Unseen Medical World

Unseen Medical World

Share

17/12/2025

ඔයාලට මේ page එක වැදගත් ද ලමයි?
එහෙම නම් මට ආයේ medical study වලට අවශ්‍ය දේවල් නැවත දාන්න පුලුවන්
🙂👍

18/03/2023

වෛද්‍යවරයකු වශයෙන් විශේෂයෙන්ම පුසව නාරි වෙිද.හෝ ලමා රෝග sections වල වැඩ කරන විට.
මුහුන දෙන අනු වෙිදනීයම අත් දැකීමක් ..anencephalic baby...

Neural tube එකේ බරපතල වර්ධන වෙනස් කමි නිසා....මෙි දරැවන්ගේ මොලය හා.හිස්කබලේ වැඩි කොටසක් හැදිල නෑ....

මම මෙවැනි දරැවන් කහිප දෙනෙක් දැකල තියෙනවා...

මෙි අය ජීවත් කරන්න බෑ.ඉපදිලා ටික වෙිලාවකින් මැරෙනවා...මෙි ලගදී මෙි පුදේශයේ සිදුවූ එවැනි උපතක් මට අතීතය මතකයක් හිතට ගෙනාවා..

එතකොට මම Teaching hospital එකක.labour room එකේ වැඩ කලේ...දොස්තර රස්සාවට ආපුම කාලේ....

මෙි වගේ දරැවෙක් බිහි වුනා....

මැරෙන්න පැත්තකට දාල තිබුනේ ....

අතපය ගගහ දගලනව ...බලන් ඉන්න බෑ...

මම පාන් තිරයක්.dextrose වතුරෙන් පොගවල කටෙි තිබිබ ..කිරි උරන්න ලදරැවෙකුට මොලය.අවශ්‍ය නෑ.ඒක.reflex.එකක් .
අනේ ලේන් පැටියන්ට කිරි පෙවනවා වගේ බීගන බීගන ගියා...

මම කැඩිචිච incubator එකක් හොයාගෙන ඒකට දාල ..dextrose පෙවිවා දිගටම කවුරුත් දන්නෑ .

අමිම අඩු ගානේ බලන්න වත් ආවෙි නෑ...

දැන් මැරෙයි මැරෙයි කියල හිතුවට දවස් හතරක් හිටිය...මම dextrose පොවනව කියල කටිටිය දැන ගත්තෙම නෑ..හැමොිටම පුදුමයි .

හතරවෙන දවසේ.dextrose බොන්න කට අරින්න හැදුවට...කට ඇරගන්න බැරිවුනා...මුලු ඇගම ගැහෙන්න ගත්ත ....

මට එතකොට බබලා හිටියේ නෑ.බැදලත් නෑ.

මගේ adopted baby.....

එයාගේ පපුව ගැහෙන එක.නතර වෙනකන් ..එයාට හැගීමි දැනෙන්න මොලයක් නැතත්..
මම පුතාගේ චූටි අත්දෙක අතගෑව....

පිනක් කරහම සමහර වෙලාවට තාම මට එයා මතක් වෙනවා..

Dr Uthpala

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00