Quote 2.2

Quote 2.2

Share

12/05/2022

🇱🇰

27/08/2021

මිනිස්සු ආදරේට ආදරෙයි.....
පොදුවෙ ගත්තම පණ ගැහෙන ඕනෙම
ජීවියෙක් එහෙමයි....
ඒත් ගෑණු හිත් ඊට වඩා වෙනස්.....
ගෑණු හිත ආදරේට ලෝබයි....
ඔව් අසීමාන්තිකව ලෝබයි....

ඒකමයි...,
ඒ හිත...,
අසීමිතව ඒ ආදරේ ආත්මාර්තකාමීව බදා ගන්නේ....
අසීමිතව ඒ ආදරේ ආත්මය පුරා වපුරන්නේ....
අසීමිතව ඒ ආදරේ ජීවිතය දිගේ අතුර ගන්නේ.......
අසීමිතව ඒ ආදරේ නිසා මරා
ගන්නේ....
අසීමිතව ඒ ආදරේ නිසා කියවන්නේ,කෑ ගහන්නේ ඒ තරම්ම කේන්ති
ගන්නේ.....
අසීමිතව ඒ ආදරේ නිසා අඬන්නේ,ඉකිලන්නේ ඒ තරම්ම සුසුම්ලන්නේ......
අසීමිතව ඒ ආදරේ නිසා විඳවන්නේ,දුක් දරන්නේ ඒ තරම්ම උහුලන්නේ ආදරේ දන් දෙන්නේ......

හැබැයි හැම දේකම අවසානේ
එක තැනක් තියෙනවා....
අන්න ඒ තැන හරිම නිශ්ශබ්දයි....
ඔව් .....
අන්න එතනදි ඒ ගෑණු හිත
අසීමිතව නිහඬ වෙනවා....
ඒක හරිම මූසල දරුණු
නිහඬ වීමක්.....

ලේ නහර පුරා ආදරේ දුවපු
සියුම් තැන් වලින් පටන් ගත්තු
ඒ දරුණු වීම.....
පණ ගැහෙන හදවත එහෙම
පිටින්ම ගලක් කරනවා.....
ඔව් ඇත්තමයි......,
ඊටපස්සේ කිසිම කෙනෙක්ට
බැරි වෙනවා ඒ හදවතේ
ගැස්ම අහන්න.....
උණුහුම විඳින්න....
කොටින්ම කිව්වොත්
ඒ ගෑණු හිත අමු අමුවේ
මැරිලා ගිහින්.,
උඹට දකින්න ලැබෙන්නේ
ගලක් විතරමයි......

තිළිණි ✍️

11/07/2020

😍😍😍

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo