Chooty
14/04/2026
නීරෝගීකම උතුම්ම ධනයයි. ලැබුවා වූ මේ අලුත් අවුරුද්දේ ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් ජීවිත සුවපත් භාවයෙන් හා සතුටින් පිරී ඉතිරේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! සුබ අලුත් අවුරුද්දක් වේවා!✅✨🫶
05/04/2026
අසනීප වෙලා ඉස්පිරිතාලෙකට ගියපු ගොඩක් රෝගීන් සහ ඔවුන්ගේ ගෙදර අය තරහෙන් කියන කතාවක් තමයි මේ. "අපේ ලෙඩාට සේලයින් එකක්වත් දුන්නේ නැහැ" කියලා ගොඩක් අය රෝහල් කාර්ය මණ්ඩලය එක්කත් අමනාප වෙනවා. 😤
ඉතිං අද අපි බලමු, ඇයි සමහර වෙලාවට එහෙම කරන්නෙ කියලා.👇
ඇත්තෙන් ම හැම ලෙඩාටම සේලයින් නොදෙන්නේ වෛද්‍යවරුන්ගේ හෝ හෙද කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් හින්දානම් නෙවෙයි. ඒ ඔබේ ජීවිතය ආරක්ෂා කර ගන්නයි. 🫶
ඒකට බලපාන සරල විද්‍යාත්මක හේතු කීපයක් තියෙනවා.
1. සේලයින් කියන්නේ "මැජික්" එකක් නෙවෙයි.💧
සේලයින් (Sodium Chloride) කියන්නේ ඇත්තටම ලුණු සහ වතුරවල මිශ්‍රණයක්. රෝගියෙකුට සාමාන්‍ය විදියට කන්න බොන්න පුළුවන් නම්, අවශ්‍ය පෝෂණය සහ දියර ලබාගැනීමට හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය වෙන්නේ මුඛය හරහා ආහාර ගැනීම.
2. අවශ්‍යතාවක් නැතිව වැඩියෙන් සේලයින් දුන්නම් හදවතට සහ වකුගඩුවලට පීඩනයක් ඇතිවෙනවා. ⚠️
සිරුරට අනවශ්‍ය ලෙස සේලයින් (දියර) ඇතුළු කළහොත්, ඒ අතිරික්ත දියර පෙරීමට හදවතට සහ වකුගඩු වලට දැඩි වෙහෙසක් දරන්න වෙනවා. මෙය ඇතැම් විට මාරාන්තික වෙන්නත් පුළුවන්.
3. පෙනහළු වල වතුර පිරීමේ අවදානම. 🫁
සිරුරට දරාගත බැරි තරම් දියර ප්‍රමාණයක් එකවර ඇතුළු වුනොත්, ඒවා පෙනහළුවල පිරී හුස්ම ගැනීමේ අපහසුතා (Pulmonary Edema) ඇති වෙන්න පුළුවන්.
4. ශිරා හරහා සිදුවන ආසාදන. (Infections) 🦠
සේලයින් දෙද්දී කැනියුලාවක් ශිරාවක් තුළට ඇතුළු කරන නිසා, අනවශ්‍ය ලෙස එය සිදුකිරීමෙන් විෂබීජ ශරීරගත වීමේ අවදානමක් පවතිනවා.
සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් සේලයින් එකක් දෙන්න නිර්දේශ කරන අවස්ථා කීපයක් තිබෙනවා.
✅ රෝගියා දැඩි ලෙස විජලනය වී ඇතිවිට.
✅ අධික ලෙස රුධිරය පිටවීමක් සිදුව ඇතිවිට.
✅ සැලකියයුතු ලෙස රුධිර පීඩනය (blood pressure) අඩු වූ විට.
✅ කටින් ආහාර හෝ බෙහෙත් ගැනීමට අපහසුවිට.
