Dr. Seneth Gajasinghe

Dr. Seneth Gajasinghe

Share

16/01/2023

මහජන සේවය පිණිසයි....
දිනෙන් දින අදුරු වන සමාජය තුළ ඔබ කිසිවකු අනවශ්‍ය ලෙස විශ්වාස කල යුතු යැයි මම විශ්වාස නොකරමි. එලෙසම වෛද්‍ය ක්ෂේත්‍රයේ දත්ත අනුව ලංකාව තුල සැබෑ වෛද්‍යවරුන්ට වඩා ව්‍යාජ වෛද්‍යවරු වැඩි ගණනක් සිටී. එනිසා සියළු රෝගීන් තමා බාවිතා කරන බෙහෙත් ගැන දැනුවත් වීම වටී. එසේම දිගු කාලීන රෝග වලින් පෙළෙන අය තම බෙහෙත් දැන ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඇත්තටම තම බෙහෙත් මොනවාදැයි දැන ගැනීම හෝ ඒවා මොනවාදැයි මතක තබාගැනීම ඔබ හිතන තරම් අපහසු නැත. ඇත්තෙන්ම එය අපහසු කර ඇත්තේ අවුෂධ (බෙහෙත්) මාෆියාව විසිනි.
බෙහෙත් සදහා නම් දෙකක් ඇත. එකක් ජෙනරික් නම නැත්නම් අවුෂධ නාමය ලෙස හැදින්වේ. අනික කොම්පැනි නාමය නැත්නම් බ්‍රෑන්ඩ් නේම් ලෙස හැදින්වේ. එක් බෙහෙතක් සදහා අවුෂධ නාම ඇත්තේ එකකි. නමුත් එකම බෙහෙතට බ්‍රෑන්ඩ් නේම් සිය ගණනක් තිබිය හැක. ඔබට ඔබ ගන්නා බෙහෙත් පිළිබද දැනගැනීම සංකීර්ණ කර ඇත්තේ මෙම තේරුමක් නැති ක්‍රියාව මගිනි. එසේම තමන් අනෙකුත් වෛද්‍යවරුන්ට වඩා විශේෂී බව පෙන්වීමට තම හැකියාව බාවිතා කරනවා වෙනුවට ගණන් වැඩි බ්‍රෑන්ඩ් නේම් හේතුවක් නැතිව බාවිතා කිරීමට ඇතැම් වෛද්‍යවරු පෙලබී තිබීමද කණගාටුදායකය.
ඔබ ඔබගේ බෙහෙත් මතක තබා ගත යුත්තේ අවුෂධ නාමයෙනි. ඔබ ඔබගේ බෙහෙත් වල අවුෂධ නාම දැනගත් දින ඔබ සිතු පවුද්ගලික වෛද්‍ය සේවයේ අශ්චර්යන් මෙන්ම මිල අධික බෙහෙත් තුන්ඩු වල ඇතැයි සිතූ මිරැකල් බෙහෙත් යනු මායාවක් බව ඔබට වැටහෙනු ඇත.
මතු සම්බන්ධයි ......

16/01/2023

If you have any hope to build this country, learn to ignore the opinions of those who were formed for Lal's story in important political discussions

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Boralasgamuwa
Colombo