Italy Life LK

Italy Life LK

Condividi

04/06/2026

📢 ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් සඳහා අත්‍යවශ්‍ය හදිසි දුරකථන අංක 🚨

​ඉතාලියේ ජීවත් වෙන අපිට හදිසි අවස්ථාවකදී මේ අංක මතක තබා ගැනීම හෝ ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත්.

​🚨 112 – ප්‍රධාන ඒකාබද්ධ හදිසි අංකය (NUE)
​ඕනෑම හදිසි අවස්ථාවකදී මුලින්ම ඇමතිය යුතු ප්‍රධානතම අංකය මෙයයි. (පොලිසිය, ගිලන් රථ, ගිනි නිවන සේවා සියල්ල මේ එකම අංකයෙන් සම්බන්ධ කර ගත හැක).

🌐 විශේෂ වාසිය නම් ඔබට ඉතාලි භාෂාව අපහසු නම්, ඉංග්‍රීසි (English) භාෂාවෙන්ද මෙහිදී සන්නිවේදනය කළ හැකියි.

​📞 අනෙකුත් සෘජු හදිසි අංක:
​(මෙම අංක ඇමතුවද දැන් බොහෝ පළාත්වල ස්වයංක්‍රීයව 112 අංකයට සම්බන්ධ වේ)

​🚑 118 – Ambulance / වෛද්‍ය හදිසි සේවා (හදිසි රෝගාබාධ හෝ බරපතළ අනතුරු සඳහා)
​🚓 113 – පොලිසිය (Polizia di Stato) (අපරාධ, සොරකම් සහ ආරක්ෂක කටයුතු සඳහා)
​🔥 115 – ගිනි නිවන හමුදාව (Vigili del Fuoco) (ගිනි ගැනීම්, ගෑස් කාන්දුවීම් සහ වනාන්තර ගිනි සඳහා)
​🌊 1530 – මුහුදු ආරක්ෂක සේවය (Guardia Costiera) (මුහුදේ සිදුවන අනතුරු සහ හදිසි අවස්ථා සඳහා)

🔴 ​මෙම සියලුම අංක සඳහා ජංගම දුරකථනයෙන් (Mobile) හෝ ස්ථාවර දුරකථනයෙන් (Landline) නොමිලේ (Free of charge) ඇමතිය හැකියි.

🔴 ​ඔබේ දුරකථනයේ සිම් කාඩ්පත ක්‍රියා විරහිත වී තිබුණත්, Balance නොමැති වුවත්, Phone එක Lock වී තිබුණත් 112 අංකය ඇමතිය හැක.

​🙏 මෙම තොරතුරු ඔබගේ මිතුරන් සහ පවුලේ අය අතර බෙදාගන්න Share කරන්න. එය හදිසි අවස්ථාවකදී කෙනෙකුගේ ජීවිතයක් බේරාගැනීමට ලොකු උදව්වක් වේවි! ❤️

Vuoi che la tua figura pubblica sia il Figura Pubblica più quotato a Florence?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Indirizzo


Florence