SATA Biz - Elite

SATA Biz - Elite

Share

09/04/2023

ඔන්ලයින් විකුණමුද ?

අප රට පරම්පරා ගණනාවක් තිස්සේ අත්පිට මුදලට වුණු ගනුදෙනු පමණක් අත් දැක ඇත. භාණ්ඩය සියතට ගෙන එහි වටිනාකමට සරිලන මුදලක් දී එම භාණ්ඩය තමා වෙත ගැනීම තවමත් ලංකාව තුළ ප්‍රසිද්ධ වන විකුණුම් ක්‍රමවේදයයි. නමුත් අද වන විට ලෝකය පත්ව ඇත්තේ ඩිජිටල්කරණයේ යුගයකට ය. ලෝකය අද බොහෝ දුරට සිටි තැනින් ඉදිරියට බොහෝ දුර ඉදිරියට පැමිණ ඇත. අද වන විට ලෝක ආර්ථිකය පත්ව ඇති ඩිජිටල්කරණයේ ආර්ථිකය තුළ අප රටට හුරු පුරුදු විකුණුම් කරණයේ ක්‍රමවේදය වෙනුවට මාර්ගගත විකුණුම් ක්‍රමවේදය ප්‍රචලිත වෙමින් පවතී. ඒ සඳහා ලෝකය හුරුවෙමින් පවතින කාලයක ලංකාවද ඒ සදහා හුරුවීම අත්‍යාවශ්‍ය පවතී. ව්‍යවසායකයන්ට ද සිය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම මාර්ගගත විකුණුම් ක්‍රමවේදය අත්කර දෙන්නේ මහඟු ප්‍රති ලාභ රැසකි. ඒ නිසා අද ලිපියෙන් සොයා බලමු මාර්ගගත විකුණුම් ක්‍රමවේදයන්ගෙන් ව්‍යවසායකත්වය සාර්ථක කරගන්නා ආකාරය කෙසේද යන වග;
අද වන විට ලෝකයේ ව්‍යවසායකත්වය වර්ධනය වෙමින් පවතින්නේ මේ මාර්ගගත විකුණුම් ක්‍රමවේදය මත පදනම්ව ඒ හරහා තම නිෂ්පාදන ප්‍රවර්ධනය කරගැනීමෙනි. ශ්‍රී ලංකාව තවමත් 100% ඒ ක්‍රමවේදයට අවතීර්ණ ව නැති මුත්, සුළුතරයක් දෙනා සාර්ථකව එම ක්‍රමවේදය අනුගමනය කරමින් තම නිෂ්පාදන ප්‍රවර්ධනය කරගනිමින් ව්‍යවසායකත්ව ප්‍රතිලාභයන් භුක්ති විඳිමින් සිටියි. වර්තමාන ලෝකය තුළ මාර්ගගත විකුණුම් ක්‍රමවේදය තුළ කටයුතු ඉදිරියට සිදුකරගැනීමට අවශ්‍ය වන්නේ ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් පමණි. මේ වන විට අන්තර්ජාලයේ සුප්‍රකට මාර්ගගත ව භාණ්ඩ ප්‍රවර්ධනය කරන ආයතන රාශියකම වෙබ් අඩවි පවතින අතර ඒවා සමඟ ඕනෑම අවස්ථාවක සම්බන්ධවී තමන්ටම ඒ වෙබ් අඩවිය තුළ ගිණුමක් විවෘත කරගනිමින් මාර්ගගත විකුණුම් ක්‍රමවේදය වෙතට පිවිසීමේ හැකියාවක් ඕනෑම ව්‍යවසායකයෙකුට ඇත.
මාර්ගගත විකුණුම් වෙළඳසැලක් ආරම්භ කිරීමේ හැකියාව ව්‍යවසායකයින්‍ට අන්තර්ජාල භාවිතාව ඔස්සේ සිදු කරගත හැකි නමුත් එහි සාර්ථක භාවය රඳා පවතින්නේ ව්‍යවසායකයන් සතු බුද්ධිය මත පදනම් වය. මාර්ගගත විකුණුම් වෙළඳසැලක් තුළ අත්‍යාවශ්‍යම වන දේ නම් නිෂ්පාදනයි. නිෂ්පාදන නොමැති විට මාර්ගගත වෙළඳසැලකින් ඵලක් නැත. එහිදි කළ යුතු මුල්ම දේ නම් මාර්ගගත විකුණුම් වෙළඳසැල් සංකල්පය තුළ අලෙවිවන නිෂ්පාදන අතර වඩාත් හොඳින් අලෙවියට බඳුන් වන නිෂ්පාදන ගැන අවධානය යොමු කිරීමයි. එසේ වැඩි අලෙවියක් මාර්ගගතව පෙන්වන නිෂ්පාදනයකට යොමු වීමට හැකියාව තිබේ නම් එය එසේ කළ හැකි අතර, එසේ නොමැති නම් අලෙවිය පිළිබඳව වන වාර්තා ගැන සැලකිල්ලක් දක්වා අළුත්ම නිෂ්පාදනයක් මාර්ගගත වෙළඳසැල ඔස්සේ හඳුන්වාදීමට ද ව්‍යවසායකයන් ලෙස ඔබට හැකියාව ඇත. සෑම විටම සාර්ථක ව්‍යවසායකයන් වන්නේ සෙසු ව්‍යවසායකයන්ට වඩා වෙනස් මානයකින් අදහස් දරන අයයි. ඒ නිසා කැපී පෙනෙන අලෙවියක් ඇති නිෂ්පාදන ඔස්සේම ගොස් මාර්ගගත වෙළඳසැල ප්‍රවර්ධනය කරනවා වෙනුවට අළුත් නිෂ්පාදනයක් වෙළදපොළ වෙත හඳුන්වා දෙන්නේ නම් එය වඩාත් සාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩිය. ඉන්පසුව තමන්‍ට වඩාත් ලාභයක් රඳවා ගත හැකි ක්‍රමවේදයක් ඔස්සේ එම නිෂ්පාදනය පාරිභෝගිකයන් වෙතට හඳුන්වා දීම සිද්ධ කළ යුතුය.

