SAYU

SAYU

Share

06/06/2026
05/06/2026

ඈත පිටිසර ගමක පිහිටි ඒ වන අරණ වටා පැතිරී තිබුණේ ලෝකයෙන්ම වෙන්වුණු නිහඬ සන්සුන් බවක්.

උස් මහත් නා ගස්, බෝ ගස් සහ අඹ ගස් අහසත් වසාගෙන එකිනෙකට බැඳී තිබුණා. ඒ අතු අතරින් රන්වන් හිරු එළිය කුඩා රේඛා වගේ බිමට වැටෙමින් නටනවා.

වන මල්වල මෘදු සුවඳ සුළඟත් එක්ක මුළු පරිසරය පුරාම පැතිරිලා.ඈතින් ඇහෙන්නේ කුරුල්ලන්ගේ මිහිරි හඬ විතරයි.

කොහේ හරි ගසක ඉඳන් කොහාගේ හඬක් ඇහෙනවා.ඒ නිහඬ පරිසරය මැද...
පිරිසිදු දියෙන් පිරුණු පුංචි පොකුණක් තිබුණා.

පොකුණ වටේම නිල් මානෙල් මල් පිපිලා.

සුළඟ හමන හැම වෙලාවකම ඒ මල් පෙති දිය මත හෙමින් පාවෙලා යනවා.

පොකුණ අද්දර තිබුණු ස්වභාවික ගල් තලාවක් මත නෙලුම් නිහඬව හිඳගෙන හිටියා.

ඇගේ දිගු කළු කොණ්ඩය සුළඟට හෙමින් පාවෙනවා.

ඈත කඳු මුදුන් අතරින් හමා එන සිසිල් සුළඟ ඇගේ මුහුණ ස්පර්ශ කරගෙන ගියා.

ඒ සුළඟේ තිබුණේ හිත නිවන අමුතුම සුවයක්.

හරියට දුකින් පිරුණු හිතකට කවුරුහරි සෙමින් අත තබා සනසනවා වගේ.

නෙලුම් දණහිස් දෙක ළඟට ඇදගෙන ඒ මත නිකට තියාගෙන ඈත බලාගෙන හිටියා.

ඇස් දෙකේ තිබුණේ නිහඬ දුකක්.

ඒත් ඒ දුක අතරෙත්...

මේ වන අරණේ සන්සුන් බව ඇගේ හිතේ ගිනි දැල් ටික ටික නිවා දමමින් තිබුණත් ඇගේ හිතේ විටින් විට බේබි මහත්තයා ගැන නම් ගිනිදැල් දැල්වෙමින් තිබුණා.

පොකුණේ දිය මත වැටුණු හිරු එළිය රන් කැබලි වගේ දිලිසෙනවා.සුළඟට ගස් කොළ හෙලවෙන සද්දයත්...
ඈතින් ඇහෙන පිරිත් හඬත්...

එකතු වෙලා මුළු පරිසරයම පහන් හැඟීමකින් පුරවලා තිබුණා.නෙලුම් හෙමින් ඇස් පියාගත්තා.

ඒ මොහොතේ...

ඇයට දැනුණේ ලෝකෙම නිහඬ වෙලා වගේ.

හිතේ තිබුණු වේදනාව තවමත් අඩුවෙලා නැහැ.

ඒත්..
ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් තරම් සැනසීමක් මේ වන අරණ ඇයට ලබා දීලා තිබුණා.

වන අරණේ සන්සුන් නිහඬතාවය අතර නෙලුම් හිටියේ පොකුණ අසල තිබුණු ගල්තලාවක් උඩ.
පොකුණ පුරාම පිපිලා තිබුණු නෙළුම් මල් සුළඟට හෙමින් සැලෙනවා. දිය මත වැටුණු හිරු එළිය රිදී කැට වගේ දිලිසෙනවා. ඈතින් කඳු මුදුන් අතරින් හමා එන සිසිල් සුළඟ, වන මල් සුවඳත් එක්ක ඇවිත් ඇගේ කෙස් රොදවල් අතරින් දුවගෙන ගියා.කුරුල්ලන්ගේ හඬ පවා ඇහුණේ හරිම මෘදුව.

හිත නිවන තැනක්...ඒත් නෙලුම්ගේ හිතේ නම් නිවනක් තිබුණේ නැහැ.ඇගේ ඇස් ඈත නොපෙනෙන ඉසව්වක් දිහාම රැඳිලා තිබුණා.
ඇස් පියන හැම මොහොතකම මතක් වුණේ එකම කෙනා.

තමාගෙ ලෝකෙ හිටපු සිහින මාලිගා තනපු හීන කුමාරයා...ඒ බේබි මහත්තයා...

ඒ හිතුවක්කාරයා කතා කරන විදිහ.
කියන කිසිම දෙයක් අහන්නෙ නැති හැටි.

"නෙලුම්... මෙහෙ බලන්නයි කිව්වෙ....."

කියලා නිකම්ම අණ දෙන විදිහ.ඇයගේ දෙතොල් නොදැනීම හිනාවකින් ඇදිලා ගියා.
ඒත් ඊළඟ මොහොතේම ඇස් තෙත් වුණා.
ඔහු ළඟ ඉන්නකොට නිතරම තරහ ගියත්...
දැන් ඒ හැම මතකයක්ම හරිම මිහිරි වේදනාවක් වෙලා.ඔහුගේ හිනාව...ඔහුගේ දඟකාර ඇස්...

එපා කියද්දීත් විහිළු කරන හැටි...
තමන්ව අවුස්සලා ආයෙමත් හිනා වෙන හැටි...
හැමදේම හිත අස්සේ එකින් එක පණ ගැහුවා.
නෙලුම් හෙමින් ඇස් පියාගත්තා.
එකපාරටම හිතට ආවේ ඔහුගේ උණුසුම් සමීපකම.තමන් ළඟට නැමුණු ඒ උස සිරුර.
ළඟට ආවම දැනෙන ඒ හුරුපුරුදු සුවඳ.
ඒ සුවඳ අදත් ඇගේ හිත වටේම සැරිසරනවා වගේ.

"බේබි මහත්තයා..."

ඇය හෙමින් මිමිණුවා.සුළඟත් එක්ක ඒ වචනය වන වදුල පුරාම විසිරිලා ගියා.
පොකුණේ දිය රැළි හෙමින් වෙරළට ඇවිත් වැදී ආපහු ගියා.ඒ වගේම ඇගේ මතකත්...
නැවත නැවතත් ඔහු ළඟටම ගිහින් නතර වුණා.

ඒත්...මේ සන්සුන් වන අරණේ ඉඳගෙනත්...
ඇයට අමතක කරන්න බැරි එක දෙයක් තිබුණා.
ඔහු යනකොට කියපු අන්තිම වචනය.

"හොදට දොර ලොක් කරගන්න,පරිස්සමින් ඉන්න..."

ඒ වචනේ මතක් වෙන හැම වතාවකම...
ඇගේ හදවත හෙමින් රිදුම් දෙන්න පටන් ගත්තා.
මොකද...ඇය තාමත් නොදැන හිටියේ...
තමන් වෙනුවෙන් හිත පුරා බලාපොරොත්තු අරගෙන,අලුත් ජීවිතයක් හීන දකිමින්,
රාවන් සූරියබණ්ඩාර මේ මොහොතේත් ඇයව හොයමින් පිස්සුවෙන් වගේ දවස ගෙවන,
බව... ..........................................................................

රාවන් අඹ ගස යට තිබුණු පැරණි ලී බංකුවේ හිඳගෙන හිටියේ කුස්සිය පැත්ත බලාගෙන.
සවස හිරු එළිය ගස් අතු අතරින් පෙරිලා මිදුල පුරා රන් පාටට වැටිලා තිබුණා.

සුළඟට අඹ කොළ හෙමින් සැලෙනවා.ඒත් රාවන්ගේ අවධානය තිබුණේ ඒ කිසි දෙයක් ළඟ නෙවෙයි.

ඔහුගේ ඇස් රැඳිලා තිබුණේ කුස්සිය පැත්තේ දොරකඩ ළඟ.ඕනෑම මොහොතක...

මල් මල් චීත්ත ගවුමක් ඇඳගෙන...
ලැජ්ජාවෙන් ඇස් පහත් කරගෙන... නෙලුම් මතුවෙයි කියලා ඔහු බලාගෙන හිටියා.
තත්පර ගෙවුණා.විනාඩියක් ගෙවුණා.
එකපාරටම කුස්සිය පැත්තෙන් කවුරුහරි එනවා පෙනුණා.රාවන්ගේ හදවත ගැස්සුණා.

ඒත්...

ඊළඟ තත්පරේ ඔහුගේ මුහුණේ හිනාව මැකිලා ගියා.එන්නේ පාල.ඒත් පාලගේ අතේ තේ කෝප්පයක්වත් තිබුණේ නැහැ.
ඔහු කලබලෙන් වගේ ඉක්මනට ඇවිදගෙන එනවා.රාවන්ගේ ඇහිබැම හෙමින් රැළි ගැහුණා.

"පාල..."

ඔහු බංකුවෙන් නැගිට්ටා.

"මොකද...?"

පාල ළඟට ඇවිත් මොහොතක් කතා නොකර හිටියා.ඔහුගේ මූණේ තිබුණේ අමුතු අසරණ බවක්.රාවන්ගේ හිතට හරි නැති හැඟීමක් ආවා.

"කුස්සි අම්මා කොහෙද...?"

ඔහු ඇහුවේ නොඉවසිල්ලෙන්.පාල බිම බලාගත්තා.

"බේබි මහත්තයා..."

"මං ගියා..."

"කුස්සි අම්මලාගෙ ගෙදරට..."

රාවන් නිහඬවම බලාගෙන හිටියා.

"ඉතින්...?"

පාලගේ උගුර වියළුණා.

"ගේ වහලා දාලා මහත්තයා..."

රාවන්ගේ මුහුණ එක් වරම අදුරු වුණා.

"වහලා...?"

"ඔව් බේබි මහත්තයා..."

"කවුරුත් නෑ..."

"අහල පහල මිනිස්සු කියන්නෙත් දවස් ගාණකින් කවුරුවත් දැක්කෙ නෑ කියලා..."

එක් තත්පරයකින්...මුළු මිදුලම නිහඬ වුණා
රාවන්ගේ අත නොදැනීම සාක්කුව ඇතුළට ගියා.එතන තිබුණේ නෙලුම්ට ගෙනාපු අලුත් ෆෝන් එක.ඔහු ඒක තදින් අල්ලගත්තා.

ඇස් දෙක හෙමින් තද වුණා.

"ගෙදර නැත්නම්..."

ඔහු තමාටම මිමිණුවා.

"කොයි ලෝකෙ ගිහින්ද ...?"

පළවෙනි වතාවට...හිත ඇතුළේ උපන් ඒ බය,
ඔහුගේ පපුව පුරාම සීතලක් වගේ පැතිරෙන්න පටන් ගත්තා...
"මොනවා...?"

රාවන්ගේ හඬ එකපාරටම ගැඹුරු වුණා.
පාල බියෙන් ඔහු දිහා බැලුවා.ඊළඟ තත්පරේ...රාවන් බංකුවෙන් දමා ගහලා වගේ නැගිට්ටා.

"බේබි මහත්තයා...?"

පාලට කියන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ.
රාවන් වේගෙන්ම වලව්ව ඇතුළට ගියා.
පඩිපෙළ දිගේ උඩට නැගුණේ පියවර දෙක තුනක් එකට පනිමින්.ඔහුගේ හදවත අමුතු විදිහට ගැහෙනවා.හිත ඇතුළෙන් කෑගහනවා වගේ.

"නෑ..."

"නෑ... ඒ කෙල්ලට මොකුත් වෙලා නෑ..."

ඔහු තමන්ටම කියාගත්තා.

කාමරේ දොර ඇරලා ඇතුළට ගිය රාවන් මේසය උඩ තිබුණු යතුරු කැරැල්ල උදුරලා ගත්තා.ආයෙමත් දඩිබිඩි ගාලා පඩිපෙළ බැහැගෙන ආවා.

"බේබි මහත්තයා... මොකද...?"

පාල කෑගැහුවා.ඒත් රාවන් ඇහුවෙවත් නැහැ.
ඔහු කෙලින්ම මිදුල මැද නතර කරලා තිබුණු ජීප් එක ළඟට ගියා.

ඩඩාස්!

දොර ඇරුණේ තදින්.ඒ සද්දෙට පාලත් ගැස්සිලා ගියා.රාවන් රියදුරු අසුනට පැනලා වගේ නැග්ගා.තත්පරයකින් එන්ජිම ගර්ජනා කළා.

"බේබි මහත්තයා...!"

පාල ආයෙමත් කෑගැහුවා.

ඒත් ජීප් එක ඒ වෙනකොටත් ඉස්සරහට ඇදිලා ඉවරයි.මිදුල පුරා දූවිලි නැගුණා.
ගේට්ටුවෙන් එළියට යනකම්ම පාල බලාගෙන හිටියා.ඔහු දිගු හුස්මක් ගත්තා.

"අනේ අප්පේ..."

පාල හිස කසමින් මිමිණුවා.

"කුස්සි අම්මා නැති හින්දා කෑම කන්න නැතිවෙයි කියලා හොයන්න යනවා ඇති..."

එහෙම හිතලා ඔහු ආපහු කුස්සිය පැත්තට හැරුණා.ඒත්...ජීප් එක ඇතුළේ ඉන්න රාවන්ගේ හිතේ තිබුණේ කෑම ගැන නම් නෙවෙයි.ඔහුගේ ඇස්වල දැල්වෙමින් තිබුණේ එකම නමක්.

නෙලුම්...

ඒ නමත් එක්කම ඔහු ජීප් එකේ ඇක්සලේටරය තවත් තද කළා.

මොකද...ඔහුගේ හිත දැන් කියන්න පටන් අරන් තිබුණා.මොකක්දෝ වැරදියි කියලා...

ජීප් එක පාර දිගේ විදින්නා වගේ ඉදිරියට ඇදුණා.

රාවන්ගේ අතවල් ස්ටියරින් වීල් එක උඩ තද වෙලා.හකු පෙළ එකට තද වෙලා.හිත ඇතුළේ මොනවදෝ අමුතු කලබලයක්.

"නෑ..."

"නෑ... නෙලුම්ට මොකුත් වෙලා නෑ..."

ඔහු නැවත නැවතත් තමන්ටම කියාගත්තා.
මිනිත්තු කිහිපයකට පස්සේ...ජීප් එක නෙලුම්ගෙ පුංචි ගෙදර තිබුණු මාවතට හැරුණා.

දූවිලි වළාකුළු අවුස්සගෙන වේගයෙන් ඇදුණු ජීප් එක...ගෙදර ඉස්සරහටම ඇවිත් එකපාරටම බ්‍රේක් ගැහුවා.

කීඊඊඊච්...!

රෝදවල සද්දෙ මුළු පරිසරයම දෙදරවලා දැම්මා.දූවිලි පවා තවමත් අහසේ.රාවන් දොර ඇරියේ ජීප් එක සම්පූර්ණයෙන්ම නවතින්නත් කලින්.

ඩඩාස්!

ඔහු එක පිම්මට බිමට පැන්නා.ඇස් දෙක කෙලින්ම ගියේ ගේ දිහාට.

ඒත්...

ඒ දර්ශනය දැක්කම ඔහුගේ හදවත තත්පරයකට නතර වුණා වගේ දැනුණා.

ගේ දොර වහලා.ජනෙල් වහලා.මිදුල පුරා වල් පැළෑටි ටිකක් වැවිලා.

දවස් ගාණකින් මිනිස්සු පය නොතැබූ ගෙදරක් වගේ.රාවන් වේගයෙන් දොර ළඟට ගියා.

"නෙලුම්...!"

ඔහුගේ ගැඹුරු හඬ නිහඬ පරිසරය පුරා දෝංකාර දුන්නා.උත්තරයක් නැහැ.

"කුස්සි අම්මේ..!"

නැවතත් නිහඬතාවය විතරයි.රාවන් දොර හයියෙන් තල්ලු කළා.ඒත් දොර අගුළු දාලා.ඔහුගේ හුස්ම වේගවත් වුණා.ඇස් දෙක මිදුල පුරා දිව්වා.නෙලුම් වතුර ඇදපු ළිඳ.
ඇය මල් වවපු පුංචි පාත්තිය.වැට අයිනේ තිබුණු ලී බංකුව.හැම තැනකම තිබුණේ ඇගේ මතක.ඒත්...නෙලුම් හිටියේ නැහැ.

එකපාරටම රාවන්ගේ ඇස් ගියේ දොර අසල තිබුණු පොඩි ලී කණුවක් ළඟට.

එතන තවමත් එල්ලිලා තිබුණා...නෙලුම් දවසක් හදපු පුංචි මල් වැලක්.වියළිලා ගිහින්.
අත හැරලා දාපු දෙයක් වගේ.රාවන්ගේ පපුව ඇතුළේ සීතලක් පැතිරුණා.

ඔහු හෙමින් සාක්කුවට අත දැම්මා.
තවමත් එතන තිබුණේ...නෙලුම්ට ගෙනාපු අලුත්ම ෆෝන් එක.

ඔහු ඒක අතේ තද කරගත්තා.

"කොහෙද ඔයා...?"

ඉතා හෙමින් ඔහු මිමිණුවා.පළවෙනි වතාවට...

රාවන් සූරියබණ්ඩාරගේ ඇස්වල තමාගෙ ආදරේ අහිමි වෙලා ගිහින් කියන බියක් පැහැදිලිවම දිස් වුණා.

රාවන් තවත් සැරයක් දොරේ හැන්ඩ්ල් එක තදින් ඇද්දා.

"නෙලුම්...!"

ඔහුගේ හඬ මිදුල පුරාම දෝංකාර දුන්නා.
ඒත්...ඇතුළෙන් කිසිම හඬක් නැහැ.කිසිම චලනයක් නැහැ.ඔහු දත් මිටි කාගෙන ආපහු දොරට තල්ලුවක් දුන්නා.

ඩඩාස්...!

පැරණි ලී දොර ගැස්සුණා විතරයි.ලොක් එක නම් හෙල්ලුණේවත් නැහැ.රාවන් වටෙන් ගිහින් කුස්සිය පැත්තට දිව්වා.

දවසක්..නෙලුම් නිදාගෙන ඉද්දි තමන් ඇතුළට ආපු හැටි ඔහුට එකපාරටම මතක් වුණා.ජනේලය...කුස්සියේ දොර...ඒ හැමදේම.

"ශිට්..."

ඔහු ඉක්මනට එතැනට ගියා.ඒත්...කුස්සියේ දොරත් තදින්ම වහලා.ලොක් කරලා.ඔහු තල්ලු කළා.ආයෙත් කළා.තවත් පාරක් කළා.
කිසිම ප්‍රතිඵලයක් නැහැ.ජනේලයක් ළඟට ගිහින් ඇතුළ බලන්න හැදුවා.ඒවත් වහලා.තවත් එකක්.තවත් එකක්.ඔක්කොම වහලා.හරියට...කවුරුහරි හදිසියේම හැමදේම වහලා දාලා ගියා වගේ.

රාවන්ගේ පපුව ඇතුළේ මොනවදෝ තදින් ඇඹරුණා.ඔහු පස්සට අඩියක් ගත්තා.
මිදුල මැද හිටගෙන ගේ දිහා බැලුවා.
මේ ගෙදර...මේ පුංචි මිදුල...මේ වැට අයින...
මේ හැම තැනකම නෙලුම් හිටියා.
ඒත් දැන්...කිසිම දෙයක් නැහැ.කිසිම කෙනෙක් නැහැ.ඔහුගේ ඇස් රතු වෙන්න පටන් ගත්තා.
තරහක් ආවා.හෙන තරහක්.කිසිම දෙයක් නොකියා එකපාරටම අසල තිබුණු ලී කණුවකට පයින් ගැහුවා.

ඩඩාස්...!

කණුව කඩාගෙන වැටුණා.ඒත් ඒ තරහ අඩු වුණේ නැහැ.ඒ තරහට වඩා ලොකු දෙයක් ඔහුගේ හිත ඇතුළේ තිබුණා.

බයක්.නොදන්නා බයක්.දුකක්.පිස්සු වගේ දුකක්.දවස් හතක් පුරා...තමන් බලපු හීන.නෙලුම්ව දකින හීන.
ඇයව තුරුල් කරගන්න හීන.අතට දෙන ෆෝන් එක.ඇයගේ ලැජ්ජා හිනාව.ඒ හැමදේම එකපාරටම අතුරුදන් වෙලා වගේ
රාවන් හෙමින් සාක්කුවට අත දැම්මා.තවමත් එතන තිබුණේ...

නෙලුම් වෙනුවෙන් ගෙනාපු අලුත්ම ෆෝන් එක.ඔහු ඒක තදින් අල්ලගත්තා.
ඒ තරමට තදින්...ඇඟිලි සුදු වෙලා යන තරමට.

"කොහෙද ගියේ...?"

ඔහු මිමිණුවා.

"කොහෙද ගියේ නෙලුම්...?"

ඒ හඬේ තිබුණේ තරහක් නෙවෙයි.අසරණකමක්.තමන්ටත් නොතේරෙන තරම් ගැඹුරු අහිමි වීමක්.පළවෙනි වතාවට...
රාවන් සූරියබණ්ඩාරට දැනුණා.නෙලුම් නැති ලෝකයක්...තමන්ට හුස්ම ගන්නවත් අමාරු තැනක් කියලා.

රාවන් හෙමින් පස්සට ගිහින් වැට අයිනේ තිබුණු පැරණි බංකුවේ වාඩි වුණා.

ඒ බංකුව...

නෙලුම් එක්ක එකට හිඳගෙන තේ බීපු බංකුව.ඇය ලැජ්ජාවෙන් කතා කරපු බංකුව.
ඔහුගේ ඇස් නොදැනීම මිදුල පුරාම දිව්වා.
හැම තැනකම...නෙලුම් හිටියා වගේ.ඒත් ඇත්තටම හිටියේ නැහැ.රාවන්ගේ හිතට එකපාරටම මතක් වුණේ...එදා රෑ.

හඳ එළිය වැටුණු ඒ නිහඬ රාත්‍රිය.
නෙලුම්ව තුරුල් කරගෙන හිටපු හැටි.
ඒ පුංචි උණුසුම් සිරුර තමන්ගේ පපුවට තද වෙලා තිබුණු හැටි.
බය වෙලා වගේ තමන්ගේ ශර්ට් එක අල්ලගෙන හිටපු හැටි.

"බේබි මහත්තයා..."

කියලා හෙමින් කතා කරපු හඬ.
රාවන් ඇස් පියාගත්තා.ඒ හැමදේම ඊයේ වගේ මතකයි.ඒත්...අන්තිම මොහොතත් මතක් වුණා.ෆෝන් එක එක දිගටම නාද වුණා.

ඩැනීගේ ඇක්සිඩන්ට් එක.හැමදේම එකපාරටම කඩාගෙන වැටුණු හැටි.තමන් කලබලෙන් නැගිට්ට හැටි.නෙලුම්ගේ අත අතහැරුණු හැටි.

"මං ඉක්මනට එනවා..."

කියලා දුවගෙන ගිය හැටි.රාවන්ගේ හකු තද වුණා.එදා...තව තත්පර දහයක් නතර වෙලා හිටියා නම්.තව එක වතාවක් කෙල්ලව තුරුල් කරගත්තා නම්.

තව එක වතාවක් ඇගේ ඇස් දිහා බලලා කතා කළා නම්.අද මේ තරම් පසුතැවෙන්න වෙන්නෙ නැහැ.ඔහුගේ හිතට එකපාරටම මතක් වුණේ...නෙලුම් අන්තිමට තමන් දිහා බලන් හිටපු විදිහ.

ඒ ඇස්වල තිබුණේ බයක්.අහිමි වෙයි කියන බයක්.

"පරිස්සමින් යන්න..."

ඇය කිව්වේ ඒ විතරයි.

ඒත්...තමන් හිනාවෙලා ආපහු හැරිලා ගියා.
ඇයව තනියම දාලා.රාවන් දත් මිටි කෑවා.

"ශිට්..."

ඔහුගේ හඬ බිඳුණා.

"ඇයි මං ගියේ...?"

ඔහු තමන්ටම කතා කළා.

"ඇයි මං ඒකිව දාලා ගියේ...?"

සාක්කුවේ තිබුණු අලුත් ෆෝන් එක එළියට ගත්තේ ඒ වෙලාවේ.දිලිසෙන අලුත්ම ෆෝන් එක.

නෙලුම්ගේ අතට දෙන්න හිතාගෙන ගෙනාපු එක.ඔහු ඒක දිහා බලාගෙන හිටියා.ඇස් දෙක බොඳ වෙලා.

"මේක දැක්කම..."

"පිස්සු කෙල්ල කොච්චර සතුටු වෙයිද..."

කියලා හිතපු හැටි මතක් වුණා.ඒත් දැන්...
ඒ සතුට බලන්න කෙනෙක් නැහැ.
රාවන් හිස පහත් කළා.හිරු එළියත් ටික ටික මැකෙමින් යනවා.මිදුල තව තවත් හිස් වෙනවා.ඒ හිස්කමට වඩා...
ඔහුගේ හිතේ හිස්කම ලොකුයි.ඒ මොහොතේ ඔහුට තේරුණා.

නෙලුම් කියන්නේ තමන් කැමති කෙල්ලෙක් විතරක් නෙවෙයි.තමන්ගේ දවස සම්පූර්ණ කරන හුස්මක් වගේ කෙනෙක් කියලා.

දැන්...

ඒ හුස්ම කොහේද කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ.රාවන් එකපාරටම බංකුවෙන් නැගිට්ටා.ඔහුගේ ඇස් දෙක දැන් හොඳටම රතු වෙලා.

පපුව ඇතුළේ කැරකෙන්නේ දුකද...කේන්තියද...
බයද...

ඔහුටවත් තේරුණේ නැහැ.

"ශිට්...!"

දත් මිටි කාගෙන ඔහු ජීප් එක දිහා ඇවිදගෙන ගියා.

ඇත්තටම ඇවිදිනවා නෙවෙයි.

කඩාගෙන යනවා වගේ.

ඩඩාස්...!

ජීප් එකේ දොර ඇරුණේ තදින්.

තවත් තත්පරයක් යන්න කලින් ඔහු රියදුරු අසුනට නැගලා ඉවරයි.

ඩඩාස්...!

දොර වැහුණේ මුළු ජීප් එකම ගැස්සෙන තරමට.

එන්ජිම ගර්ජනා කළා.

රාවන් ස්ටියරින් වීල් එක තදින් අල්ලගත්තා.

අතේ නහර පවා ඉලිප්පිලා පේනවා.

"කොහෙද ගියේ නෙලුම්..."

ඔහු මිමිණුවා.

"මට කියන්නෙවත් නැතුව..."

ඒ හඬ ඇතුළේ තිබුණේ කේන්තියට වඩා වේදනාවක්.

ජීප් එක එකපාරටම ඉස්සරහට විදින්නා වගේ ඇදුණා.

දූවිලි වළාකුළු පිටිපස්සෙන් නැගුණා.

පාරේ වංගු එකින් එක පහු වෙනවා.

රාවන්ගේ හිත නම් කිසිම තැනක නවතින්නෙ නැහැ.

වලව්වෙ නිහඬ බැල්කනිය.

වහලා තිබුණු ජනේල.

හිස් ගෙදර.

ඒ හැමදේම ඔහුගේ ඔළුව ඇතුළේ නැවත නැවතත් මැවෙනවා.

"නෑ..."

"මේක හරි නෑ..."

ඔහු දත් මිටි කෑවා.

ජීප් එක තවත් වේගවත් වුණා.

මිනිත්තු කිහිපයකට පස්සේ...

දුරින් වලව්වේ සුවිසල් ගේට්ටුව පෙනුණා.

ආරක්ෂකයෝ කලබලෙන් ගේට්ටුව ඇරියා.

ජීප් එක වේගය අඩු නොකරම ඇතුළට කඩාගෙන ආවා.

මිදුල මැදින් දූවිලි අවුස්සගෙන ඇවිත්...

පෝටිකෝව යටම නතර වුණා.

කීඊඊඊච්...!

රෝදවල සද්දෙ මුළු වලව්ව පුරාම පැතිරුණා.

පාල කුස්සිය පැත්තෙන් දුවගෙන ආවා.

"බේබි මහත්තයා...?"

ඔහුගේ හදවතත් ගැස්සුණා.

රාවන් දොර ඇරලා බැස්සේ කුණාටුවක් වගේ.

මූණේ තිබුණේ අඳුරු කේන්තියක්.

ඇස්වල තිබුණේ නොසන්සුන් ගිනි පුපුරු.

"පාල!"

ඔහුගේ හඬ මිදුලම දෙදරවලා දැම්මා.පාලත් නොදැනීම කෙළින්ම හිටගත්තා.

"කුස්සි අම්මා ගැන දන්න කෙනෙක් හොයාගන්න."

"දැන්ම."

"මේ දැන්ම!"

පාලගේ උගුර වියළුණා.

රාවන්ගේ හිතුවක්කාර ඇස් දෙක දැක්කම...

ඔහුට එක දෙයක් විතරක් තේරුණා.

බේබි මහත්තයා මේ වෙලාවේ හොයන්නේ කුස්සි අම්මවත්...

ජේමිස්වත් නෙවෙයි.

නෙලුම්ව.

ඒ වගේම...

කුස්සි අම්මා ගැන ඇහෙන ඊළඟ ආරංචිය...

රාවන්ගේ ජීවිතේම වෙනස් කරාවි කියන හැඟීමක් පාලගේ හිතටත් ආවා.

ජීප් එක වලව්ව මිදුල මැද නතර වුණත්...

රාවන් තත්පර කිහිපයක් එහෙම්මම හිටියා.

එන්ජිම තවමත් ක්‍රියාත්මකයි.

ඒත් ඔහුගේ හිත ඇතුළේ තිබුණේ වෙනමම කුණාටුවක්.වහලා දාපු ගෙදර.හිස් මිදුල.නෙලුම් නැති නිහඬතාවය.ඒ හැමදේම ඔහුගේ ඔළුව ඇතුළේ නැවත නැවතත් මැවෙනවා.

"ශිට්..."

ඔහු ඇස් තදින් පියාගත්තා.

තත්පරයකට පස්සේ...

ඩඩාස්!

දොර ඇරලා ජීප් එකෙන් බැස්සා.

පාල කතා කළා.

"බේබි මහත්තයා..."

ඒත් රාවන් ඇහුවෙවත් නැහැ.ඔහු කෙලින්ම වලව්ව ඇතුළට ගියා.මිදුල පහු කළා.
ප්‍රධාන ශාලාව පහු කළා.පඩිපෙළ දිගේ උඩට නැගුණේ හරියට කවුරුහරි පස්සෙන් එළවනවා වගේ වේගයෙන්.
ඔහුගේ පියවරවල සද්දෙ මුළු වලව්ව පුරාම දෝංකාර දුන්නා.

කාමරේ ළඟට ආපු ගමන්...

ඩඩාස්!

දොර ඇරුණා.

රාවන් ඇතුළට ගියා.

ඩඩාස්!

දොර වැහුණේ බිත්ති පවා ගැස්සෙන තරමට.

කාමරේ නිහඬයි.

දින කීපයකට කලින් තමන් පිටවෙලා ගිය කාමරේම.

ඒත් අද ඒකත් අමුතුයි
හිස්.

සීතල.

අසරණ.

රාවන් ටයි එක ගලවලා විසිකළා.

ෆෝන් එක ඇඳ උඩට විසි කළා.

ඊළඟ තත්පරේ...

ඔහු ඇඳ උඩටම වැටුණා.

හරියට ශක්තියම නැති වෙලා වගේ.

කොට්ටය අතට ඇදගත්තා.

තදින්.

ගොඩක් තදින්.

නෙලුම්ව තුරුල් කරගන්නවා වගේ.

ඔහුගේ මුහුණ කොට්ටය අස්සේ හංගගත්තා.

ඒ කොට්ටයේ සුවඳ නෙලුම්ගේ නෙවෙයි.

ඒත් ඔහුගේ හිතට මතක් වුණේ ඇයවමයි.

අඩවන් කෝපි පාට ඇස්.

ලැජ්ජාවෙන් රතු වෙන කම්මුල්.

"බේබි මහත්තයා..."

කියලා කතා කරන හඬ.

"පරිස්සමින් යන්න..."

කියපු අන්තිම වචන.

රාවන්ගේ හකු තද වුණා.

ඇස් පියාගත්ත ගමන් පේන්නෙත් ඇය.

ඇස් ඇරියත් මතක් වෙන්නෙත් ඇය.

"කොහෙද ඉන්නෙ නෙලුම්..."

ඔහු කොට්ටය තවත් තුරුල් කරගත්තා.

"මට පිස්සු වට්ටන්නෙ නැතුව..."

ඔහුගේ හඬ බිඳුණා.

පළවෙනි වතාවට...

තමන්ට කොච්චර ලොකු ව්‍යාපාර තිබුණත්,

කොච්චර සල්ලි තිබුණත්,

කොච්චර බලයක් තිබුණත්,

තමන්ට ඕනම කෙනාව හොයාගන්න බැරි වෙන්න පුළුවන් කියලා රාවන්ට දැනුණා.

ඒ හැඟීම...

ඔහුට දරාගන්න අමාරුම හැඟීම වුණා.

ඇඳ උඩ වැටිලා,

කොට්ටය පපුවට තද කරගෙන,

සිවිලිම දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉද්දි...

ඔහුගේ හිත ඇතුළේ එකම නමක් විතරක් දෝංකාර දුන්නා.

නෙලුම්...

හතළිස් වැනි කොටස🌹
ඉකමනින් ගේනවෝ
................................SAYU..............................
♥️නෙළුම් කෝ අහපු අයට....මෙච්චර කල් ඉවසන් කො නෙලුම් කියලා හොයපු අයට♥️
♥️ඉතින් ඉස්සරහට මොකක් වෙයිද?♥️කියවලා ලයික් කරන්න.අදහස් අකුරෙන් කමෙන්ට් කරන්න .
♥️SAYU පේජ් එක ෆලෝ කරගෙනන තියාගෙන සම්පූර්ණ කතාව කියවන්න

03/06/2026

රාවන් පඩිපෙළෙන් පහළට බැස්ස මොහොතේම ඈන්ගේ හුස්ම එක තත්පරයකට නතර වුණා.
තෙත් කොණ්ඩය, සුදු ටී ෂර්ට් එකට වැටුණු හිරු එළිය, ඒ අහංකාර කඩවසම් පෙනුම......ඇය නොහිතාම හිතුවේ,"මේ වගේ කෙනෙක්ගෙ ආදරේ දිනාගන්න නම් ලේසියෙන් බැහැ…"කියලා.

ඒත් ඔහුගේ ඇස්වල තියෙන්නේ ඇයට නොකියපු වෙනම කතාවක්!”.................රාවන්(රාක්ෂයාගේ ආලය ).............
තිස් හත් වැනි කොටස🌹

ICU කාමරේ ඇතුළේ තිබුණේ අමුතුම නිහඬතාවයක්.මැෂින්වල "බීප්... බීප්..." හඬ විතරක් හෙමින් ඇහෙනවා.
රාවන් ඩැනීගේ ඇඳ ළඟම හිටගෙන හිටියා.
ඔහුගේ ඇස් රතු වෙලා.දවස් හයක් තිස්සේ හරියට නින්දක් නැති වෙහෙස මුළු මුහුණ පුරාම ඇඳිලා.ඒත් ඒ මොහොතේ...
ඔහුගේ ඇස්වල තිබුණේ වෙහෙස නෙවෙයි.
බයක් එක්ක හිත පුරාවට පිරුණු ආදරයක් ,අහිමි වෙයි කියන තැතිගැන්මක්.ඩැනී හෙමින් ඇස් ඇරලා ඔහු දිහා බැලුවා.ඔහුගෙ ඇස් බොඳ වෙලා.
අමාරුවෙන් ඔහු බලන්න උත්සහ කළා.
ඒත්..

ඔහු තම එකම පුතාව ,තමා පණ මෙන් ආදරය කළ හිතුවක්කාර දඩබ්බරයව හඳුනාගත්තා.රාවන්ගේ පපුව ඇතුළේ මොනවදෝ හිරවෙනවා වගේ දැනුණා.

"පප්පා..."

ඔහුගේ හඬ වෙව්ලුවා.

"මං මෙතන..."

ඩැනීගේ ඇස් අග තෙත් වුණා.දවස් හයක් අඳුරක ගිලිලා හිටපු මනුස්සයෙක්...
ඇස් ඇරපු ගමන්ම දැක්කේ තමන්ගෙ එකම පුතාව.ඔහු හෙමින් දෙතොල් හෙලෙව්වා.

"පු..."

රාවන් ඉක්මනට ඩැනී ලගට ළං වුණා.
"පප්පා..."
"මං මෙතන...පප්පගෙ සුදු පුතා ......මේ ඉන්නෙ ...මේ"

රාවන් කිව්වෙ ගැහෙන හදවතින්..දින හයකින් නොඇසුණු නොඇරුණු ඒ ඇස් ඇරිලා ඒ හඩ ඇහෙද්දි ඔහුගේ දෙපා හිරි වැටුණා.
ඩැනීගේ හුස්ම තවමත් බරයි.
ඔහුට වචන පිටකරන්නත් අමාරුයි. ඒත් ඔහු අත හොලවන්න උත්සාහ කළා.රාවන් ඉක්මනට ඒ අත තම අත් දෙකෙන්ම අල්ලගත්තා.

"පුතා..."

අවසානයේ ඒ වචනය පිට වුණා.
රාවන්ගේ ඇස්වල කඳුළු පිරුණා.
ඔහුට තවත් ඒවා නවත්තගන්න බැරි වුණා.උණු කඳුළු බිංදු එකින් එක කම්මුල් දිගේ වැටුණා.

"ඔව් පප්පා..."
"මං මෙතන..."

ඩැනී තවමත් ඔහු දිහාම බලාගෙන හිටියා.හරියට...මේ දවස් හයක් පුරාම හොයපු දෙයක් හම්බුණා වගේ.
ඊට පස්සේ...ඔහු අමාරුවෙන් තවත් වචන දෙක තුනක් එකතු කළා.

"කෑවද..."

රාවන්ගේ හුස්ම නතර වුණා.කෑවද...එච්චරයි.
දවස් හයක් මරණයත් එක්ක සටන් කරපු මනුස්සයා...
ඇස් ඇරපු ගමන්ම අහන්නේ ඒක.
තමන්ගේ පුතා කෑවද කියලා.
රාවන්ට තවත් ඉන්න බැරි වුණා.
ඔහු ඩැනීගේ අතට නළල තියාගත්තා.

"අනේ පප්පා..."

ඔහු හඩ තද කරගෙන ඇඬුවා.

"අනේ මට සමාවෙන්න..."
ඩැනීගේ ඇස් පුදුමයෙන් ගැස්සුණා.
"මට සමාවෙන්න පප්පා..."
"මං ඔයාට ගොඩක් රිද්දුවා..."
"ගොඩක් නරක විදිහට මම පප්පට කතා කළා..."
"ඔයාට වෛර කළා..."
"ඒත්..."
ඔහුගේ හඬ කැඩුණා.

"ඒත් ඔයා මාව දාලා යයි කියලා හිතුණ වෙලාවේ..."

"මට මගේ ජීජීවිතේම මනැති වුණා වගේ දැනුණා පප්පා..."

ඩැනීගේ ඇස්වලත් කඳුළු දිලිසුණා.
මැෂින්වලට සම්බන්ධ වෙලා හිටියත්...
ඔහු තවමත් තාත්තා කෙනෙක්.
ඔහු හෙමින් තම ඇඟිලි රාවන්ගේ අත උඩ තද කළා.

"පිස්සා....."

ඔහුගේ දුර්වල හඬ ඇහුණා.
රාවන් හිස ඉස්සුවා.
ඩැනී හෙමින් හිනාවෙන්න උත්සාහ කළා.
"තාත්තලා..."අමාරුවෙන් ඒ වචනෙ කියලා ඔහු හුස්මක් ගත්තා.

"කවදාවත් පුතාලා එක්ක..."
"තරහා වෙන්නෙ නෑ..."
ඒ වචන ටිකට රාවන්ගේ හදවතම කඩා වැටුණා.

ඔහුට මතක් වුණේ...පුංචි කාලේ තමන් වැටුණම උස්සපු ඒ අත්.
ලෙඩ වුණාම රෑ පුරා නිදි නැතුව හිටපු ඒ ඇස්.
හැම උපන්දිනේකම තමන්ට කලින් සතුටු වුණු ඒ හිනාව.
ඔහු මෙච්චර කාලයක් වෛර කළේ...
තමන්ට ලෝකෙටත් වඩා ආදරේ කරපු මනුස්සයෙක්ට.

"පප්පා..."

රාවන්ගේ හඬ බිඳුණා.
"I love you pappaaa.."
කාමරේ නිහඬ වුණා.තත්පරයක්.
දෙකක්.ඩැනීගේ ඇස්වලින් කඳුළක් ගලාගෙන ආවා.ඒ කඳුළ ඇතුළේ තිබුණේ...
අවුරුදු ගාණක් බලාගෙන හිටපු වචන දෙකක සතුට.

ඔහු හෙමින් ඇස් පියාගත්තා.
මුහුණේ පුංචි හිනාවක් ඇඳෙමින්.
හරියට...
"මං ඒක දැනගෙන හිටියෙ සුදු පුතා..."කියන්න වගේ.........................................................................

ඩැනී සූරියබණ්ඩාරගේ සමීපතම ව්‍යාපාරික හවුල්කරුවා වුණේ ලයනල් විජේරත්න.

අවුරුදු ගාණක් තිස්සේ ව්‍යාපාර ලෝකයේ එකට වැඩ කරපු ඒ දෙන්නා අතර තිබුණේ යාළුකමකටත් වඩා සහෝදර බැඳීමක්.

ලයනල්ට හිටියේ එකම දියණිය.

ඈන්.

ලස්සන...

උගත්...

සංවර...

ධනවත් පවුලක එකම උරුමක්කාරිය.
ඇය ගැන කිසිම අඩුවක් කියන්න කාටවත් බැරි වුණා.

ඒ නිසාම ලයනල්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා.කවදා හරි ඈන්ව රාවන්ට විවාහ කරලා දෙන්න.

ඩැනීගේ හිතෙත් ඒ අදහස නොතිබුණා නෙවෙයි.

ඈන් වගේ කෙල්ලෙක් තමන්ගේ පුතාගේ ජීවිතේට ආවොත් නරකක් වෙයි කියලා ඔහු කවදාවත් හිතුවේ නැහැ.

ඒත්...

රාවන් නම් සත පහකටවත් ඒ ගැන ගණන් ගත්තේ නැහැ.

ඈන් ලස්සනයි.

හොඳයි.

උගත්.

හැමදේම තියෙනවා.

ඒත්...

රාවන්ගේ හිතේ හෙමින් හෙමින් මුල් ඇදගෙන හිටපු අඩවන් කෝපි පාට ඇස් ඇති පුංචි කෙල්ල තරම් නම්...

ඈන්ව ඔහුට වටින්නේ නැහැ.

"ඩැඩී... කොහෙද රාවන්...?"

ඩැනීව බලන්න රෝහලට ආපු ඈන්, ලයනල් ළඟට ඇවිත් ඇහුවා.ලයනල් සිනාසෙමින් තම ඔරලෝසුව දිහා බැලුවා.

"රාවන් ගියා රූම් එකට රෙස්ට් කරන්න."

"එයාට ගොඩක් මහන්සි ඇති.තාම බිස්නස් වැඩවලට අලුත් නිසා හෙම්බත් වෙලා ඇති."

ඔහු හෙමින් හිස සැලුවා.

"අනික ටිකක් හිතුවක්කාරයා."

"හිතුවක්කාර විදිහටමයි තීන්දු තීරණ ගන්නෙ."

"ඩැනී වගේ නම් නෙවෙයි."

ඒ වචන ටික කිව්වේ බැරෑරුම් ස්වරූපයෙන්.

ඈන්ගේ ඇහිබැම ටිකක් ඉහළ ගියා.

"ඒ කිව්වෙ ඩැඩී...?"

ලයනල්ට හිනා ගියා.

"ඒ කිව්වෙ රාවන් කියන්නෙ කාගෙවත් කීමක් අහන කෙනෙක් නෙවෙයි.එයාට ඕනේ දේ එයා කරන්නෙ .එයා කාගෙන්වත් උපදෙස් ගන්න කැමති නැහැ."

"අපේ බිස්නස් වලට වුණත්..."

එතනින් ලයනල් කතාව නතර කළා.

ඊට පස්සේ හෙමින් සිනාසෙමින් තම දියණිය දිහා බැලුවා.

"දුව..."

"ඔයාටම තමයි රාවන්ව මෙල්ල කරගන්න වෙන්නෙ."

ඈන් දිගු හුස්මක් ගත්තා.

"බලමු ඩැඩී..."

ඇය දෙතොල් පුම්බගත්තා.

"එයා ඩෝන්ට් කෙයාර් අනේ."

"මාව කෙයාර් කරන්නෙත් නැහැ."

ලයනල්ට හොඳටම හිනා ගියා.

"දුව... ඩෝන්ට් වොරි."

"මේ ටිකේ ටිකක් රාවන්ගෙ ඔලුව රිලැක්ස් එකේ තියන්න ඕනෙ."

"ම්ම්..."

"ඔයා හෙමීට කාලය අරගෙන ටික ටික ලං වෙන්න."

"රාවන් කියන්නෙ ලේසි පහසු කෙනෙක් නෙවෙයි."

"පේනවනෙ කොල්ලගෙ පෙනුම."

"රාවන් හැන්ඩියා නිසා ඕනෙ කෙල්ලෙක් ඇඟේ එල්ලෙන්න බලන් ඉන්නෙ."

ඈන්ගේ කම්මුල් ටිකක් රතු වුණා.ඇයටත් ඒක පිළිගන්න සිද්ධ වුණා.රාවන් ඇත්තටම කඩවසම්.ඕනෙම තැනක හිටියත් මිනිස්සුන්ගේ අවධානය නතර කරගන්න පුළුවන් තරම්.

"ඩැඩී..."

ඇය හෙමින් කතා කළා.

"ම්ම්...?"

"මං ගිහින් රාවන්ව බලලා එන්නද...?"

ලයනල්ගේ මුහුණේ හිනාව තවත් පුළුල් වුණා.

"යෙස්... යෙස්..."

"මේ දැන්ම."

"නැත්නම් ආයෙමත් ඔය කොල්ලා ෆයිල් ගොඩක් අස්සෙම නැති වෙයි."

ඈන් හිනාවෙමින් නැගිට්ටා.

ඒත්...

ඇය නොදැනගෙන හිටපු එක දෙයක් තිබුණා.
රාවන්ගේ හිත ළඟට යන්න...ලස්සන විතරක් මදි.ධනය විතරක් මදි.උගත්කම විතරක් මදි.
මොකද ඒ හිතේ...

ඇය නොදන්නා නමක් දැනටමත් ලියවෙලා ඉවරයි.ඒ නෙලුම්..............................................................................
හවස හතරට විතර.රාවන් හිටියේ හෝටල් රූම් එකේ.

ලැප්ටොප් එක ඇඳ උඩ ඇරලා.ෆෝන් එක කනේ තියාගෙන.

"නෑ... ඒ ඇග්‍රිමන්ට් එක අදම සයින් වෙන්න ඕනේ..."

ඔහු ජනේලය ළඟ හිටගෙන කතා කරමින් හිටියා.

දවස් කීපයක නින්ද නැති වෙහෙස නිසාම කොණ්ඩෙත් ටිකක් අවුල් වෙලා.

නාගෙන ආව ගමන් නිසා උරහිසට තුවායක් දාගෙන හිටියා.

ඔහුගේ අවධානය තිබුණේ සම්පූර්ණයෙන්ම බිස්නස් කෝල් එකට.

ඒ නිසාම දොර හරියට වහලා තිබුණේ නැහැ.

"ටක්... ටක්..."

ඈන් හෙමින් තට්ටු කළා.

උත්තරයක් නැහැ.

ඇතුළෙන් රාවන්ගේ හඬ ඇහෙනවා.

"Yes... transfer the documents..."

ඈන් හෙමින් දොර තල්ලු කළා.

දොර බාගෙට ඇරුණා.

"රාවන්...?"

ඇය හිස ඇතුළට දාලා බැලුවා.

ඊළඟ තත්පරේ...

ඇගේ ඇස් ටිකක් ලොකු වුණා.රාවන් දොර පැත්තට පිටුපාලා හිටගෙන කෝල් එකේ.

උස සිරුර ජනේලෙන් එන හිරු එළියට කැපිලා පේනවා.වෙහෙස නිසාම ඔහුගේ හකු රේඛාව තවත් දැඩි වෙලා.කොණ්ඩෙ තවමත් ටිකක් තෙත්.ඔහු කතා කරන හැටි දැක්කම...
වෙනදා සෙල්ලක්කාර රාවන් නෙවෙයි.
තීරණ ගන්න පුරුදු වෙමින් ඉන්න ව්‍යාපාරිකයෙක් වගේ.

"නෑ... ඒක ටුමෝරෝ වෙනකන් වෙයිට් කරන්න බෑ..."

ඔහුගේ ගැඹුරු හඬ කාමරේ පුරා පැතිරුණා.

ඈන් මොහොතක් එතනම හිටගෙන බලාගෙන හිටියා.අවුරුදු ගාණක් තිස්සේ දන්න රාවන්ම වුණත්...මේ දවස් ටිකේ ඔහු වෙනස් වෙලා.

තව තවත් පවුරුශය වැඩි වෙලා.තව ගැඹුරු වෙලා.තව කඩවසම් වෙලා.ඇය නොදැනීම හිනාවුණා.

"දෙවියනේ..."

හෙමින්ම ඇගේ හිත ඇතුළෙන් වචනයක් පිට වුණා.

ඒ වෙලාවේ රාවන් හැරුණා.ඈන්ව දැක්කා.
තත්පරයක් පුදුමයෙන් බැලුවා.
ඊට පස්සේ ඇස් වලට පොඩි හිනාවක් ආවා.
ඔහු ෆෝන් එක ටිකක් පහළට කරලා,

"ඈන්...?"

කියලා ඇහුවා.

ඈන් එකපාරටම පියවි සිහියට ආවා.

"අ... සොරි..."

ඇය ලැජ්ජාවෙන් කම්මුල් රතු කරගෙන කිව්වා.

"මං හිතුවෙ ඔයා නිදාගෙන ඇති කියලා..."

රාවන් හිනාවෙලා හිස දෙපැත්තට සැලුවා.

"නිදි...?..."

ඔහු ෆෝන් එක දිහා බලලා කිව්වා.

"මේ අය මට නිදාගන්න දෙන්නෙ නෑ."

ඈන්ටත් හිනා ගියා.

ඒත් ඇගේ හිත ඇතුළේ නම් එකම දෙයක් කැරකුණා.

රාවන් සූරියබණ්ඩාර...ඕනම තැනක හිටියත්, මිනිස්සුන්ගේ අවධානය නතර කරගන්න පුළුවන් .

"Come come...."

ඈන් කාමරයට ඒ අවසරෙන් ඇතුළුවුණා .
රාවන් නිහඬවම ෆෝන් එකෙන් සහ ලැප් එකෙන් ව්‍යාපාරික කටයුතුවල නිරතවෙලා හිටියා.

ඔහුට ඈන් ඇවිත් ඉන්නවා කියලවත් කිසිම ගානක් තිබ්බෙ නැහැ.

මිනිත්තු කිහිපයකට පසු...ඊට පස්සේ ඈන්ම කතා කළා.

"රාවන්..."

"හ්ම්..."

"අද ..."

රාවන්ගේ ඇහිබැමක් ඉහළ ගියා.

"මොකද ?"

ඈන්ගේ කම්මුල් ආයෙමත් රතු වුණා.

"නෑ..."

"මොකුත් නෑ..."

රාවන්ට හිනා ගියා.

ඈන්ගේ ඇස් ලොකු වුණා.

"රාවන්!"

"මොකද?"

ඔහු හිනාවෙමින් ඇහුවා.ඈන් අහක බලාගත්තා.ඒත් ඇගේ දෙතොල්වල නොදැනීම හිනාවක් ඇඳිලා තිබුණා.

රාවන් ඒක දැක්කා.ඒ මොහොතේ ඔහුගේ හිතට අමුතුම හැඟීමක් ආවා.

ඒත්...

ඒ හිතේ කොහේ හරි තවමත් වෙන කෙනෙක්ගේ මතකයක් තිබුණා.

නෙලුම්.

ඒ නම හිතට ආපු ගමන් ඔහුගේ හිනාව පොඩ්ඩක් මැකුණා.ඈන් ඒ වෙනස දැක්කා.

ඒත් හේතුව දැනගෙන හිටියේ නැහැ...

"ඔයා ටිකක් රිලැක්ස් වෙන්නකො...ඔයාට එපා වෙන්නෙ නැද්ද?..."

"අමුතුවෙන් එපා වෙන්න දෙයක් නැහැ ඈන්.මට මේවා තේරෙන්නෙත් නෑ..ඒත් පප්පා වෙනුවෙන් මේ වෙලාවෙ මට මේ දේවල් කරන්නම වෙනවා..."

ලැප්ටොප් එක වසා පසෙකට කරමින් රාවන් නැගී සිටියා.

ඈන් රාවන්ගෙ දඩබ්බර ඇස් දිහාම බලන් හිටියා.හරිම හිතුවක්කාර දඟලන ඇස් දෙකක්.

ඇයට එහෙම හිතුනෙ රාවන් ඉතා වේගයෙන් ඇසි පිය ගසමින් ෆෝන් එක දෙසම නැවතත් බලා සිටිනු දැකයි...

"ඉතින් අනේ ඔය ඔක්කොම බිස්නස් කොහොමත් කවදා හරි ඔයාගෙනි.එතකොට ඉතින් ඕවා කරන්න වෙයි...."

ඈන් කිව්වෙ රාවන්ගෙන් තවත් උත්තරයක් බලාපොරොත්තු වෙමින්.

"අනේ මේ මගුල් නම් මට සෙට් වෙන්නෙ නැහැ.මට නම් මේ එක මගුලක්වත් ඕනිත් නෑ.එපා වෙලා ඉන්නෙ දැනටම...."

ෆෝන් එක පසෙකට දමා දෙනෙත් වසාගෙනම ඔහු අසල තිබූ සෝපාවකින් හිඳගත්තා.

සෝෆාවට බරවෙලා ඇස් පියාගෙන හිටපු රාවන් දිහා ඈන් නිහඬවම බලාගෙන හිටියා.

ඔහුගේ මුහුණ පුරාම තිබුණේ වෙහෙස.
දවස් ගාණකින් හරියට නින්දක් නැති බව හොඳටම පේනවා.

කොණ්ඩෙ ටිකක් අවුල් වෙලා.
ශර්ට් එකේ උඩ බොත්තම් දෙකක් ඇරලා.

අත් දෙක හිස පිටිපස්සට තියාගෙන ඇස් පියාගෙන හිටියේ හරියට මුළු ලෝකෙම බර ඔහුගේ කර මත තියෙනවා වගේ.

ඈන්ගේ හිතට දුකක් ආවා.මේ තරම් දඩබ්බර...මේ තරම් හිතුවක්කාර...

කිසිම දෙයක් ගණන් නොගන්න රාවන්ව ඇය දැකලා තිබුණා.

ඒත්...

මේ වගේ රාවන් කෙනෙක් නම් කවදාවත් දැකලා තිබුණේ නැහැ.

නොදැනීම ඇගේ ඇස් ඔහුගේ මුහුණ පුරාම ඇවිදින්න ගත්තා.

ඔහුගේ ඇස්.ඔහුගේ හකු රේඛාව.ඔහුගේ තෙත් කොණ්ඩෙ.

ඒ හැමදේම දිහා බලද්දි ඇගේ හදවත අමුතු විදිහට ගැහෙන්න ගත්තා.

"රාවන්..."

ඇය හෙමින් කතා කළා.

"හ්ම්..."

ඇස් ඇරියෙවත් නැතුව ඔහු උත්තර දුන්නා.

"ඔයාට නිදිමතයි නේද...?"

"ඔව් අප්පා......"

ඔහු හිනාවක් එක්ක කතා කළා.

"ඒත් නිදාගන්න බෑ."

ඈන් හෙමින් නැගිට්ටා.ඔහු ළඟට ටිකක් ලං වුණා.රාවන් තවමත් ඇස් පියාගෙන.ඇයට එක මොහොතකට හිතුණා...ඔහුගේ අත අල්ලන්න.

"ඔක්කොම හරි යයි..."

කියලා කියන්න.ඔහුට හයියක් වෙන්න.ඒත්...
අන්තිම මොහොතේම ඇය නතර වුණා.
ඇඟිලි ටිකක් ඉදිරියට ගිහින් ආයෙමත් පස්සට ගත්තා.රාවන් ඒ කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ.ඔහුගේ හිත තිබුණේ තවමත් ICU එකේ.
පප්පා ළඟ.

ඒත්...

ඒ හිතේ ගැඹුරුම තැනක...අඩවන් කෝපි පාට ඇස් දෙකකුත් හෙමින් හෙමින් ජීවත් වෙමින් තිබුණා.

"ඔයා මොනාද කල්පනා කරන්නෙ...?"

ඈන් ඇහුවා.

රාවන් හෙමින් ඇස් ඇරියා.තත්පරයක් නිහඬව හිටියා.

ඊට පස්සේ ඔහුගේ තොල්වලට නොදැනීම පුංචි හිනාවක් ආවා.

"මොකුත් නෑ..."

ඔහු කිව්වා.

ඒත් ඒ හිනාව දැක්ක ගමන් ඈන්ට තේරුණා...
ඔහු හිතන්නේ තමන් ගැන නෙවෙයි කියලා.
වෙන කෙනෙක් ගැන.ඒත් කවුද කියලා...
ඇය තවමත් දැනගෙන හිටියේ නැහැ.

"හ්ම්..."..........................................................................
රාවන් ෆෝන් එක කනෙන් ඈත් කරගෙන මාලන්ගේ නම්බර් එක ඩයල් කළා.

කෝල් එක රිංස් දෙකක් යද්දිම ආන්සර් වුණා.

"කියපන් මචං..."

මාලන්ගේ හඬ ඇහුණා.

"මාලා..."

රාවන් ජනේලයෙන් එළිය බලාගෙනම කතා කළා.

"උඹ වලව්ව පැත්ත බැලුවද...?"

එහා පැත්තෙන් තත්පරයක් නිහඬතාවයක්.

"අඩේ බං..."

මාලන් දිගු හුස්මක් ගත්තා.

"සොරි මචං..."

රාවන්ගේ නළල ටිකක් රැළි ගැහුණා.

"ඇයි...?"

"වැඩත් එක්ක නෝ ටයිම් බං."

මාලන් හෙමින් කිව්වා.

"ජෙරාඩ්ත් බිසී."

"අංකල්ගෙ ඇක්සිඩන්ට් එකේ ලොරි කාරය ඇරෙස්ට් කරලා.ඌට ඒ හින්දා ඒ කේස් එකේ පොඩි පොඩි වැඩ වගයක් තිබුණා."

"මාත් අද උදේ ඉඳන් උඹලගෙ ෆැක්ටරි එකේ."

රාවන් නිහඬ වුණා.

"හ්ම්..."

"සොරි මචං."

මාලන් ආයෙත් කිව්වා.

"අපිට ඒ පැත්ත බලන්නම බැරි වුණා."

රාවන් ජනේල වීදුරුවට හිස තියාගත්තා.
හේතුවක් නැතුවම...ඔහුගේ හිත ආයෙත් නෙලුම් ළඟට දිව්වා.

"කමක් නෑ."

ඔහු හෙමින් කිව්වා.

"හෙට වෙලාවක් හදාගෙන ගිහින් බලපන්."

"නෙලුම් තනියම ඉන්නෙ."

එහා පැත්තෙන් මාලන්ට හිනාවක් ගියා.

"ආහ්..."

"දැන් තේරෙනවා."

"මොකක්ද...?"

රාවන් ඇහුවා.

"උඹට වලව්ව ගැන නෙවෙයි බං..."

"නෙලුම් ගැනනෙ හිත."

රාවන්ගේ හකු තද වුණා.

"පිස්සුද උඹට...?"

"අනේ පලයන්."

මාලන් හිනා වුණා.

"මං උඹව අද ඊයෙ ඉඳන් දන්නෙ නෑනෙ."

රාවන් කිසිවක් නොකියා ජනේලයෙන් ඈත බලාගෙන හිටියා.ඒ නිහඬතාවයම මාලන්ට උත්තරයක් වුණා.

"හරි හරි..."

"මං හෙටම ගිහින් බලන්නම්."

"හැබැයි මචං..."

මාලන්ගේ හඬ ටිකක් මෘදු වුණා.

"ඒ කෙල්කව ඕනිවට වැඩිය උඹ ඔහොම හිතට අල්ලගන්න එපා."

"උඹ දන්නවනෙ..."

රාවන් ඇස් පියාගත්තා.

"දන්නවා..."

ඔහු මිමිණුවා.

ඒත්...හිතට කියලා වැඩක් තිබුණේ නැහැ.
"මාලා..."

රාවන් හෙමින් කතා කළා.

"හ්ම්...?"

"මට උඹේ ෆෝන් එකෙන් කෝල් එකක් අරන් දීපන්."

මාලන්ට තත්පරයක් නිහඬ වුණා.

"කාටද...?"

"නෙලුම්ට."

රාවන් ඒ නම කියද්දිම ඔහුගේ හඬ වෙනස් වුණා.

"පව් බං..."

ඔහු ජනේලයෙන් එළිය බලාගෙනම කිව්වා.

"හොඳටම බයේ ඇති."

"දැන් දවස් කීයක්ද..."

මාලන්ට හිනා ගියා.

"අඩේ..."

"උඹට නම් ඒකි දකින්නෙ නැතුව හොඳටම අමාරුයි වගේ."

"මගුලක් කියවන්නෙ නැතුව වැඩේ කරපන්."

රාවන් සැරෙන් කිව්වා.මාලන් තවත් හිනා වුණා.

"නෑ බං..."

"ඒකි දන්නව ඇතිනෙ මේ ඇක්සිඩන්ට් එක."

"ගමේ මිනිස්සුන්ට ඕවා හංගන්න බෑ."

"ආයෙ ඉතින් උඹට excuse එකකුත් තියෙනවා."රාවන් නළල අතගෑවා.

"මාලා..."

"හරි හරි..."

මාලන් හිනාව මැඩගෙන කිව්වා.

"මං හෙටම ඒ පැත්තට ඔලුව දාලා එන්නම්."

"ගිහින් බලන්නම්."

"කතා කරලා බලන්නම්."

"හැබැයි යන්න නම් කම්මැලි බං."

"පාලයත් හිටියනම් අවුලක් නෑ."

"ජෙරාඩ් එක්ක ගියොත් මගදිත් මගෙ ඔලුව කනවා."

රාවන්ට නොදැනීම පොඩි හිනාවක් ගියා.

"උඹ කියන හින්දා යන්නෙ."

මාලන් දිගටම කිව්වා.

"නැත්නම් මටත් වැඩ කන්දක් තියෙනවා."

"හ්ම්..."

රාවන් හෙමින් හිස සැලුවා.

"බලලා මට කියපන්."

"හරි මචං."

මාලන්ගේ හඬත් ටිකක් බැරෑරුම් වුණා.

"උඹ දැන් ඔය ගැන හිත හිත ඉන්න එපා."

"අංකල්ව බලාගනින්."

"අපි මේ පැත්ත බලාගන්නම්."

කෝල් එක කට් වුණා.

රාවන් තවත් තත්පර කිහිපයක් ෆෝන් එක අතේ තියාගෙන හිටියා.

හේතුවක් නැතුවම...

ඔහුගේ හිතට පුංචි සහනයක් දැනුණා.

හෙට...කවුරුහරි නෙලුම්ව බලන්න යනවා.
ඒ ඇති...

දැනට ඒ ඇති කියලා ඔහු හිත හදාගත්තා............................................................................
"ඩොක්ටර්..."

රාවන් හෙමින් කතා කළා.

ඩොක්ටර් අභයරත්න ඔහු දිහා හැරුණා.

"යස් මිස්ටර් රාවන්...?"

"මං ටිකක් ගෙදරට ගිහින් එන්න යනවා."

රාවන් ICU වීදුරුවෙන් ඇතුළ බලාගෙනම කිව්වා.

"පප්පාටත් දැන් සිහිය ඇවිත් නිසා..."

ඩොක්ටර්ගේ මූණට හිනාවක් ආවා.

"ඕකේ මිස්ටර් රාවන් සූරියබණ්ඩාර."

ඔහු හෙමින් හිස සැලුවා.

"ඇත්තටම මිස්ටර් ඩැනීව මේ තරමට සනීප කරගන්න ලොකු උදව්වක් වුණා ඔයා අපිත් එක්කම දිගටම හිටපු එක."

රාවන් නිහඬව හිටියා.

ඔහුගේ ඇස් තිබුණේ ICU ඇඳ උඩ විවේක ගන්න ඩැනී ළඟ.

"හ්ම්..."

ඔහු හෙමින් හිස සැලුවා.

"මට ඉන්නෙ පප්පා විතරයි ඩොක්ටර්."

ඒ වචන ටිකට ඩොක්ටර්ගේ මුහුණත් මොහොතකට බැරෑරුම් වුණා.

"ඩෝන්ට් වොරි මිස්ටර් රාවන්."

ඔහු හෙමින් කිව්වා.

"මිස්ටර් ඩැනී දැන් හොඳ ප්‍රගතියක් පෙන්නනවා."

"අපිට ඒ ගැන සතුටුයි."

රාවන් දිගු හුස්මක් ගත්තා.

ඩොක්ටර් ඔහු දිහා මොහොතක් බලාගෙන හිටියා.

ඊට පස්සේ හිනාවක් දාලා කිව්වා.

"ඔයා ගොඩක් තරුණ දක්ෂ කෙනෙක්."

රාවන්ගේ ඇහිබැම ටිකක් ඉහළ ගියා.

"මං දැක්කා..."

ඩොක්ටර් හෙමින් හිනා වුණා.

"මෙහෙ ඉඳගෙනම ඔයා මිස්ටර් ඩැනීගේ මැනේජ්මන්ට් එක හැන්ඩ්ල් කරන විදිහ."

"මට මිස්ටර් ඩැනී ගැන කලිනුත් අහලා තිබුණා."

"ඒත් දැන් තේරෙනවා එයාට ඔයා ගැන ආඩම්බර ඇයි කියලා."

රාවන් මොහොතකට නිහඬ වුණා.එහෙම කතාවක් අහන්න ඔහු පුරුදු වෙලා හිටියේ නැහැ.

"මිස්ටර් රාවන්..."

ඩොක්ටර්ගේ හඬ නැවත ඇහුණා.

"ඉස්සරහට ඔයාට ගොඩක් බිසී වෙයි."

"වගකීම් ගොඩක් එයි."

"ඒ නිසා ටිකක් රෙස්ට් කරන්නත් අමතක කරන්න එපා."

රාවන්ගේ මූණට හෙමින් හිනාවක් ආවා.

"ට්‍රයි කරන්නම් ඩොක්ටර්."

"ගුඩ්."

ඩොක්ටර් හිස සැලුවා.

"එහෙනම් ගෙදර ගිහින් ටිකක් විවේක ගන්න."

"අපි දිගටම මිස්ටර් ඩැනීගේ තත්ත්වේ ගැන ඔයා එක්ක කමියුනිකේට් කරන්නම්."

"ඕකේ."

රාවන් අත දික් කළා.

ඩොක්ටර්ත් ඔහුගේ අත අල්ලලා තදින් අතට අත දුන්නා.

"සේෆ් ට්‍රිප් මිස්ටර් රාවන්."

රාවන් ආයෙමත් වීදුරුවෙන් ඇතුළ බැලුවා.

ඩැනී නිහඬව නිදාගෙන හිටියා.

ඒත් දැන්...

ඔහුගේ හිතේ බර ටිකක් අඩු වෙලා.

සතියකට පස්සේ...

අන්තිමට...

ඔහු ආපහු ගෙදර යන්න සූදානම් වුණා.
...................SAYU............................................

ඊළග කොටස අදම ඕනිද?
🌹කතාව කියවලා ලයික් කරන්න.අදහස් වචනය වලින් කමෙන්ට් කරන්න .ඒක මට ලොකු හයියක් තව ලියන්න.
🌹SAYU පේජ් එක follow කරලා සම්පූර්ණ කතාව කියවන්න

Want your business to be the top-listed Media Company in Balangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

8/113, LadySmith Watta, Rassagala Road
Balangoda
70100