Monkey Munch
Join the journey!
01/04/2026
🗼 ආදරයේ නගරය "පැරිසිය" හැදුණු හැටි ඔයා දන්නවාද?
ලොව සුන්දරම නගරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නගරය අද පවතින තත්ත්වයට පත්වීමට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් බලපා තිබෙනවා. එහි ආරම්භයේ සිට අද දක්වා වැදගත් සන්ධිස්ථාන කිහිපයක් තම මේ තියෙන්නෙ
ක්‍රි.පූ. 250 දී පමණ "පැරිසී" (Parisii) නම් සෙල්ටික් ගෝත්‍රිකයන් පිරිසක් සේන් (Seine) නදිය මැද පිහිටි කුඩා දූපතක පදිංචි වුණා. පසුව රෝමවරුන් මෙය අල්ලාගෙන "ලුටීෂියා" (Lutetia) ලෙස නම් කළ අතර, එය වර්තමාන පැරිසියේ උපතයි.
මධ්‍යතන යුගයේදී පැරිසිය ප්‍රංශයේ අගනුවර බවට පත්වුණා. එහිදී ආරක්ෂාව සඳහා නගරය වටා විශාල පවුරු ඉදිවුණු අතර, සුප්‍රසිද්ධ නොත්‍ර-ඩාම් (Notre-Dame) දේවස්ථානය සහ ලූවර් (Louvre) මාලිගය ඉදිවීමට පටන් ගත්තේ මේ කාලයේදීයි.
නූතන පැරිසියේ නිර්මාණකරු ලෙස සලකන්නෙ බැරන් හවුස්මන්. අද අප දකින පුළුල් වීදි, ලස්සන උද්‍යාන සහ ඒකාකාරී ගෘහ නිර්මාණ ශිල්පය සහිත පැරිසිය නිර්මාණය වුණේ 19 වැනි සියවසේ මැද භාගයේදීයි. III වන නැපෝලියන් අධිරාජයාගේ උපදෙස් මත බැරන් හවුස්මන් (Baron Haussmann) විසින් මුළු නගරයම සැලසුම් සහගතව යළි සකස් කළා.
1889 ලෝක ප්‍රදර්ශනය වෙනුවෙන් අයිෆල් කුළුණ ඉදිවුණා. මුලදී පැරිස් වැසියන් මෙයට අකමැති වුවත්, පසුව එය නගරයේ අනන්‍යතාව බවට පත්වුණා. මේ කාලයේදී පැරිසිය කලාව, සංස්කෘතිය සහ විලාසිතා වල ලෝක කේන්ද්‍රස්ථානය බවට පත්වුණා.
💡 ඔබ දන්නවාද?
පැරිසියට "ආලෝකයේ නගරය" (City of Light) යන නම ලැබුණේ 17 වැනි සියවසේදී අපරාධ මර්දනය සඳහා වීදි ලාම්පු විශාල වශයෙන් භාවිතා කළ ප්‍රථම යුරෝපීය නගරය මෙය වූ නිසාවෙනි.
Monkey Munch
#පැරිසිය #ඉතිහාසය
Cliquez ici pour réclamer votre Listage Commercial.
Contacter l'entreprise
Site Web
Adresse
.
Paris
..