Next Gen News AI

Next Gen News AI

Share

31/12/2025

වකිටා... මුළු ලෝකෙන්ම ඉන්නේ සත්තු 10ක් විතරයි. ඉතාමත් ලැජ්ජාශීලී සහ මිනිසුන්ගෙන් වැළකී ජීවත් වන සත්ත්වයෙකු ලෙස සැලකෙන වකිටාවන් මුල්වරට සාගර විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලබන්නේ 1958 වසරේදීය.

1997 වසරේ සිදුකළ සමීක්ෂණයකදී වකිටාවන්ගේ සංඛ්‍යාව 567ක් ලෙස වාර්තා වුවද, මිනිස් ක්‍රියාකාරකම්වල අඳුරු ප්‍රතිඵලයක් විදියට අද වන විට එම සංඛ්‍යාව 7ක් 10ක් අතර ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා.

මෙයාලා ඉන්නේ මුළු ලෝකෙන්ම මෙක්සිකෝවේ උතුරු කැලිෆෝනියා බොක්කේ ආශ්‍රීත නොගැඹුරු මුහුදේ විතරයි.ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක වකිටාවන් ස්වභාවිකව අපිට දකින්නට ලැබෙන්නේ නෑ. මේ කාරණය වකිටාවන්ගේ වර්ධනය තවත් අවදානම් තත්ත්වයකට පත් කර තිබෙනවා.

වකිටාවන්ගේ ශාරීරික ලක්ෂණද හරිම සුවිශේෂයි. ඔවුන්ගේ ඇස් වටා කළු වටකුරු ලප, මුව වටා සිනහවක් මෙන් පෙනෙන කළු රේඛාව, සහ අළු පැහැති ශරීරය වකිටාවන්ට සුවිශේෂී හැඩයක් ලබා දෙනවා.

ඔවුන්ගේ ආයු අපේක්ෂා කාලය වසර 20ක් පමණ වනවා.

වකිටාවන් දිගින් මීටර් එකහාමාරක් පමණ වන අතර බරින් කිලෝග්‍රෑම් 45 ත් 50ක් පමණ වෙනවා.

වකිටාවන්ගේ ප්‍රියතම ආහාරය කුඩා මාළු විශේෂයි.

මෙක්සිකෝ රජය සහ විවිධ ජාත්‍යන්තර පරිසර සංවිධාන වකිටාවන් ආරක්ෂා කිරීම සඳහා නිරතුරුව උත්සාහ කරමින් සිටියත්, එරට නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තය තවමත් ඊට දැඩි අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

වකිටාවන් අල්ලාගෙන අභිජනනය කිරීමට ගත් උත්සාහයන් ද, සත්ත්වයන්ට ඇතිවන දැඩි ආතතිය හේතුවෙන් අසාර්ථක වී ඇති බව වාර්තා වන්නේ.

නමුත් මෑතකදි බිළිඳු වකිටාවන් කිහිප දෙනෙක් විද්‍යාඥයන්ට නිරීක්ෂණය වී තිබීම තවමත් මේ වර්ගය සුරකින්න පුළුවන් බවට මානව වර්ගයාට සුළු හෝ අස්වැසිල්ලක් ලබා දි තිබෙනවා

වකිටාවන් මිහිමතින් අතුරුදන් වුවහොත් එය නූතන ඉතිහාසයේ මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වන පළමු සාගර සත්ත්වයා වර්ගය බවට පත්වන නොඅනුමානයි. එබැවින්, වකිටාවන් සුරැකීම යනු එක සත්ත්ව වර්ගයක් පමණක් නොව, මුළු මහත් සාගර පරිසර පද්ධතියක සුරැකීමක් බවයි පරිසරවේදින් පෙන්වා දෙන්නේ.

🐬 SAVE THE VAQUITA 🐬
The vaquita is the world’s rarest marine mammal, found only in the Gulf of California, Mexico 🇲🇽 .
Today, only about 7–10 vaquitas are believed to still exist.

Vaquitas are not fish — they are small, shy marine mammals that need to breathe air.
Their biggest threat is fishing nets, which trap them underwater and cause drowning.

If we act now, there is still hope.
🚫 By banning harmful nets, 👮stopping illegal fishing, and protecting their habitat, we can save this unique species from extinction.

🌊 Every life matters
🐬 Every vaquita counts
📢 Share this video to spread awareness

Together, we can save the vaquita

20/12/2025

🔴 හොදට ආවා...අත දැම්ම ගමන් නින්ද ගියා...

හබරණ පොලිස් වසමේ මොරගස්වැව ප්‍රදේශයේ රථවාහන පරික්ෂාවකදි වාහනයක ඉදිරි අසුනේ සිටි පුද්ගලයකු ආසන බඳ පටිය පැළඳ නොමැතිව යමින් සිටියදී ඉදිරියේ පොලිසියේ සිටින බව දැනගෙන තම කල වරද වසන් කිරීමට යාමේදී රටවල් රාජකාරී පොලිස් නිලධාරියා විසින් ඔහුගේ වරද පෙන්වා දෙමින් අවවාද කරන ආකාරයයි මේ.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo