Adithya

Adithya

Share

17/07/2026

ඇති තරම් උද්ඝෝෂණ කරන්න. වී මිල වැඩි කරන්නේ නැහැ – ලාල්කාන්ත කියයි !

දේශපාලන සටන්පාඨවලට හසුවී කොතෙක් උද්ඝෝෂණ සිදු කළද, වී සඳහා රජය නියම කර ඇති මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

රජය තීරණ ගනු ලබන්නේ ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයා ද යන දෙපාර්ශ්වයම පිළිබඳව අවධානය යොමු කරමින් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එබැවින්, විවිධ දේශපාලන සටන්පාඨවලට මුළාවෙමින් වී මිල ඉහළ දමන ලෙස ඉල්ලා උද්ඝෝෂණ සිදු කිරීමෙන් කිසිදු ඵලක් නොවන බවද ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“අපි ගොවියෝ ගැන විතරක් හිතන ඇමතිවරු නෙමෙයි. ගොවියෝ ගැනත් හිතනවා. පාරිභෝගිකයා ගැනත් හිතනවා. ගොවියත් දැන ගන්න ඕන මේ රටේ පාරිභෝගිකයා තමයි ඒගොල්ලන්ට දෙන සහන ඔක්කොම දෙන්නේ.

එහෙනම් ගොවියා තමන්ගේ වී මිල ඉල්ලන කොට, ඔය දේශපාලන සටන්පාඨ දාගෙන වී වලට ගාන ඉල්ලන කොට කල්පනා කරන්න ඕන අපිට මේ පොහොර සහනාධාරය දෙන, අපිට මේ වාරිමාර්ග පහසුකම් සපයන, අපට විවිධ සහන සපයන, අපේ දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න රුපියල් 6,000ක් දීපු ඒ ජනතාව ගැනත් ගොවියා හිතන්න ඕනේ.

එක එක දේශපාලන සටන්පාඨ වලට රැවටෙන්නේ නැතිව, අපි ගණන් හදලා තියෙනවා. ගණන් හදලා තමයි ගාණ කියලා තියෙන්නේ. 120යි, 130යි, 140යි. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නෑ. ඒක තමයි ගාණ.”

පුවත් මූලාශ්‍රය - news19.lk

16/07/2026

නැගිටිනෝ ඔය ඇති නිදාගත්තා ❤️❤️❤️

Want your public figure to be the top-listed Public Figure in Aturugiriya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Aturugiriya