Kingsly Rathnayaka
Pioneered interactive radio broadcasting in the Sinhala language by linking
the traditional knowledge and deep insights about the local psyche and
linking them to the modern audiences who were getting used to FM
channels in the country.
17/06/2026
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු..
--------------------
මට ඉස්සර ඉදල හිතේ කොණක දැවෙන ප්‍රශ්නයක් තිබ්බා. ඉහළින් එන අණ පිළිපැදීමට බැදිල ඉන්න උන්ට අන්තිමට මොකද්ද වෙන්නෙ කියලා?
අපේ තාත්තා යුනිෆෝම් ඇදපු මිල්ටරි කාරයෙක් වීමත් ඕකට ලාවට බලපාන්න ඇති මයෙ හිතේ. ඉස්සර ඉදලම රජ්ජුරුවෝ අණ දුන්නහම ,සර්විස් එකේ ඉන්න අය ඒක කරන්න බැදිල ඉන්නව ඒකට තර්ක කරන්න "බුද්ධියේ විමසුමට වගේ "කෑලි දාන්න බැරි සීන් එකක්නේ තියෙන්නෙ. ටූ ස්ටෙප් එබව් ,ටූ ස්ටෙප් බිලෝ යන්නෙත් නැති එකේ ගහලයගෙ කඩුවෙ මුවාත චෙක් කරන්න රජා යන්න නෑ..
ඒත් පොලිසීයේ එහෙම අයගෙ උරිස්සෙ ඉදල තියෙන චක්‍රයේ ධර්මයට අනුව නම් මනෝ පුබ්බංග මාධම්මා නේ.. රජා ඩිසයිඩ් කරපු සීන් එකකට වරදක් කලත් සිතකින් නොවේ කියලා කර්මයෙන් බේරෙන්න රහස් පොලීසියේ නෙමෙයි බුද්ධි අංශයේ හිටියත් බෑනේ.. අනික් අතට
අපිට තියෙන්නෙ පට්ටම රාජාවලියක්නෙ.එදා තමුන්ට බලය ගන්න ආදරයෙන් අත දීපු ගෑනිගෙ බෙල්ල කපල පටන් ගත්තු කළගුණ සැලකීම අදටත් ලෝක සිතියමේ කොහෙ හිටියත් නොනසා පවත්වාගෙන යන අපේම කම් වලින් එකක්නෙ.
ආයිත් ප්‍රශ්නෙ මුලට එන්නම්කො... ඉස්සර රජකාලේ දඩුවම් එක්ක මානව හිමිකම් , විශ්ව ප්‍රකාශන වගේ අටමගල් තිබිලා නෑනේ.. අරූව ඇතුන් ලවා පාගපිය කිව්වහම " චරස් " තමයි. ඒ අතින් ස්නෝවයිට්ව මරන්නෙ නැතුව කැලේ දාලා ආපු බුවාලා මාර ග්‍රේට් .නැද්ද පිංවතුනි ?
අපේ යක්කුන්ට දැන් බුකි කෙල්ලන්ගෙන් පොඩි මාකට් එකක් හැදීගෙන එන කාලේ ,සජිත මලයත් කරදඩු ඇදෙද්දී අප්පා වගේම හප්පා මට්ටමේ හරබෙකට එනකාලේ මේකත් ලියලා දාන්නම හිත කියනවා. බෙර හඩ වේදිකා නාට්‍යයේ , යක්ශ සේනාධිපතියට හිටපු "ජැකා" යකාගේ අඩව් ඇල්ලිල්ලක්නෙ ඒකාලේ පෑවේ.. යූටියුබෙ තියෙනව මයෙ හිතේ තාම ඒක .. හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්,කියාන අප්පා නාහෙට උඩිං දනපොල්කට්ට පාලා සුරු කං පෑවා හා වගේම මේං ඒ අප්පගෙ පුතා තොවිල් පොලේ දණෙන් යනව.. ..
ඔය නීල කුමාරයා ස්ත්‍රී පුරේදි ,කර්මකාරක ක්‍රියාවෙදිංම යටියන්තොට ගියා වගේ මං දන්න ඇත්තම සීන් එකක් ජපානේ නීල චිත්‍රපටි වල හිටපු වයසකම සීයා කෙනෙකුටත් පහුගියදාක උනානෙව. අරිගතො කියාගන්නත් කලිං බඩඋඩ පණගිය ජපංහපං ගැන , දන්නකියන වැල් පදින ටාසම්ලාටත් සනිකව අනතුරු ඇගෙව්වා යුතුකමක් විදිහට . අපි එහෙමයි....
ඔන්න ඉස්සර සකල සිරින් පිරි එසිරිලක , රජ්ජුරුවො දීපු ඕඩරේ ඒයාකාරයෙන්ම ක්‍රියාවට නංවන්න රාජ පුරුසයයි උගෙ ඉමීඩියට් බොස්පුරුසයයි වරදකරු ඇදන් කන්දක් උඩට ගියාලු. උන් ආතල් ගන්න හයිකිං ගියා නෙවෙයි පිංවතුනි , ඕඩරේ තිබ්බෙ ගලෙන් පහලට පෙරලා මරා දාන්නලු. ඔෆිසර්ස්ලා ඩබලම ගලෙන් පහල ගමේ ඇඩ්‍රස් තිබ්බ අයලු. රාජකාරිය දේවකාරිය හා සමාන උනාට උන්ටත් පොඩි හරි සිවිල් ලයිෆ් එකක් තියෙන්න ඇතිනෙ. ඉක්මනට මෑන්ව ගලෙන් යටියන්තොට යවල උන්ගෙ ගෙවල් වල වැඩ වලට යන්නත් එපායැ කියල හිතල ඔෆිසර් ඩබල දෙපැත්තෙන් ඉදලා වන්,ටූ, ත්‍රී කියලා අරකව තල්ලු කලාලු... එල්ලල මරන්න තීන්දු වුනු එකාට ආයෙ ඉන් එහා මොන දඩුවම කියල දීලා දනවන්නෑ වගේ , හොරාත් නිකංම ගලෙන් පහලට යන එකේ මුං දෙන්නත් එක්කම යනවා කියලා බංජි ජම්පිං පාරක් දැම්මයි කියන්ඩලාකො...
"මහපොලවට පාවී එද්දී ..ගත දැවටෙන මේ...සීත පවන් රැලි අහෝ සැපයි කීවාලු.... වගේ සිංදු කියන්න මොකෝ අපේ රටේ තියෙන්නෙ හිමාල කන්දෑ? ඔච්චර වෙලා ගුවන් කරණං ගහංඩ. ? නිවුටගෙ ඔලුවට ඇපලෙ වැටෙන වේගෙං තුන්පොලම අම්බ්‍රෙල්ලා පවුඩර් හෙවත් කුඩේ කුඩුලු. චීත්තෙ වගේ නෙමෙයි පිංවතුනි චිත්තෙ කියන්නාහෙ නිකං අනවරතෙ ඩියුටි කරන්න ගිහිං කලාස් වුනු රාජපුරුස ඩබල ඔන්ද ස්පොට් යක්කු දෙන්නෙක් වෙලා ප්‍රතිසන්ධි ලැබුවලුනෙ. කිරිඅප්පා යක්කු ... කියල තමා උන්ට පොතේ නම තියෙන්නෙ. සීනියර් එකා මහ හැඩ කිරි අප්පා, ජූනියර් එකා කුඩා හැඩ කිරි අප්පා.. උන් මැරුනට ඔෆීසියලි ඩියුටි පිටනෙ හිටියෙ . ඉතිං උන්ගෙ සන්තානේ තාම තියෙන්නෙ බොස්ගෙ ඕඩර්ස් . තමුන්ගෙ ගමේ හතර කොණේ ඇවිදලා හේන්පැල් වලට ඔලුව දාලා පිටිං සැකකටයුතු උං එහෙම ඒරියා එකේ ඉන්නවද කියලා නිතර රැංඩම් සර්ච් ඕඩර් අතේ අරංලු නයිට් ඩියුටි යන්නෙ ඩබල. ගමේම උපන් හොදට දන්න එකාට යකා උනත් බල්ලු බුරාන එනකොට ඒකෙ වෙනස හින්දමලු ඔය "කිරි අප්පට බල්ලො පැනපි " කියන කියමන ගමේ උන්දැලාගේ කටේ තියෙන්නෙ. උන් යක්කු උනත් පීඩිත පංතියේම උන් හැබැයි. කාටවත් ලොකු කරදරයක් නෑ. අහන දේට කලින් රෙඩිමේඩ් උත්තරේ දුන්නහම ඕකේ තමා. වැඩිම උනොත් පොඩි උනක් බඩේලි යාමක් විතරයි දඩකොලේ එන්නෙ.. දැං ඉතිං ඔය රික් ටොක් කරන බම්පින්ග් මිල්ෆිලාට පුලුවං මේං මේ සීන් එක නටවල පෙන්නන්න. වංගෙඩිය උඩ සරං ඇදං මේක් කරගෙන ඉන්නවට වඩා සරමට හුලං බදල පහලට රූටං එනකොට ඕන්නං ඩ්‍රෝනෙං කවර් කරන්නත් ඇහැකිනේ.. ඒ සීන් එකට පසුබිමෙං ඇහෙන්ඩ දාන්ඩ හොද සිංදු කෑල්ලකුත් මෙන්සන් කරගෙනම යන්ඩ ආයිබොවන්ඩ .
ඔස්ට්‍රේලියාවේ සිටින ඔබටත් කොලඹ වරාය නගරයේ (PortCity ) ප්‍රමුඛතම භූමියේ, සුපිරි නිවසක(Apartment ) හිමිකාරිත්වය ලැබිමට දැන් සුවිශේෂී අවස්ථාව .
කොටස් වශයෙන් ගෙවා , විස්වාසවන්තව , සුපිරි ආයෝජනයක ප්‍රතිලාභ අත්කර ගන්න . දැන්ම විමසන්න . දුරකථන අංකය /වට්සැප් 0413960895
"මගේ ගෙටත් උඩ නුබේ ගෙටත් උඩ කැළුම් විසුරුවන සරා සුපෙම් සද ....."
ප්‍රේමකීර්ති ද අල්විස් දුටු ඒ සදු...
මෙල්බන් අහසේ Blue moon වගේද?
Click here to claim your Sponsored Listing.
Category
Address
Melbourne, VIC