හැම ලෙඩෙකුගේම සිරුරේ රසායනික සමබරතාවය (Electrolyte balance) එකිනෙකට වෙනස්. ඒ නිසා සේලයින් අවශ්‍යද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ රෝගියාගේ රුධිර පීඩනය, හෘද ස්පන්දනය සහ රෝගී තත්ත්වය පරීක්ෂා කලාට පස්සේ. ඒ නිසා රෝහලකට ගියාම "සේලයින් එකක් දෙන්න" කියල බල කරන්න එපා. ඊට වඩා වෛද්‍ය තීරණයට ගරු කිරීම ඔබේ සෞඛ්‍යයට හිතකරයි. ❤️🩺
ඉතිං මතක තියා ගන්න ඕන වැදගත්ම දේ තමයි සේලයින් කියන්නේ අවශ්‍ය වෙලාවට ජීවිතය බේරගන්න දෙන ප්‍රතිකාරයක් මිසක්, ඇඟ පත හයිය වෙන්න දෙන "විටමින්" එකක්නම් නෙවෙයි.✅
මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු හෝ සැක සහිත තැන් පහතින් Comment කරන්න.👇
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗
✍️මිලූකා මාන්නප්පෙරුම
#චූටි_page
゚
04/04/2026
රෝහලට රෝගියෙක් ඇතුලත් කලාට පස්සේ, වයස අවුරුදු 12 ත් 55 ත් අතර හැම කාන්තාවකගේ ම පාහේ hCG පරීක්ෂණයක් (මුත්‍රා පරීක්ෂණයක් මඟින් ගැබ්ගෙන ඇත්දැයි බැලීම) සිදු කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.🩺
නමුත් මේ ගැන ගොඩදෙනෙක් වටහාගෙන ඉන්නේ වැරදියට. ඒ නිසා අද අපි බලමු ඇත්තට ම ඇයි මේ පරීක්ෂණය කරන්නේ කියලා.👇
ඇත්තටම මේක සම්පුර්ණයෙන් ම වෛද්‍ය විද්‍යාත්මක ආරක්ෂණ ක්‍රියාවලියක්. මොකද කිවුවොත්, රෝගියෙකුට ප්‍රතිකාර ආරම්භ කරන්න කලින් ඇය ගැබ්ගෙන ඇත්දැයි දැන ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම අත්‍යාවශ්‍යවෙන්න හේතු කීපයක් තියෙනවා.❗
1.ඖෂධවලින් වන හානිය වැළැක්වීමට.💊❌
සමහර සැර ඖෂධ සහ එන්නත් ගර්භණී මවකට ලබා දුන්නොත්, කුස තුළ ඉන්න දරුවාගේ වර්ධනය අඩාල වීමට හෝ උපත් ආබාධ ඇති වීමට ඉඩ තිබෙනවා.
2.විකිරණවලින් ආරක්ෂා වීමට.⚡
X-ray, CT Scan වැනි පරීක්ෂණවලින් නිකුත් වන කිරණ කලලයට ඉතා අහිතකරයි. පරීක්ෂණයට පෙර ගැබ් ගැනීමක් ඇති බව හඳුනා ගැනීමෙන් එම අවදානම නැති කරන්න පුලුවන්.
3.නිර්වින්දනය සහ ශල්‍යකර්මවලට.✂️
ශල්‍යකර්මයකදී ලබාදෙන සිහි නැති කරන ඖෂධ ගර්භණී මවකට දෙන විට විශේෂිත අවධානයක් යොමු කරන්න ඕන.
දැන් අපි බලමු මේ පරීක්ෂණය ගැන සමාජයේ පවතින වැරදි මත (Myths) කීපයක් ගැන.❓
මෙම පරීක්ෂණය කරන විට බොහෝ දෙනෙක් කලබලවෙනවා.
👧"අපේ දුව තාම අවිවාහකයි" – මෙහිදී වෛද්‍යවරයා බලන්නේ රෝගියාගේ පෞද්ගලික ජීවිතය දෙස නෙමෙයි, රෝගියාගේ ශරීරයේ ජීව විද්‍යාත්මක තත්ත්වය දෙස. සමහර වෙලාවට රෝගියා පවා තමා ගැබ්ගෙන ඇති බව නොදැන සිටින්න පුලුවන්. රෝහලේ වැඩ කරන අයනම් ඒම සිදුවීම් ඕන තරම් දැකල ඇති.
💯"මේක චරිත සහතිකයක්ද?" – කොහෙත්ම නෑ. මේක හුදෙක් රෝගියාට ලබා දෙන ප්‍රතිකාරය "ආරක්ෂිතද?" (Safety check) යන්න තහවුරු කර ගැනීමක් විතරමයි.
