
🤜BNC jack සෙට් කරනකොට පුලුවන් නම් සෝල්ඩර් කරන්න,කරලා හීටි ස්ලීව්ස් දාන්න,වෙලා යනවා තමයි හැබැයි ලෙඩ අඩුයි.හොද jack වර්ගයකින් ගන්න.මොකද ඉරි යන වගේ ප්‍රශ්න වලට ගොඩාක්ම හේතුව තමයි BNC jack වල එන ප්‍රශ්න..
🤜වයරින් එක කරද්දි පිළිවෙකට කරන්න කේසින් පාවිච්චි කරන්න,එලියේ වගේ නම් PVC water pipe දාන්න.වතුර යන්න පුලුවන් තැන් වලට සිලිකන් දාන්න.Flexible hose පාවිච්චිය පුලුවන් තරම් අවම කරන්න බලන්න.වයරින් එක කාලයක් ඩැමේජ් එකක් නොවෙන විදියට කරන්න.
🤜Cabin එකක් දානවා නම් පුලුවන් තරම් උඩකින් සෙට් කරන්න බලන්න.ඒක ආරක්ෂාවට හොදයි.කස්ටමර් ඉල්ලුවොත් විතරක් එයාට ඕන තැනින් සෙට් කරලා දෙන්න.
🤜Camera System එක විදුලිය ගන්න වෙනම ලයින් එකකින්.පුලුවන් නම් බ්‍රෙකර් එකක් හරහා දෙන්න ආරක්ෂාවට.මම ගොඩක් දැක්කා ලගම තියෙන Wall Plug එකෙන් ගන්නවා විදුලිය.එහෙම කරන්න එපා.මේ සේරම හරියට,පිලිවෙලට කරන්න බෑ තමයි අද යන තරගයත් එක්ක.ඒත් ඔයා ඔයාගේ වැඩේ හරියට කරන්න.කස්ටමර්ට කෙලින්ම පැහැදිලි කරලා දෙන්න.තරගෙට නෙමෙයි ඔයා ඔයාගෙම ගමනක් යන්න ඔයාගෙම මිලක් එක්ක.ගනන් වැඩී නෙමෙයි .ගනන් වැඩි උනත් වැඩ සුපිරියි කියන තැන හදාගන්න.සියලුම දෙනාට ජයවේවා.
අඩුපාඩු තියෙනවා කියන්න .පෝස්ට් එක වෙනස් කරමු.මොකද මාත් තාම නවකයෙක්😁
Vikum

24/12/2021

මෙම නත්තලේ ඔබට සහ ඔබේ පවුලේ සියලු දෙනාටම නීරෝගීමත්, සතුට, සාමය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරමු.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


High Level Road, Maharagama
Colombo
10280