I S U R U
06/04/2023
#ආසයි නේද
අනිත් උන්ගෙ කපල් ෆොටෝ දකිද්දි
"අනේ මටත් මෙහෙම ආදරයක් තිබුනා නං"
එහෙම උඹටත් හිතෙනවා නේද
කපල් එකක් යද්දි
"අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං"
අනන්තවත් එහෙම හිතිලා ඇති නේද
මහ රෑක තනියම එද්දි
අඩුම තරමෙ ෆෝන් එකෙන් හරි කතා කර කර
"එන්න කෙනෙක් හිටියා නං"
ඒ අඩුව දැනිලා ඇති නේද
යාළුවො හැම එකාටම ආදරයක් තියෙද්දි
එයාලා ඒ අය එක්ක ඉද්දි
උඹට උඹ තනියම කියලා හිතුන වෙලාවල්
තියෙන්න ඇති නේද
සමහරවිට
කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා
මතක් වෙනවා ඇති නේද
බැඳීම් එහෙමයි
අද තියෙනවා හෙට නෑ
සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං
මම දන්න තරමින්
අපිට ආදරේ කරන්න පුළුවන් එකම එක්කෙනෙක්ට විතරයි
එයාට ආදරේ කරපු තරම් කාටවත්
ආය කවදාවත් අාදරේ කරන්න බෑ..
ඔව් මටත් තිබුනා එහෙම ආදරයක්
මටත් හීල්ලෙනවා කපල් එකක් දකිද්දි
උඹ වගේම මමත් එහෙම ඉන්න හීන දැකපු එකෙක්
තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල
මේ අඩුව තියෙනවා බං
ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන හිනාවෙනවා
අන්න ඒ හිනාව තමයි
උඹගෙ එකම හයිය , මගෙත් එකම හයිය...
දුක හංගන් හිනාවෙයන්
ඒක තමයි පට්ට ... ❤️
Click here to claim your Sponsored Listing.
Category
Address
Balangoda