💡 දැන් බලමු මේකෙ විද්‍යාත්මක සත්‍යය මොකද්ද කියලා.
hCG (Human Chorionic Gonadotropin) කියන්නේ ගැබ් ගැනීමක් සිදුවුණා ම සිරුරෙන් නිපදවන හෝමෝනයක්. මෙය මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් මඟින් ඉතා ඉක්මනින් හඳුනාගන්න පුලුවන්.🧪
මෙය පරීක්ෂා කිරීම මඟින් ගර්භාෂයෙන් පිටත සිදුවන භයානක ගැබ් ගැනීම් (Ectopic Pregnancy) හඳුනා ගැනීමට වගේ ම රෝගියාට ලබා දිය යුතු ඖෂධ මාත්‍රාවන් නිවැරදිව තීරණය කිරීමටත් පුළුවන්.💊
ඇත්තෙන් ම රෝහලකදී ඔබෙන් hCG පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ ඔබව අපහසුතාවයට පත් කිරීමට නොවේ. හුදෙක් ඔබේත්, නූපන් දරුවාගේත් ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පමණයි. එනිසා නොබියව, නිවැරදි තොරතුරු වෛද්‍යවරයාට ලබා දී ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කර ගන්න.✅
මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු හෝ සැක සහිත තැන් පහතින් Comment කරන්න.👇
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗
✍️මිලූකා මාන්නප්පෙරුම
#චූටි_page
03/04/2026
අපි නොසලකා හරින 'ශරීරයේ පුංචි වෙනස්කම්' කීපයක් ගැන දැනුවත් වී සිටීමෙන් වළක්වා ගත හැකි භයානක රෝගී තත්ත්වයක් ගැන තමයි අද අපි කතා කරන්නේ.👇
ඇත්තටම පිළිකාව කියන්නේ කලින් හඳුනගත්තොත් සුව කරන්න පුලුවන් රෝගයක්. හැබැයි ඒ සඳහා අපේ සිරුරෙන් අපට ලබාදෙන මෙන්න මේ "අනතුරු ඇඟවීමේ සංඥා"⚡ (Early Warning Signs) පිලිබඳ අපි දැනුවත්වෙලා ඉන්න ඕන.
මේ ලක්ෂණ එකක් හෝ තිබූ පමණින් එය පිළිකාවක් කියල අදහස්වෙන්නෙ නෑ. හැබැයි සති 2-3 කට වඩා මේ ලක්ෂණ තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕන.🩺
🔍 දැන් බලමු ඒ අවධානය යොමු කළ යුතු ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා.
*අසාමාන්‍ය ගෙඩි හෝ ඉදිමීම්.🎯
පියයුරු, කිහිලි, බෙල්ල එහෙමත් නැත්තං සිරුරේ ඕනෑම තැනක ඇති වන වේදනාවක් නැති අලුත් ගැටිති හෝ ඝන වීම්.
*නොනවතින කැස්ස හෝ කටහඬේ වෙනස් වීම්.🗣️
සති තුනකට වඩා පවතින වියළි කැස්ස හෝ කටහඬ බැරැන්ඩි වීම.
*මළපහ කිරීමේ රටාවේ වෙනසක්.🚽
මළපහ සමඟ රුධිරය පිටවීම හෝ මළපහ පිටවන වාර ගණනේ ඇතිවන දීර්ඝකාලීන වෙනස්කම්.
*අසාමාන්‍ය රුධිර වහනය.🩸
ඔසප් චක්‍රයෙන් බැහැරව හෝ ආර්තවහරණයෙන් පසු සිදුවන රුධිර වහනය වීම් හා කැස්ස සමඟ රුධිරය පිටවීම.
*හේතුවක් නැතිව බර අඩුවීම.⚖️
ව්‍යායාම හෝ ආහාර පාලනයකින් තොරව කෙටි කාලයකදී සිරුරේ බර 4-5kg ට වඩා අඩුවීම.
*සුව නොවන තුවාල.🩹
දිවේ, මුඛයේ හෝ සමේ ඇතිවන මාසයකට වඩා කල්ගතවුවත් සුව නොවන තුවාල.
*උපන් ලපවල වෙනස්කම්.▪️
ශරීරයේ ඇති උපන් ලපයක හැඩය, වර්ණය හෝ ප්‍රමාණය වෙනස් වීම හෝ ඉන් රුධිරය වැගිරීම.
ඔබ මතක තබා ගත යුතු ප්‍රධාන ම දෙය තමයි "බිය වීම විසඳුම නෙමෙයි. දැනුවත් වීම තමයි ජයග්‍රහණය!"✨
ඔබට මුල් අවධියේදී ම ලක්ෂණ හඳුනාගැනීමට හැකිවුනොත් බොහෝ පිළිකා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුලුවන්.✅
මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු හෝ සැක සහිත තැන් පහතින් Comment කරන්න.👇
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗
✍️මිලූකා මාන්නප්පෙරුම
#චූටි_page
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo