Krishantha Jayasinghe

Krishantha Jayasinghe

Teilen

10/10/2025

Taking a break from a chaotic world is something our mind needs from time to time.🥹🍃

28/08/2025

පරණ මතක...,

ආදරණීය මතක එක්ක දුවන හිත
අලුත් පෙමකදි කෙසේ දරා ගනීද..?
ඇවිද ගිය මංමාවත්..
මුලු ගැහුන ප්‍රේමයෙන් වෙලුන තැන්
හිත කොනක තිබිලා ඇවිස්සෙද්දි
දැනෙන හැඟීම කෙබඳුද යන්න
ප්‍රේමයෙන් වෙලුන කෙනෙකුට
මට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත..
ඒත්...,
ඒ මතක වල ජීවත් වෙනවා වෙනුවට
නොහැකිද අපට අපේම ලෝකයක් තනන්න
පෙර ඔබත් මමත් කලා මෙන්!
එක් වරක් පමණක්..,
ලැබී ඇති ජීවිතය අත්හැරීමට නොහැකි
මතක ගොන්නක් පොඳි බැදන්
ඉදිරි කාලයද ඒවායේ ජීවත් වීමට තරම්
කාලයක් අපට ඉතිරිව නැත.

වසර ගණනාවක් ඈතට දුවන
අපේ අතීත කතා
දැන් නිමා වී අවසන් ය.
නොකීවාට මා හටද ඒ මතක
අමතක කිරීම එතරම් පහසු නැත.
ඒවා මතකෙට නැගෙන විට
මං ඇය දෙස බලා සැනසුනෙමි..
ඉතින් සොඳුරිය..,
හැකි නම් ඔබ ඔහු දෙස බලා සැනසෙන්න..

ඉතින්..,
ඔබේ අලුත් ලෝකය තුළ
ඔබට සුභම වෙන්නැයි පතමි!
අහිතක් නොපතමි!
ආදරයෙන් සමුගනිමි!

- ක්‍රිෂාන්ත ජයසිංහ -

Wollen Sie Ihr Persönlichkeit des öffentlichen Lebens zum Top-Persönlichkeit Des öffentlichen Lebens in Bern machen?
Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.

Kategorie

Telefon

Adresse


Bern