නිෂ්පාදනයක් මාර්ගගත වෙළඳපොළ වෙත හඳුන්වාදීම ඔස්සේ සෑම විටම ඒ සඳහා පාරිභෝගිකයන් යොමුවීම සිදුවේ. ඊට හේතුව වන්නේ සම්මුඛව ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය තුළදී මෙන් නොව පාරිභෝගිකයන් සොයන භාණ්ඩය වෙනුවෙන් බොහෝ අවස්ථාවන් පිළිබඳ අවධානය දීම සඳහා අන්තර්ජාලය විසින් ඉඩ සලසන බැවිනි. මේ හේතුව නිසාම හුදෙක් නිෂ්පාදනය හඳුන්වා දීමෙන් නොනැවතී ඒ නිෂ්පාදනය ආකර්ෂණීයව වෙළඳපොළ වෙත හඳුන්වා දීම කළ යුතුය. එනම් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමක් ව්‍යවසායකයන් විසින් සිදු කළ යුතුය. ඒ සඳහා මුදල් යෙදවීම ව්‍යවසායකයන්ට ලාභය අතින් යහපතක් සිදු නොකරන බැවින් ඒ සඳහා යොදාගත හැකි සුදුසුම මාධ්‍යයක් වන්නේ සමාජ ජාලයි. ස්වකීය සමාජ ජාල ගිණුම් ඔස්සේ නිෂ්පාදනයේ ආකර්ෂණීය බාවය මෙන්ම නිසි ගුණාත්මක භාවය පෙන්වීම තුළින් මාර්ගගත අලෙවිකරණය අතිශය සාර්ථක කරගැනීමේ හැකියාව ඇත.

නිසි ක්‍රමවේද අනුගමනය කර, එමෙන්ම නිසි මාධ්‍යයන් අනුගමනය කර සිදුකරන මාර්ගගත අලෙවිකරණය සෑම විටම ව්‍යවසායකයන් හා ව්‍යවසායකත්වය සෑම විටම දියුණු කරයි.

18/09/2022

කළමණාකරුවෙකුගේ ගුණාංග

කළමනාකරුවෙක් යනු, නිවැරදි දේ නිවැරදි ලෙස කරන පුද්ගලයෙකි.

ව්‍යාපාරයේ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය තුළින් ව්‍යාපාරයේ අරමුණු දිනා ගැනීම සදහා මෙහෙයවන්නේ කළමනාකරු විසිනි. බොහෝ විට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වල අයිතිකරු විසින්ම ව්‍යාපාරය කළමනාකරණය කරනු ලැබේ. එවිට එවැනි ව්‍යාපාරයක කළමනාකරු වන්නේද අයිතිකරුමයි. එහි වරදක් නැත.

ඔබ ව්‍යාපාරයේ අයිතිකරු ලෙස ව්‍යාපාරය කළමනාකරණය කරයි නම් ඔබේ ව්‍යාපාරයේ සම්පත් ඔබ අපේක්ෂා කරන අරමුණු ලබා ගැනීම සදහා කළමනාකරණ ක්‍රියාවලිය තුළින් මෙහෙයවන්නේද ඔබමය. මෙහිදී ඔබේ ව්‍යාපාරය සුළු පරිමාණ වුවත් මධ්‍ය පරිමාණ වුවත් එහි කළමනාකරු හැටියට ඔබට බරපතල වගකීමක් දැරීමට සිදුවේ.

ව්‍යාපාරයේ අයිතිකරු වන ඔබට කළමනාකරණ කාර්ය ඉටුකර ගැනීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් යොදවා ගැනීමටද පුළුවන. එවිට එම අය ඔබේ ව්‍යාපාරයේ කළමනාකරු හෝ කළමනාකරුවන් බවට පත්වේ.

මුළු ව්‍යාපාරයම මෙහෙය වන්නේ කළමනාකරු විසිනි. ව්‍යාපාරයේ ස්වභාවය ගැන හොදින්ම දන්නා පුද්ගලයා කළමනාකරුය. දුර්වලතා හා ගැටළු ගැනද කළමනාකරුට මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ අවබෝධය මත කළමනාකරණ ක්‍රියාවලිය තුලින් ව්‍යාපාරයේ අරමුණු දිනා ගැනීම සදහා ව්‍යාපාරය මෙහෙය වීම කළමනාකරුගේ කාර්යයි.

කළමනාකරුවෙකු සතු විය යුතු කුසලතා මොනවාද යන්න දැන් අපි සොයා බලමු.

1. තීරණ ගන්නෙකු විය යුතුය

එනම් කළමනාකරුවෙකු පලදායි තීරණ ගන්නෙකු විය යුතුය. ඔහු නිතරම ව්‍යාපාරය වෙනුවෙන් එහි සේවකයන් වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි පුද්ගලයෙකු විය යුතුය.

2. වගකීම් බාරගන්නා අයෙකු විය යුතුය

කළමනාකරුවෙකු සෑම විටම වගකීම් බාරගැනීමට තරම් ශක්තිවත් අයෙකු විය යුතුය. ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සදහා ක්‍රියාකාරී අයෙකු විය යුතුය.

3. නායකත්වය දිය යුතුය

ඔහු නිතරම තම කණ්ඩායමට නායකත්වය දෙන්නෙක් විය යුතුය. නිතරම නායකත්වය දරන්නෙක් විය යුතුය.

4. නිර්මාණශීලි අයෙකු විය යුතුය.

තම දැනුම, කුසලතාවය, පළපුරුද්ද හා හැකියාව තුලින් ව්‍යාපාරයේ යහපැවැත්මට උපකාර වන ක්‍රියාවන් සිදු කල හැකි විය යුතුය.

5.තොරතුරු හුවමාරුව (සන්නිවේදන කාර්යය ) මනාව සිදුකළ හැකි අයෙක් විය යුතුය.

6. සේවකයන් පලදායි ලෙස මෙහෙය වීමට හැකි විය යුතුය.

තම සේවකයන්ගෙන් පලදායි ලෙස සේවය ලබාගනිමින් හොදින් වැඩ කටයුතු කල හැකි කෙනෙකු විය යුතුය

7. තම කණ්ඩායම දිරිමත් කර සාර්ථකත්වය කරා මෙහෙයවිය හැකි අයෙක් විය යුතුය

නිතරම තම සේවක කණ්ඩායම දිරි ගන්වමින් ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කල හැකි අයෙකු වීම

8. ගැටුම් කළමනාකරණය

ව්‍යාපාරය තුල වන ගැටුම් මනාව කළමනාකරණය කරගත හැකි අයෙකු වීම

9. වෙනස්වීම් කළමනාකරණය කරගත යුතුය

10. වටපිටාවේ සිදුවන වෙනස හා සංවර්ධනය පිළිබද නිරන්තර අවධානයෙන් සිටින අයෙකු විය යුතුය

ඔබගේ ව්‍යාපාරය මෙහෙයවීමේදී ඔබ හෝ ඔබගේ කළමනාකරු ඉහත සදහන් හැකියාවන් යොදා ගන්නේද යන්න මදක් විමසා බලන්න.

ව්‍යාපාරයට මුදල් යොදවා එය ආරම්භ කර පවත්වා ගෙන එන නමුත් දැනට පවත්නා කාර්ය බහුලත්වය නිසා ඔබට ඇතැම් කළමනාකරණ කාර්යයන් ඉටු කිරීම අපහසු බව දැනේ නම් සුදුසුකම් සහිත දක්ෂ කළමනාකරුවෙකු පත්කර ගැනීම ඔබේ ව්‍යාපාරයේ මතු දියුණුවට උපකාරී විය හැකිය. එයින් ඔබට ඇති අධික පීඩනයද අඩු වේ. ඔබට ඉතා සැහැල්ලුවෙන් යුතුව ව්‍යාපාරයේ වර්ධනය අධීක්ෂණය කිරීමට අවස්ථාව ලැබේ.

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo