Third Eye
මේ වීඩියෝව් අනුව ඇත්තටම quality එකක් නැත්තෙ කාගෙද ළමයි 🤨
07/12/2026
මීගමුව බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් 08 දෙනකුට කෲර වධහිංසා පමුණුවා සාහසික අන්දමින් ඔවුන් ඝාතනය කළ රැඳවියන් සියලුදෙනා එම චෝදනා යටතේ යළි අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
මෙම සාහාසික ඝාතනයන්ට සම්බන්ධ රැඳවියන් 75දෙනකු පමණ මේ වනවිට හඳුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ඉදිරි දිනවල දී ක්‍රියාත්මක කරනු ඇත.
මෙම සිද්ධිය පිළිබඳව ‘දිවයින’ කළ විමසීමක දී වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කියා සිටියේ මෙම නිලධාරීන් ඝාතනය කළ
රැඳවියන් සියලුදෙනා හඳුනාගැනීමේ විමර්ශන කටයුතු ඉතාම සාර්ථක අන්දමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරගෙන යන බවත් සැකකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.
බන්ධනාගාර නිලධාරීන්ට කෲර වධහිංසා පමුණුවමින් ඔවුන් ඉතා ම සාහාසික අන්දමට ඝාතනය කළ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මෙම සිද්ධිය වූ අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සියලු ම රැඳවියන්ගෙන් ප්‍රශ්න කිරීම් මේ වනවිට ආරම්භ කර ඇත.
ඊට අමතරව බන්ධනාගාරය තුළ සවිකර තිබූ සීසීටීවී කැමරාවල පටිගත වූ දර්ශන අඩංගු ඩී.වී.ආර්. යන්ත්‍ර සොයා මීගමුව බන්ධනාගාරය දැඩි පරීක්ෂාවට ලක්කිරීමට පොලිස් නිලධාරීහූ මේ වනවිට කටයුතු කරමින් සිටිති.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට පොලිසිය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
මීගමුව බන්ධනාගාරය තුළදී ඝාතනයට ලක් වූ නිලධාරීන් 08 දෙනා ම හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන්ය. එම නිලධාරීන් රැඳවියන්ගේ දරුණු පහරකෑම් සහ කෲර වධහිංසාවන්ට ලක්ව ඝාතනයට ලක් වූ බවට මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර හිස පොඩි වී යෑමට සලස්වා තිබූ අතර ඇතැම් නිලධාරීන්ගේ ගුද මාර්ගයට සහ මුඛයට කොසු මිටවල් ඇතුළු කර ඔවුන්ව ඉතාම කෲර වධහිංසා පමුණුවා තිබූ බවද මරණ පරීක්ෂණවලින් හෙළි විය.
මෙම ප්‍රහාර එල්ල කළ රැඳවියන්ගේ නම් ගම් ඇතුළු සියලු තොරතුරු මේ වනවිටත් විමර්ශන නිලධාරීන් වෙත ලැබෙමින් පවතින බවද වාර්තා වෙයි.
ඔවුන් පාවිච්චි කරා කියූ අවම බලය මෙයද? මෙලෙසින් වෙඩි තැබීමට හැකිද
Click here to claim your Sponsored Listing.