True Stories
01/06/2026
මහත කෙල්ල (අවසාන කොටස)
අපි ගිහින් නතර උනෙ ලොකු ජුවලරි ෂොප් එකක් ලග. එයා ගිහින් එතන තිබ්බ වලලු වලින් ලස්සන එකක් මට තොරලා දෙන්න කිව්ව. මමත් ඉතින් ලස්සන චාම් එකක් තොරලා දුන්නා. එයා එක් අරගෙන දෙන්නා එක්කම එලියට ආවේ ගෙදර යන්න.
සාවින්ද්‍යා බීච් එකතියෙන්නේ ලගමනේ අපි ටිකක් එතනටගිහින් යමුද කියලා සනුජ් ඇහුවම මට බෑ කියනනන බැරි උනා. මොකද පොඩි කාලේ ඉදන්ම මන් ආස තැනක් උන බීච් එකට යන්න අවස්ථාවක් ආවම මම ඒකනම් අත් අරින්නේ නෑ. ඒ හින්දා මම එකපයින් කැමති උනා. අපි සනුජ්ගේ කාර් එකේ බීච් එක පැත්තට ගියා . අද සනුජ් හරි අමුතුයි. වැඩි කතාවක් නෑ මාත් එක්ක වෙනදට එක දිගට කියවන එයා හරි නිහඩයි. මාත් ඒක එච්චර හිතුවේ නෑ. කෙහොමහරි අපි බීච් එකට ඇවිත් බංකුවක් උඩින් වාඩි උනා. ඒ වෙලාව ඉර බෑහැගෙන යන වෙලාව අහස හරි ලස්සනට පේනවා . සනුජ් මගේ ලගින්ම වාඩි වෙලා එයාගේ දුඹුරුඇස් මන් දිහාට හරවලා හීනි කරලා බලලා ඇහුවේ "මෙකෝ සාවි අයිස්ක්‍රිම් එකක් කනවද?" කියලා.
ඇත්තමයි ඒක අහපු විදිහට මාව සීතල වෙලා ගියා. මොකද මේ මාස ගානටම එයා මට සාවි කියලා කතා කරපු පලවෙනි පාර.
මට කටෙන් වචන ආවෙත් නෑ.
"කමු", මම එහෙම කිව්වා .
එයා ඒ එක්කම ඒ ලගම තිබ්බ අයිස් ක්‍රීම් වෑන් එකෙන් වැනිලයි ෆෘට් ඇන්ඩ් නටුයි අයිස් ක්‍රීම් දෙකක් අරන් මන් ලගට ආවා. එයා ලගට ඇවිත් ෆෘට් අන්ඩ් නට් අයිස් ක්‍රීම් එක මගේ දිහාට දික් කලා. මම පුදුමෙන් එයා දිහා බැලුවේ එයා කොහොමද මම ආස දේ දන්නේ කියලා අහන්න වගේ.
ඒකට එයා උත්තර විදිහට හරි ලස්සන හිනාවක් මට දැම්ම. අනේ දෙය්යනේ ඒ හිනාවට පිස්සු නොවැටුනු ටික විතරයි මම. මට නිකන් මම අර ඒලෙවල් කාලේ සනුජ්ට කැමැත්තෙන් හිටිය හැගීම් ආයෙමත් මතු වෙන්න ගත්තා වගේ දැනුනේ. මේ මාස ගාන ඇතුලේ මම මගේ හිතටම තේරුම් කරලා දුන්නේ සනුජ්ව යාලුවෙක් විදිහට ආශ්‍රය කරපන් එච්චරයි එතනින් එහාට මොකුත් වෙන්නේ නෑ කියලා. ඒත් එයා එහෙම බලද්දී හිනාවෙද්දී ඒ මමම හිතට දාගෙන හිටිය බැමි මගේ හිතම කඩාගෙන යනවා වගේ දැනුනේ මට.
අපි ලගින්ම එහා පැත්කේ කපල් එකකට ප්‍රපෝස් කරන පාටි එකක් ඇරේන්ජ් වෙවී තිබ්බේ. ඒ කපල් එක හරිම සතුටින් හිටියේ. අපි ආව වෙලේ ඉදන් මන් බලාගෙන හිටියේ ඒ දිහා. සනුජ් උනත් වැඩිය මොකුත් කතා කලේ නෑ. අයිස්ක්‍රීම් එක කන ගමන් එයා මුහුද දිහා බලාගෙනම හිටියා. එහෙම අපි සද්ද නැතුව පැය භාගයක් විතර ඉන්න ඇති.
"සාවි මොකද හිතන්නේ ජීවිතේ ගැන. " මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය එයා කිසිම අදාලත්වයක් නැති ප්‍රශ්නයක් ඇහුවා. ඒ මදිවට දැන් මට දිගටම සාවි කියලා කතා කරන්නත් පටන් අරන්.
"එහෙම මොකුත් නෑ සනුජ්. ලැබෙන දේ භාර අරගෙන සතුටින් ජීවත් වෙනවනම් සැනසීමෙන් ඉන්න පුලුවන් කියලා මම හිතනවා" මම එහෙම කිව්වේ එයා අහපු ප්‍රශ්නේ එච්චර හිතන්නේ නැතුව.
"හ්ම්ම්ම්.." එයා කිව්වේ එච්චරයි.
දැන් වෙලාව හතටත් වෙලා වගේ වෙන්න ඇති. දැන් කලුවර වැටිලා තිබ්බේ බීච් එකේ. එහා පැත්තේ ප්‍රපෝසල් එකේ වැඩේ යනවා ගජරාමෙට. ඒත් මම හිතුවේ කපල් එකම ඒක ඇරේන්ජ කරලා එයාලම පුදුම වෙනවා නේද කියලා 🤔. ඒත් ඉතින් ඒක එයාලගේ ආසාවනේ. මට මොකටද? මන් මෙච්චර දේවල් හිතනකනුත් සනුජ්ගෙන් කිසි සද්දයක් නෑ. මන් හැරිලා එයා දිහා බැලුවේ දැන් රෑ වෙලා හින්දා යන් කියන්න. ඒත් එයා මගේ එහා පැත්තේ හිටියේ නෑ.
මම බයවෙලා වටපිට බැලුවේ මෙයා කොහෙද ගියේ මටත් නොකියා කියලා. මෙන්න බලද්දි අර ප්‍රපොසල් එක ඇරේන්ජ් කරපු කපල් එකේ ගෑනු ලමයා එනව මගේ පැත්තට.
මිස් පොඩි උදව්වක් කරනවද? කියලා එයා මගේ ලගටම ඇවිත් ඇහුවා.
මොකක්ද ? මම එයාගෙන් ඇහුවේ පුදුමෙන්. මොකද මට දැන් සනුජ්ව හොයාගන්නත් ඕනි වෙලා තිබ්බේ. කෝල් එකක් ගත්තත් එයා ආන්ස්වර් කලේ නෑ.
අනේ මිස් මගේ යාලුවා එනවා කිව්වට එයා එන්න ටිකක් පරක්කු වෙනවා කිව්වා. මට ටිකක් පස්සට වෙන්න පොඩි උදව්වක් විදිහට මිස්ට ඉන්න පුලුවන්ද? ඒ ලමයා ඇවිල්ලා එහෙම ඇහුවම මට බෑ කියන්න හිත දුන්නේ නෑ. මම ටක්ගාලා සනුජ්ටත් මැසේජ් එකක් දාලා ඒ ලමයා එක්ක එතනට යන්න ලෑස්ති උනේ.
මම නැගිටලා ඒ ලමයා එක්ක එතනට යද්දි ඒ ලමයගේ බෝයිෆ්‍රෙන්ඩ් පිටිපස්ස හරවලා හිටියේ. ඒ හිටපු කෙනා එක පාරට මගේ පැත්තට හැරෙද්දි මට ඇස් අදහගන්න බැරි උනා. ඒ හිටියේ සනුජ්. මල් පොකුරක් අතේ තියාගෙන. මගේ එහා පැත්තේ හිටිය ගෑනු ලමයත් ඒ එක්කම මගේ ගාවින් අයින් වෙලා ගියා. මන් දිහාට හිමීට ඇවිදගෙන ආව සනුජ් මගේ ඉස්සරහ දණ ගැහුවේ මල් පොකුර මගේ දිහාට දික් කරන ගමන්.
"විල් යූ මැරි මී සාවි!. එයා එහෙම කියන ගමන් එයාගේ හීනි දුඹුරු ඇස් වලින් මගේ දිහා බලන ගමන් ලස්සන හිනාවක් මට දුන්නා. මට කිසිම දෙයක් හිතාගන්න බැරුව මේ වෙනකොටත් හිටියේ.
"අනේ ඕක ගන්න සාවියෝ නැත්තම් පව් අපේ මේ සනුජ් දොස්තර මහත්තයා. " ඒ ආවේ මට හුරුපුරුදු කටහඩක්. මන් වටපිට බැලුවේ මන් හිතුව කෙනාමද බලන්න. ඔව් හිතුවත් වගේ නූරි තමා. ඒ එක්කම තමා මම වටපිට බලන්න පටන් ගත්තේ. මගේ වටේ හිටියේ මම මෙච්චර වෙලා නොදැක හිටියට මගේම අය මගේ වටේ වටවෙලා හිටියා. මගේ අම්මා, නූරි, නූරිගේ වෙන්න හස්බන්ඩ්, නූරිගේ ගෙදර අය ඔක්කොම වගේම සනුජ්ගේ ගෙදර අයත් ඇවිත් හිටියා. මන් ෆොටෝ වලින් දැකලා තියෙන හින්දා සනුජ්ගේ ගෙදර අයව අදුරගත්තා. මන් මේ තප්පරේට ඔක්කොම බලලා ආයේ බැලුවේ මන් ඉස්සරහ ඉන්න සනුජ් දිහා. එයාගෙන් අහන්න ප්‍රශ්න කෝටියක් තිබ්බත් මේක ඒකට වෙලාව නෙමෙයි කියලා මම දැනගෙන හිටියා. ඒ හින්දා එයා මට මෙච්චර වෙලා දික්කරගෙන හිටිය මල් බොකේ එක මම ගත්තා. ඒ ගන්නවා එක්කම නැගිට්ට සනුජ් දැන් පැය දෙකකට විතර කලින් මමම තෝරපු ලස්සන රත්තරන් වළල්ල මගේ අත අරගෙන මගේ අතට දැම්මා. මම ඇත්තටම මේ හැම වෙලේම හිටියේ ගල් වෙලා වගේ. වෙන්නේ මොකක්ද කියලවත් අයිඩියා එකක් මට තිබ්බේ නෑ.
"සාවි මම ඔයාට කැමති.ඔයාට ගොඩාක් ප්‍රශ්න ඇති මගෙන් අහන්න. ඒ හැමදේටම මම උත්තර දෙන්නම්. ඒත් දැන් නෙමේ. මෙතන මම ආව අයට පාටි එකක් ඇරේන්ජ් කරලා තියෙනවා. එක ඉවර උනහම අපි ටිකක් තනියම එලියට යමු." එයා එහෙම කියන ගමන් මගේ අත අල්ල ගත්තා.
"දැන් ඔයා නූරි එක්ක ටිකක් ඉන්න. ඔයා ටිකක් බයවෙලා පුදුම වෙලා වගේ ඉන්නේ කියලා මම දන්නවා. ඒවා ටිකක් සෙට්ල් උනහම අපි කතා කරමු. ඒත් මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනි. ඔයා මට ඇත්තටම කැමති නේද?" එයා එක් ඇහුවේ මගෙ අතින් අල්ගගෙන මගේ අස් දෙක දිහා බලන ගමන්.
මන් කදුලු පිරුන ඇස් දෙකෙන් එයා දිහා බලාගෙන් ඔලුව හෙලෙව්වා.
එහෙනම් එච්චරයි එයා එහෙම කියන ගමන් මගේ අත අතැරලා ඇස් දෙකෙන් පෙන්නුවේ නූරිව.
කොහොමහරි අපි හිටිය තැනට ටිකක් එහායින් පාටි එකක් ඇරේන්ජ් කරලා තිබ්බා. අපි හැමෝම ඒ හරියට ගියාට පස්සේ මම ඉක්මනින් ගියේ නූරි ලගට. මොකද මේ වෙනකොට මට සෑහෙන්න ප්‍රශ්න තොගයක්ම තිබ්බා.
"හෝව් හෝව් , උබ අහන්න යන හැම ප්‍රශ්නයක්ම මම දන්නවා. ප්‍රශ්න අහන්න මහන්සි වෙන්න එපා. මම උත්තර ටික දෙන්නම්." මම ඒකි ලගට ලං වෙනවා කියලා දැක්ක පලවෙනි තප්පරේම නූරි කෑ ගැහුවා. මම ඒකිගේ වෙන්න හස්බන්ඩ්ගෙනුත් අවසරේ අරන් ඒකි එක්ක ආවේ කට්ටිය ටිකක් අඩු තැනකට.
"ඇත්තටම මොකක්ද නූරි මේ උනේ . උබත් මේ හැමදෙම දැනගෙනද හිටියේ". මම කෙලින්ම ඒකිගෙන් ඇහුවා.
"දැන් මට කියහන් මේ උන දේවල් වලට උබ කැමති නැද්ද කියලා." ඒකි මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා වෙනුවට මගෙන් ආයෙම ප්‍රශ්නයක් ඇහුවා.
"උඹ දන්නවනේ මේක මගේ පොඩිකාලේ ඉදන් තිබුන හැබෑ නොවුන ලොකුම හීනයක් කියලා. ඒත් ඒ හිනේ මේ විදිහට උනහම මට දරාගන්න බෑ. මට බයයි මේකත් ඇත්තටම හීනයක්ද කියලා". මම එහෙම කිව්වේ මට ටිකක් ඈතින් මගේ පිටිපස්සසෙන් හිටන් එයාගේ යාලුවෙක් එක්ක කතා.කර කර ඉන්න සනුජ් දිහා බලාගෙන
"මේක හීනයක් නෙමෙයි මෝඩියේ. මේක ඇත්තක්. ඒ වගේම ඒක උබට ලැබෙන්න තිබ්බ දෙයක්".නූරි මට එහෙම කිව්වේ මගේ කම්මුලක් මිරිකන ගමන්.
"ඒත් ඒලෙවල් කාලේ තඩිච්චියක් ගානට මාව දැක්ක සනුජ් කොහොමද නූරි දැන් මට කැමති වෙන්නේ". මන් එහෙම ඇහුවේ හරි අසරණ බැලමකින්. මොකද එදා ඇහුන වචන මට තාම මතක් වෙනවා.
"දැන් මට කියපන් එදා උඹට එහෙම කියනවා ඇහුනේ සනුජ්ද?" නූරි එහෙම අහුවම මම ඔලුව හෙල්ලුවේ නෑ කියලා කියන්න.
"එහෙනම් එදා සනුජ් එහෙම කිව්වෙත් නෑ වගේම තමා එහෙම හිතලත් නෑ" නූරි එහෙම කිව්වම මම නූරි දිහා බලන් හිටියේ ඇස් ලොකුකරගෙන
නූරි ආයෙ මන් දිහා බලලා කතා කරන්න පටන් ගත්තා.
"ඔව් එදා සනුජ් එයාගේ යාලුවෝ එක්ක කතා වෙලා තිබ්බේ උඹට කැමති කියලා. එහෙම කිව්ව වෙලාවේ උගෙ යාලුවෙක් සනුජ්ට කියපු දේ තමා උඹට ඇහිලා තිබ්බේ. ඒත ඊලග දවසේ සනුජ් ඉදලා තියෙන්නේ උබෙන් කැමැත්ත අහන්න. ඒත් උබ එදා ඉදන් කලේ සනුජ්ව මගෑරපු එක හින්දා ඒක කියන්න වෙලා නෑ. ඒලෙවල් වලින් පස්සේ හිත හදන් ඌ සාමාන්‍ය විදිහට ඉදලා උබත් කැමති නැතුව ඇති ඒක නිසා තමා මගාරින්නේ කියලා. පස්සේ අර මාස ගානකට කලින් අපිව දැක්ක දවසේ ඉදන් තමා ආයේ. එකම තැන වැඩ කරන්න ආවට පස්සේ ඉතින් සනුජ්ටත් අදහගන්න බැරි වෙලා. පස්සේ මා එක්ක ඕක කිව්වා. මමත් ඉතින් ඇත්තටම උබත් ඌට කැමැත්තෙන් හිටියේ කියලා මුලු කතාවම කිව්වා. ඒත් උබට එක පාර ආයේ ලන් වෙන්න බය හින්දා තමා මෙච්චර කල් ඉවසන් ඉදලා මෙහෙම දෙයක් ප්ලෑන් කලේ හැමෝගෙම කැමැත්තෙන්. මොකද දැන් උබ අකමැතිද?"
ඔක්කොම කියලා නූරි මන් දිහා බලලා අන්තිමට එහෙම ඇහුවේ මූණත් ඇල කරන්.
"පිස්සුද බන්. මන් කොයි කාලේ ඉදන් දැකපු හීනයක්ද මේ හැබෑ උනේ. මම සනුජ්ව නැති කරගන්නේ නෑ ආයේ කවදාවත්. මම සනුජ්ට ආදරෙයි."
මම එහෙම මුමුණන ගමන් මට පිටිපස්සෙන් ඉන්න සනුජ් දිහා බලලා හිනාවුණා. එයත් මා දිහාමයි බලන් ඉදලා තියෙන්නේ. ඒ ඇස් දිලිසෙනවා.
"මම කවදාවත් ආයේ ඔයාව නැති කරගන්නේ නෑ සනුජ්. මම ඈත ඉදන් එයා දිහා බලාගෙන පොරොන්දුවක් උනා. සනුජ් එක්ක ගෙවන මගේ ලස්සන අනාගතේ විතරයි ඒ වෙලාවේ මගේ හිත පුරාම තිබුනේ. මන් හිමිහිට සනුජ් දිහාට ඇවිදන් ගිහින් එයාට තුරුලු වුනා.
නිමි.
ශානි ✍️
කතාව ගැන ඔයාලගේ අදහස් කියාගෙන යන්න. අලුත් කතාවක් ඉක්මනට ඕනිද
#කෙටිකතා
30/05/2026
මහත කෙල්ල (03 කොටස)
කීයට නින්ද ගියාද කියලා මතක නැති උනත් මන් එලාම් තිබ්බේ 5.30 ට වගේ හින්දා මම නැගිට්ටා හරියටම පහමාර වෙද්දි. නැගිටලා එලාම් එකත් ඕෆ් කරලා වොෂ් එකක් දාගෙන ගියේ කිචන් එක පැත්තට.යනකොටත් අම්මා ඇහැරලා. මම කිචන් එකේ පැත්තකින් තියලා තිබ්බ පුටුවෙන් ඉදගත්තේ තව ටිකකින් අම්මා අතටම කිරි එක හදලා දෙන බව දන්න හින්දා. ඊයේ නිවාඩුව හින්දා අද උදේ අම්මා එක්ක මෙහෙම හිටියට අද හොස්පිට්ල් එකට ගියහම සමහරවිට හෙට දවස ඉවර වෙනකනුත් ගෙදර එන්න වෙයිද දන්නේ නෑ. මම බලන්න හිටිය වෝ්ඩ් එකේ මාත් එක්ක හිටියේ ඩොක්ට චතුනි මේ හොස්පිට්ල් එකෙන් මාරු වෙලා ගිහින් දැන් මාසයක් වගේ වෙනවා. එයා වෙනුවට අලුත් ඩොක්ට කෙනෙක් එනවා කිව්වට තාම නෑ. ඒ හින්දා දෙන්නෙක්ගේ වැඩ කරන්න වෙන හින්දා ගෙදර එන එක ශුවර් නෑ. මන් දන්නවා අම්මා නොකිව්වට ඒ ගැන හිතේ අවුලෙන් ඉන්නේ කියලා.
"දුව, මේ සතියෙත් දුවටමද හොස්පිට්ල් එකේ ඔක්කොම වැඩ බලන්න වෙන්නේ" අම්මගේ කටහඩින් මම පියවි ලෝකෙට ආවත් මට අම්මා අහපු ඒ දෙයින් හිතුනේ මම හිතින් උනත් හිත හිත හිටිය එක හරියටම හරි නේද කියලා.
"ඔව් අම්මා, අද අලුත් ඩොක්ට එනවා කියලා කියලා තියෙන්නේ. ඒත් ශුවර් කරන්න බෑනේ අම්මා. මෙච්චර දවස් ආවෙත නෑනේ"
එහෙම කියපු මම අම්මා හදලා දුන්න කිරි එකත් අරන් කිචන් එකේ දොර පැත්තෙන් එලියට බැස්සා. මේ වෙනකොට උදේ හයහමාරට විතර වෙලා තිබුන හින්දා ලාවට ඉර එලිය වැටිලා තිබ්බේ. අපි හිටියේ නුගේගොඩ ටවුන් එකට කිට්ටුවෙන්ම උනත් අපේ ගේ පිටිපස්සෙන් තිබ්බේ ලොකු වෙල් යායක්ම. ඒක දකිනකොට හිතෙන්නෙවත් නෑ අපි ජීවත් වෙන්නේ නුගේගොඩ වගේ ජනාකීර්ණ නගරයක් කිට්ටුවමයි කියලා. අපේ ගේ පිටිපස්සට වෙන්න ගල් බංකු පේලියක් දාලා තිබුණ නිසා මම ඒ බංකුවකින් වාඩි උනා. මට කල්පනා උනේ ඊයේ දවස ගැන. කොච්චර අහම්බයක් උනත් මට ඊයෙම සනුජ්ව හමුබුන එක හරියට හීනයක් වගේ තිබ්බේ. ඒ මම එයාව දැක්කේ අවුරුදු අටකට නමයකට පස්සෙද කොහෙද. ඒලෙවල් වලින් පස්සේ එයා කැම්පස් තේරැණා කියලා ආරංචි උනත් මන් දැනන් හිටියේ නෑ එයා මෙඩිකල් ෆැකල්ටි කියලා. එයත් මන් වගේම ඩොක්ට කෙනෙක්. මට හැමදෙයක්ම හිනයක් වගේ. ඒත් මට එයාව ආයේ කවදා දකින්න පුලුවන් වෙයිද දන්නෑ. හැමදාම අහම්බයන් වෙන්නේ නෑනේ.
"දුව, කෝ ඔයා යන්න ලෑස්ති වෙන්නෙ නැද්ද ඔතනට වෙලා කල්පනා කර කර ඉන්නෙ". අම්මා ගේ ඇතුලේ ඉදන් කතා කරනකොට තමා මන් කල්පනා ලෝකෙන් බිමට වැටුනේ.
එනවා අම්මා කියාගෙන මම බීපු තේ කෝප්පෙත් අරගෙන කිචන් එක පැත්තෙන් ගෙට ගොඩ උනා.
ඉක්මනට කෝප්පේ හෝදලා තිබ්බ මම ටග්ගාලා කාමරේට දිව්වේ හතටත් ලං වෙලා කියලා දැක්ක හින්දා. ඉක්මනට ගෙදරින් ගියේ නැත්තම් මේ වෙලාවට පාරෙ තියෙන ට්‍රැෆික් එකත් එක්ක වෙලාවට හොස්පිට්ල් එකට යන එක බොරැ කියලා මම අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. ටග්ගාලා හතයි හතලිහ වගේ වෙනකොට ලෑස්ති උන මම සාලෙට ඇවිත් අම්මා හදලා තිබ්බ කෑම ටික ගිලගෙන ගිලගෙන ගිහින් අම්මා දීපු දවල් කෑම එකත් අරන් අම්මට වැදලා දිව්වේ මගේ කාර් එක ගාවට. ඔව් මට පොඩි පැන්ඩා කාර් එකක් තියෙනවා. මගෙ ගමන් පහසුවට ගෙවාගෙන යන්න උනත් මන් මේක ගත්තේ ගමන් පහසුව නිසා. කොහොමහරි අස්සෙන් බස්සෙනුත් දාලා යන්තම් නමය වෙන්න කලින් මම ආවා හොස්පිට්ල් එකට. වෝඩ් එක පැත්තට යනකොට එතන හිටිය සිකුරුටි ඇන්ටි මට ගුඩ්මෝනින් කිව්වේ දත් තිස් දෙකම පෙන්නලා. මමත් ගුඩ්මෝනින් කියාගෙන මෙකද ආන්ටි අද අලුත් සතුටකින් කියලා ඇහුවෙ වෙනදටත් වඩා ආන්ටි සතුටෙන් ඉන්නව කියලා හිතුන හින්දා.
"මට සතුටුයි තමා ඩොකටර්. හැබැයි මට වඩා සතුටු හිතෙයි මේක ඇහුවම අපේ පුංච් දොස්තර නෝනට."
"ඒ මොකක්ද ඇන්ටි ඒ."
"ඔන්න ගියපු චතුනි ඩොක්ට වෙනුවට එන්න හිටිය ඩොක්ට අද උදෙ පාන්දරම ඇවිල්ලා"
"අනේ ඒ ආරංචිය ඇහුවා විතරයි මගේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගෙ මට දැනුනේ. "
"අනේ ඇත්තද ආන්ටි" ගාගෙන මම ආවේ වාට්ටුවට. මම වාට්ටුවට යද්දි වෙනදා චතුනි ඉදගෙන ඉන්න තැන මට පිටුපාලා ඉදගෙන හිටියේ පිරිම් ඩොකටර් කෙනෙක්. මම ඩොක්ට ලගට ගිහින්
"එක්ස්කියුස් මී ඩොක්ට", කියනකොට මන් දිහා ඒ හැරිලා බලපු ඇස් දැක්කම මට ඇස් අදහගන්නත් බැරි උනා.
"සනුජ්..? මම ඇහුවෙ පපුවට අත තියාගන්න ගමන්. මට මම ඉන්නේ හොස්පිට්ල් එකෙ කියලත් අමතක උනා.
"සාවි. ඕ සොරි සාවින්ද්‍යා ඔයා ආවද? "ගුඩ් මෝනින්!. සනුජ් මන් දිහා හැරිලා හිනාවෙලා කිව්වා.
මමත් ඒ වෙලාවේ ටග්ගාලා සිහිය අරන් "ගුඩ්මෝනින් සනුජ්. ඔයාද මේ ආව අලුත් ඩොක්ට".
"ඔව් මට එන්න තිබ්බේ මීට කලින් උනත් කලින් හිටිය හොස්පිට්ල් එකේ මන් භාරගත්ත පේෂන් කෙනෙක්ගේ ට්‍රීට්මන්ට ඉවර වෙනකම් ඉන්න උනා සාවින්ද්‍යා. ඒකයි පරක්කු උනේ".
"ඒත් සනුජ් ඔයා ඊයේ අපි හම්බුන වෙලාවෙවත් කිව්වෙ නෑනේ මෙහෙටෙ එනවා කියලා."
"කියන්න තමා හිටියේ. ඊයේ හමුබුන වෙලාවෙ කෙලින්ම කියන්නත් හදලා ආයේ පස්සේ කියනවා කියලා හිතුවා පස්සේ නූරිගෙන් ඔයාගේ නම්බර් එක ඉල්ලගෙන රෑ ඔයාට මැසේජ් එකක් දැම්මේ. ඒත් ඔය මේ වෙනකම් ඒක බලලා තිබ්බේ නෑනේ".
ඒ එක්කම තමා මට මතක් උනේ ඊයේ මට අදුරන්නේ නැති නම්බර් එකෙන් ආව මැසේජ් එක. ඒක මතක් වෙලා මට ලැජ්ජාවට රතු උනා වගේ.
"ඔයා මෙහෙ වැඩ භාරගන්න ඕනි ඔක්කොම කරගත්තද? "මම සනුජ්ගෙන් ඊලගට ඇහුවෙ ඒකත් දැනගන්න ඕනි හින්දා.
"ඔව් සාවින්ද්‍යා. ඒවා ඔක්කොම කරගෙන තමා මෙතනට ආවේ."
" හරි සනුජ් තව ටිකකින් ඩොක්ට සුමනසේකර එනවා වෝඩ් රවුන්ඩ් යන්න.එතකොට අපිට ලෑස්ති වෙලා ඉන්නයි තියෙනනේ". කියලා මම කිව්වා.
ඩොක්ට සුමනසේකර කියන්නේ අපිට ඉහලින් ඉන්න ලොකු ඩොක්ට. එයා හරිම දක්ෂ පිලිවෙල නීතියට වෙලාවට වැඩ කරන කෙනෙක්. එයා එනවා හැමදාම උදේ දහය වගේ වෙද්දි වෝඩ් රවුන්ඩ් යන්න.
සනුජ් ඉස්සරහ මට අපහසුවක් දැනුනත් මම මේ ටික වෙලාවට හිතට තේරුම් අරන් තිබ්බේ මට ඉස්සරහට එයා එක්ක කාලයක් වැඩ කරන්න වෙනවා කියලා. ඒ හින්දා අපහසුවෙන් උනත් මම හිත ටිකක් හදාගෙන හිටියේ වැඩ කරන්න.
ඒත් සනුජ්ගෙන්නම් එහෙම අපහසු බවක් තිබ්බේ නෑ. හරිම සුහද බවකින් තමා එයා මා එක්ක කතා කලේ. ඒක මට ලොකු පහසුවක් උනා. තිබුන ඉතිරි වෙලාවේ පේෂන්ට්ලගේ ඩොකියුමන්ට් රිපෝට්ස් චෙක් කරපු මම මට සහයට හිටිය නර්ස් එක්ක පේෂන්ට්ලා ලගට ගිහින් එයාලගේ අප්ඩේට් ටිකත් ඇරන් ආවා. සනුජ් කලේ මේ දේවල් දිහා බලාගෙන ඉන්න එක. එයාට පුරුදු වෙන්න ටික දවසක් යයිනේ කියලා මම හිතුවා. පස්සේ හරියටම උදේ දහය වෙනකොට ඩොක්ටර් සුමනසේකර ආවා. ඩොක්ටට අලුතෙන් ආව සනුජ්ව හදුන්වලා දීලා ඉවර වෙලා වෝඩ් රවුන්ඩ් ගිහින් ඉවර වෙනකොට උදේ එකොලහමාරට විතර වෙලා. හොදටම හෙම්බත් වෙලා හිටිය මම ඩොක්ට සුමනසේකර ගියාට පස්සේ හැදුවේ කැන්ටින් එකට යන්න තේ එකක් බොන්න. මට සනුජ්ටත් කතා නොකර යන්න හිත දුන්නේ නෑ. ඒත් එක්කම මට මේ ලෝකේ පෙරලෙනවා වගේ උන දේ නූරිට කියනකම් ඉවසිල්ලක තිබ්බේ නෑ. කෝකටත් කමක් නෑ කියලා මම සනුජ්ට අඩගැහුවා තේ එකක් බොන්න යන්න.
"කමක් නෑ සාවින්ද්‍යා මට බාරගන්න ඉන්න පේෂන්ටලගේ රිපෝට්ස් චෙක් කරන්න ඕනි අදම. කල් දාන්න බෑ . ඔයාට පුලුවන්නම එනකොට මටත් එක්ක තේ එකක් අරන එන්න." කියලා එයා කිව්වම මම ඔලුව හොලවලා ටග්ගාලා ආවේ කැන්ටින් එකට.
මට හිතාගන්නත් බෑ සනුජ් මෙහෙම ලගම කෙනෙක් එක්ක කතා කරනවා වගේ මාත් එක්ක කතා කරනවා කියන එක. මම කැන්ටින් එකට ඇවිල්ලා සැන්ඩ්විච් එකක් එක්ක නෙස්කැෆේ එකක් අරන් ලග තිබුනු ටේබල් එකකින් වාඩි වෙලා ෆෝන් එක අතට ගත්තේ නූරිට කෝල් එකක් ගන්න. මට අද උදේ ඉදන්ම ෆෝන් එක අල්ලන්න පොඩ්ඩක්වත් වෙලාවක් තිබ්බේ නෑනේ. වට්සැප් එකට ලොග් උන ගමන් නූරිගේ මිස් කෝල් එකකුයි මැසේජ් වගේකුයි ආවාට මගේ ඇහැ ගියේ මට ඊයේ රෑ නාදුනන අන්කෙන් ආව මැසේජ් එකට. එක ඕපන් කලාම හායි කියලා විතරයි මැසේජ් එක තිබ්බේ. මන් ඒ නම්බර් එක සේව් කලා සනුජ් කියන නමින්. ඊට පස්සේ මම කලේ නූරිට කෝල් එකක් ගත්ක එක. අරගෙන මම ඒකි හෙලො කියපු ගමන් කලේ එක හුස්මට අද උදේ ඉදන් උන දේවල් කියවගෙන කියවගෙන ගිය එක.
"හෝව් හෝව් සාවි!. සනුජ් අද ඉදන් ඔය හොස්පිට්ල් එකේ වැඩ කරන්න එනවා කියලා උඹ දැන් කියන්න කලින් මම දන්නවා". නූරි එහෙම කියනකොට මන් ඇහුවේ "උඹ කොහොමද ඒක දන්නේ කියලා".
"ඇයි අප්පා ඊයේ සනුජ් මගේ නම්බර් එක ඉල්ල ගත්තේ . ඊට පස්සේ මෙන්න රෑ මැසේජ එකක් දාලා හෙට ඉදන් වැඩ කරන්නේ උඹ ඉන්න හොස්පිට්ල් එකේ කියලා කියපි. මන් ඒත් කිව්වා ඒක එවලේ කියන්න එපැයි කියලා."
"ඒකට කිව්වේ උඹ උගේ මූණවත් හරියට නොබලපු එකේ ඒක එවලේ කියන්න හිතුනේ නෑලු. පස්සේ මගෙන් උඹේ නම්බරේ ඉල්ල ගත්තා. හෙට ඉදන් එකම හොස්පිට්ල් එකේ වැඩ හින්දා මාත් ඉතින් නම්බර් එක් දීලා දැම්මා. හැබැයි පුතෝ එකම හොස්පිට්ල් එකේ වැඩ කියලා කලින්ම දැනගත්තට උබේ පාට්නර් විදිහට වැඩ කරනවා කියලා දන්නෙනම් දැන්. මිනිහගේ හිතේ උඹ ගැන අයිඩියා එකක් තියෙනවද දන්නෑ නේද සාවි. නැත්තම් උඹේ ඒකපාර්ශවීය ප්‍රේමයට දෙයියෝ තව චාන්ස් එකක් දුන්නද දන්නෑ".
"අනේ මේ විකාර කියවන්නැතුව හිටපන් බන්". කියලා මම කිව්වේ මේ නූරි කියපු ටිකටත් මට ලැජ්ජාවට මූණ රත් වෙන්න ගත්ත හින්දා
"ඒක නෙමෙයි නූරි මම තේ එකක් බොන්න ඕනි හින්දා මම සනුජ්ටත් කතා කලා එයාගේ පලවෙන් දවස හින්දා සනුජ් කිව්වනේ එයාට පේෂන්ට්ලගේ රිපෝට් චෙක් කරන්න තියෙන හින්දා මට එයාටත් එක්ක තේ එකක් අරන් එන්න කියලා."
ඒක මම නූරිට කිව්වම ඒකි කලේ හකි හිකි ගගා එහා පැත්තේ ඉදන් හිනා වෙවී ඔය තියෙන්නේ ඔය තියෙන්නේ ආව පලවෙනි දවසෙම කියලා කිව්ව එක විතරයි.
"අනේ මේ විකාර නොකියා හිටපන් ඒ වගේ මනුස්සයෙක් මන් වගේ තඩි කෙල්ලෙක්ට කැමති වෙනවද." හීන මාලිගා හදන්න එපා නූරි කියලා මන් කිව්වේ ටිකක් තරහින් වගේ.
"අනේ මේ සාවි ඔක්කොටම කලින් උඹ ඔය මහතයි කියලා හිතන එක නතර කරගනින්. උඹට මන් කියලා තියේනේ ඕක මහතක් නෑ චබි අමුතු ලස්සනක් තියෙන්නේ කියලා. අනික තමා හැමෝම කෙට්ටු කෙල්ලන්ට කැමති කියලා එකකුත් නෑ මහත කෙල්ලන්ට අකමැති කියලා එකකුත් නෑ. ඒක මතක තියාගනින්"
"හරි හරි මම යනවා . ආයේ පේෂන්ට්ලා චෙක් කරන්න තියෙනව" කියලා මම නූරිගේ කතාව මගෑරලා ෆෝන් එක තිබ්බා. පස්සේ මම තව නෙස්කැෆේ එකක් අරගෙන ඒක ගිහින් සනුජ්ට දුන්නා.
ඔය විදිහට මාස හතරක් පහක්ම මම සනුජ් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ආවා. මේ කාලේ ඇතුලත එයා මගේ හොද යාලුවෙක් උනා. මට මේ මාස හතර පහ යනකොට සනුජ් ඉස්සරහ කලින් වගේ අපහසුතාවයක් දැනුන් නෑ. නූරිට පස්සේ මේ වගේ ලගින් මම පිට මනුස්සයෙක් ආශ්‍රය කලේ ජීවිතේ පලවෙනි වතාවට. මේ වෙනකොට සනුජ් අපේ ගෙදරත් දවස් දෙක තුනක් ඇවිල්ලා තිබ්බේ. නූරි එක්කත් සනුජ් හරියට ෆිට්. නූරි එයාගේ වෙඩින් එකට බිසී වෙලා හින්දා අපිට වැඩිය සෙට් වෙන්න බැරි උනා. ඒත් මම මට නිවාඩු දවසට පුලුවන් විදිහට වෙඩින් එකට උදව් වෙන්න ගියා. ඔහොම යද්දි දවසක් අපි දෙන්නම වැඩ ඉවර වෙලා එකට ඕෆ් වෙන්න තිබ්බ වෙලාවක සනුජ් ඇහුවා පොඩ් ගමනක් යන්න එනවද කියලා. කාගෙද මන්ද එයාගේ කසින් කෙනෙක්ට තෑග්ගක් තෝරගන්න. ගෑනු ලමයෙක්ට තෑගි තොරලා නැති හින්දා එය මගෙන් උදව්වක් ඉල්ලුවේ. මමත් හවස මොකුත් වැඩක් තිබ්බේ නැති හින්දා එයා එක්ක යන්න කැමති උනා.
මතු සම්බන්ධයි.
අනේ මේ කොටසින් ඉවර කරන්න හිටියට දිග වැඩි වෙන හින්දා තව කොටසක් ගේන්න වෙනවා. තව කොටසකින් ඉවර කරන්න පුලුවන්. කමක් නෑ නේද. ඔයාලා කැමතිද මේ මහත කෙල්ලට. ඔයාලගේ අදහස් කමෙන්ට කරන් යන්න.
පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න
ශානී✍
#කෙටිකතා
29/05/2026
මහත කෙල්ල
2 කොටස
ඒ හිටියේ මම ඒලෙවල් කරන කාලේ ආදරේ කරපු සනුජ්. ආදරේ කිව්වට ඒක එක්පාර්ශවීය ආදරයක්. අපේ ඉස්කෝලේ ග්ර්ල්ස් ස්කූල් එකක් උන හින්දා අපි පිරිමි ලමයි එක්ක ආශ්‍රය කලේ හරිම අඩුවෙන්. පිරිමි ලමයි ආශ්‍රය කරන්න හම්බුනේ ක්ලාස් යනකොට තමා. එහෙම ගියපු ක්ලාස් එකක තමා සනුජ් හිටියේ. නූරිත් දැනගෙන හිටියේ මගෙ මේ ඒකපාර්ශවීය ප්‍රේමේ ගැන. ඒත් කවදාවත් මට හය්යික් තිබ්බේ නෑ එයා එක්ක කතා කරන්න. මොකද එයා උස , ලස්සන තලෙලු හමක් තියෙන , දුඹුරු පාට ඇස් දෙකක් තියෙන ලස්සන පිරිමි ලමයෙක්. මන් දැනගෙන හිටියා මාව කොහොමටවත් එයාට ගැලපෙන්නේ නෑ කියලා. නූරි නම් කියලා තිබ්බේ කැමතිනම් ඕනි එකක් වෙන්න කියලා දාපන් ආවොත් ආවා ගියොත් ගියා කියලා. එහෙම එයා කියන කියන හින්දම මම හිත හයිය කරගත්තා දවසක් එයාට ඔක්කොම කියලා දානවා කියලා.
එදා මන් ක්ලාස් ඇරිලා යනකොට තමා කියන්න හිතන් හිටියේ. ඒත් එදා දවල් ඉන්ටවල් එක වෙලාවේ වොශ් රූම් එකට මන් ගිහින් එද්දි මට ඇහුනා බිත්තිය එහා පැත්තෙන් මගේ නම කියවනවා වගේ කවුරුහරි. ඒ ඒකකම මට මීටර් උනේ ඒ සනුජ්ගේ යාලුවො කියලා. මගේ නමත් එක පාරට ඇහුන හින්දා මම පොඩ්ඩක් ඇහුන්කම් දුන්නා.
"අය්යෝ අර සාවිද සාවි නෙමේ සාවින්ද්‍යා නේද. ඒකි ඇත්තටම ඇයි මචන් එච්චර මහත. ඔය කාලේ කෙල්ලො කොච්චර ලස්සනට ඉන්න බලනවද. ඒත බලහන්කෝ ඒකිට කිසිම ගානක් නෑ ඔහේ ඉන්නවා. එක්කො අඩුම ඒකිගේ යාලුවා දිහා බලලවත් හැදෙන්න එපැයි බන්". කියලා සනුජ්ගේ හොදම යාලුවා උන තරුක එහෙම කියනවා මට ඇහුනා.
"ඒ ඒකකම ඇහුනේ හරි හරි ඕවා මට වැඩක් නෑ යමන් ක්ලාස් එකට" කියලා කියන සනුජගේ කටහඩ.
මේ ටික අහන් හිටිය මගේ මේ වෙනකොට ඇස් වල කදුලු පිරිලා තිබ්බේ. වෙනද මෙහෙම ඇහුනනම් මට මෙච්චර රිදෙන්නේ නෑ. ඒත් මම හිටියේ අද බලාපොරොත්තු ගොඩක් එක්ක නිසා මට හිතුනේ මගේ ජීවිතේම ඉවරයි කියලා. මම ක්ලාස් එකට ආවේ අසිහියෙන් වගේ. මාව දැකලා නූරිත් ඇහිබැම උස්සලා ඇහුවේ මොකද වුනේ කියලා. මොකද සර් ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිල්ලා හිටියා. මම එහෙම්ම මොකුත්නෑ කියලා ඇවිල්ලා ඉදගෙන සර් දිහා බලාගෙන ඉන්න ගත්තා. මන් ඇස් කොනෙන් දැක්කා සනුජ මන් දිහා බලනවා. මට තව එයා දිහා බලන්න හයියක් තිබ්බේ නෑ. මන් තේරුම් අරන් හිටියේ ඒක.
එදා මම ක්ලාස් එක ඉවර වෙනකම් හිටියේ නෑ. නූරිටත් බොරැවක් ගහලා ඉක්මනට ක්ලාස් එකෙන් ආවා. ඊට පස්සේ සතියම වගේ මම ඉස්කෝලේ ගියත් අමුතුවට හිටිය හින්ද නූරි කෑ ගහලම මගෙන් අහගත්තේ උන දේ. ඒකිට හෙන කේන්ති මම මෙහෙම ඉන්න එකට. ඒකි කතා කරන්නත් හැදුවේ සනුජ්ලට. මම නතර කර ගත්තේ ඒක. කොහොම හරි ඒලෙවල් වලට ඒ කාලේ මාස හතරක් වගේ තිබ්බ හින්දා වැඩි කාලයක් මට සනුජ්ගේ ඇස් මායිමේ ඉන්න උනේ නෑ. මන් කලේ පුලුවන් තරම් හැමෝම මගෑරලා මගේ වැඩ ටික කරගෙන ගිය එක.
අනේ මට මේ හැමදේම එක තප්පරේට මතක උනේ එයාගේ ඇස් දෙක දැකපු ගමන් ගල් ගැහිලා හිටිය තප්පරේ. කවුරු හරි මට ඇන්නමයි මම මේ ලෝකේ සිහියට ආවේ. ඇත්තට ඇනලා නම් තිබ්බේ නූරි. ඒ එක්කම මට වස ලැජ්ජාවක් ආවේ. මොකද සනුජ් දිහාම බලාගෙන තමා මන් කල්පනා කරලා තියෙන්නේ. ඒත් එක්කම සනුජ් එක පාරටම
"මේ සාවින්ද්‍යායි , නුරියි නේද කියලා ඇහුවම තවත් මගේ පපුව ගැහෙන වේගේ වැඩි උනේ ඩක ඩක ගාලා. නූරිනම් සාමාන්‍ය විදිහට කතා කලා එයා එක්ක.
"ඔව් ඔව් අපි තමා ඉතින් කොහොමද සනුජ් ඔයාට ?" කියලා කියන ගමන් මේකි ඉදගත්තේ නෑතැයි ඒ ටේබල් එකේම. මටත් කරගන්න දෙයක් නොතිබ්බ තැන ඉදගත්තා නූරිට එහාපැත්තෙන් සනුජ් කෙලින්ම.
අවුලක් නෑ නූරි . හොදින් ඉන්නවා. ඔයාලට කොහොමද? සනුජ් ඒක ඇහුවෙ මන් දිහත් බලන ගමන් කියලා බිමට මූණ හරවන් හිටියත් මට තේරුනා. "මොන එහෙකට මගේ මූන දිහා බලනවද" මන් හිතින් හිතුවා විතරයි කිව්වේ නෑ ඉතින්.
"අපිත් හොදින් ඉන්නවා , මමනම් ලබන අවුරුද්දේ මැරි කරනවා සාවි නම් දැන් ඩොක්ට කෙනෙක්. සනුජ් මොකද බැදලද?" කියලා නූරි ඇහුවා. ඒ අහන එකේ අන්තිම වචන පේලිය ඇහෙද්දි මන් ඔලුව උස්සලා බැලුවේ මේකි මේ මොන විගඩමක් නටන්න හදනවද කියලා. මන් බැලුව බැල්ම නූරි නෙමේ සතපහකට ගනන් ගත්තේ. සද්ද නැතුව ආයේ සනුජ් දිහා බලන් හිටියා.
'තාම නෑ නූරි. කොහෙද ඉතින් හොද අය හම්බුනේ නෑනේ කසාද බැදගන්න තරම්. මාත් ඉතින් ඩොක්ට කෙනෙක්. මන් දැන්නේ දන්නේ සාවින්ද්‍යා ඩොක්ට කෙනෙක් කියලා. කොහෙ හොස්පිට්ල් එකේද වැඩ කරන්නේ." සනුජ් එහෙම ඇහුවේ මගේ දිහා බලලා.
"මම ඉන්නේ කළුබෝවිල හොස්පිට්ල් එකේ."
පලවෙනි පාරට මම යන්තම් වචනයක් එලියට දාගත්තා.
ආ එහෙමද ? මමත්.. කියලා මොකක් හරි කියන්න ගියපු සනුජ් ඒ ඒකකම කතාව නතර කරගත්තා. මන් ඒවෙලාවෙ තමා එක පාරට සනුජ්ගේ මූණ දිහා කෙලින් බැලුවේ. දැක්ක ගමන් මන් ඇස් ගැස්සිලා ගියා. එයා ඉස්සර හිටියටත් වඩා ලස්සන වෙලා. එයත් ඇස් දෙක හීනි කරගෙන මන් දිහා හරි අමුතුවට බලන් හිටියේ.
මට තව දුරටත් එතන රැදෙන්න ඕනි උනේ නෑ. මන් නූරිට පැත්තෙන් අනින ගමන් හිටියේ. අපි දෙන්නා ගත්ත ඇවකාඩෝ ජූස් දෙකත් ඒ වෙනකොට ඉවරවෙලා තිබ්බේ. මගේ අපහසුවත් තේරුම් ගත්ත නූරි පුටුවෙන් නැගිට්ටේ අපි එහෙනම් යන්නම් සනුජ් කියාගෙන. සනුජ් ඇවිල්ලා හිටියේ තනියම. මාත් රොබො කෙනෙක් වගේ නැගිට්ටේ නූරිගෙ පස්සෙන් යන්න.
"මේ නූරි ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද?" අපි නැගිටලා යන්න හදද්දි සනුජ් එක පාරටම අහපු දෙයින් නූරි හැරිලා බැලුවේ අමුතුවට මන් දිහත් බලලා. හැබැයි ඕවා ගනන් ගන්න කෙනෙක් නෙමේ නිසා ඒකි සනුජ්ට නම්බර් එක දුන්නා .
පස්සේ අපි හවස් වරුවත් ශොපින් කරලා දවල්ටත් එලියෙන්ම කාලා රෑටත් කාලා අන්තිමේ ගෙදර එනකොට 8.30 ට විතර ඇති. දවල් උන සිද්දියෙන් පස්සේ මගෙත් වැඩි කතාවක්.තිබ්බේ නෑ. මාව තේරුම්ගත්ත නූරි මට කරදර කලෙත් නෑ. පරක්කකු වෙලා හින්දා නූරි ගියේ මාව ගේ ගාවින්ම දාගෙන ගෙට ගොඩවෙන්නෙවත් නැතුව.
පස්සේ මම වොෂ් දාගෙන මගෙ රාත්‍රි සත්කාරෙත් කරගෙන සාලෙ පැත්තට ගියේ අම්මත් එක්ක ටිකක් කතා කරන්න. මොකද දවසම නිවාඩු උනත් අම්මා එක්ක කතා කරන්න බැරි වුන හින්දා. කොච්චර මහන්සි උනත් අම්මව මගාරින්න බෑනේ. අම්මා එක්ක කතා කරලා මම දහයට වගේ ඇදට එද්දී මගේ ෆෝන් එක අතට ගත්තේ එලාම් තියන්න. ඒ ගද්දි දැක්කේ මට වට්ස්ඇප් මැසේජ් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා.
"මම ගෙදර ආවා බන්. දැන් මන් නිදාගන්නවා. උදේට කතා කරමු." කියලා මැසේජ් එකදාලා තිබ්බේ නූරි. ඒත් පැය භාගෙකට කලින්. ඒකට රිප්ලයි එකක් දාපු මම ඊලගට දැක්කේ අදුරන්නැති නම්බර් එකකින් දාලා තියෙන මැසේජ් එකක්. ඕක මේ හදිස්සියක්නම් මැසේජ් දදා ඉන්නේ නැනේ කෝල් එකක් ගන්නවනේ කියලා හිතපු මම එලාම් එක තියලා අනිත් පැත්ත හැරුනේ නිදාගන්න.
නිදාගන්න තරම් මහන්සිය තිබ්බත් මට මතක් වෙන්නෙම සනුජ්ව. ආයේ එයාව දැකලා පරණ මතක ඇවිස්සුනා මගේ. මතක් වෙනකොටත් මූණ දෙපැත්තෙන් රත් වෙනවා වගේ දැනුනේ. ඕන එකක් වෙච්චාවේ කියලා මන් නිදාගන්න හැදුවේ. ඔක්කොම වෙලා මන් නිදාගන්නකොට එකොලහවත් පහුවෙන්න ඇති .
ශානි ✍️
මතු සම්බන්දයි.
අන්තිම කොටස හෙට දෙනවා. ෆලෝ කරලා තියාගන්න මාව.
28/05/2026
මහත කෙල්ල (කොටස් කිහිපයක කෙටි කතාවති)
1 කොටස
"හෙලෝ.. සාවි, මේ අද උඹ එනවා නේද මාත් එක්ක යන්න මට ඕනි ඇදුම් තෝරගන්න යන්න"
මේ කතා කරන්නේ මගේ අතිජාත මට හිටපු එකම හොදම යාලුවා උන නූරි. නූරි ඔය අද මට එන්න කියන්නේ ඇදුම් තෝරන්න යන්න. අද මගේ නිවාඩු දවස කියලා ඒකි දන්නවා.
"ඔව් ඔව් බන්, මන් එනවා මන් මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ" මම එහෙම කිව්වා.
"හරි එහෙනම් උබ දහය වෙද්දි ලෑස්ති වෙලා ඉදපන් මන් එන්නම්. මන් එන්නේ මගේ කා එකේ ඒ හින්දා ඒකෙම යන්න පුලුවන්"
"හරි හරි වරෙන් එහෙනම් වෙලාවට. මන් ලෑස්තිවෙන්නම් . බායි" කියලා මම ෆෝන් එක තිබ්බේ ඉක්මනට ලෑස්ති වෙන්න ඕනි නිසා.
නූරි කියන්නේ උපතින්ම සල්ලි තියෙන බිස්නස් ෆැමිලි එකක එකම දුව. මම එතකොට සාවි ඇත්තම නම සාවින්ද්‍යා ආදරේට හැමෝම කතා කරන්නේ සාවි කියලා. මගේ තාත්තා පොඩි කාලෙම නැතිවෙලා තිබ්බා. එයා විදුහල්පති කෙනෙක්. එතකොට මගේ අම්මා ජයමිණි ගුරුවරියක්. දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ. නූරිලා තරම් සල්ලි නොතිබුනත් අපි සාමාන්‍ය විදිහට කිසි අඩු පාඩුවක් නැතිව ජීවත් වුන අය. අපි ඇත්තටම හම්බුනේ ස්කොලේ හය වසරෙදි. මම ශිෂ්‍යත්වෙන් හොද ලකුනක් අරන් විශාකා එකට යද්දි නූරි එක වසරේ ඉදන්ම ඒ ස්කොලේ ඉදලා තිබ්බේ. මට ඉස්කෝලේ අමුතු තැනක් උනාට නූරිට එහෙම උනේ නෑ. මම පොඩි කාලේ ඉදන්ම ටිකක් මහත ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ටිකක් ප්ලස් සයිස් ගෑනු ලමයෙක්. අලුතෙන්ම ඉස්කෝලෙට ගියහම මට මගේ මහත ගැන අලුත් ළමයි විහිලු කරන්න ගද්දි අනාරාධනයෙන්ම මගේ ආරක්ෂකයා උනේ නූරි. ඒ ඇතිවුන යාලුකම තමා අද වෙනකොට මේ තරම් දුරක් ඇවිත් තිබ්බේ. මම හොදට ඉගන ගද්දි නූරිට ඒවා ගැන එහෙම ලොකු ආසාවක් තිබුනේ නෑ. එයාට ඇතිවෙන්න සල්ලි, ලස්සනයි තියන හින්දා එයා ඒ ගැන ලොකුවට හිතුවේ නෑ. ඒත් මට එහෙම බෑනේ. මගේ පෙනුමත් එක්ක මම තේරුම් අරන් හිටියේ ඉගෙන ගත්තොත් තමා මට තැනකට එන්න පුලුවන් කියලා. එහෙම ඉගනගත්ත මම මේ වෙනකොට ඩොක්ට කෙනෙක්. අද මේ කාලේකින් හම්බුන නිවාඩු දවසේ තමා නූරී එලියට යන්න අඩගහන්නේ.
"අයියෝ! නූරිගේ කෝල් එකෙන් පස්සේ මම සෑහෙන්න ලොකු කලපනාවකටනේ ගිහින් තියේනනේ". කියලා හිතපු මම ඉක්මනට බාත්රූම් එකට දිව්වේ වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න
වොශ් එකක් දාගෙන ආව මම නිල් පාටයි සුදු පාටයි මික්ස් උන දිග ප්ලෙයාඩ් ගවුමක් අතට ගත්තේ ඒක අදිනවා කියලා හිතාගෙන. ඒක ඇදලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් හැඩ බැලුවේ. හැඩ කිව්වට ඇති හැඩයක් නෑ තාමත් අර ප්ලස් සයිස් කෙල්ල තමා. මට මගේ මහත ගැන ප්‍රශ්නයක් නොතිබ්බට අහල පහල උදවිය නෑදෑ උදවියටනම් ඒක ලොකූ ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. අනේ ඕවා හිතනවද අනේ මේ සාවි. පුහ්..
කොහොමහරි චූටි මේකප් එකකුත් දාපු මම කොන්ඩෙත් පොඩි පෝනිටේල් එකක් දාලා එලියට බහිද්දිම වෙනදා වගේම අම්මගෙ වාදනය ආරම්භ වුනා.
"කවද්ද සාවි කසාදයක් ගැන හිතන්නේ. දැන් විසි අටකුත් වුනා නේද? මේ ගැන ඔයත් එක්ක කතා කරන්නවත් බෑනේ ගෙදර ඉන්නෙත් ඉදලා හිටලා" එදාටත් ගෙදර නෑ.
"අයියෝ අම්මා, මං ගෙදර හිටියොත් කියවන්නේ එකම වාදනේමයි. අම්මා දන්නේ නෑනේ මේ තඩි මං දිහා මොකෙක්වත් බලන්නේ නෑ කියලා". කියලා මන් හිතුවා විතරයි අම්මට කිව්වේ නෑ.
වෙලාවට මේවට උත්තර දෙන්න වෙන්න කලින් නූරි ආවා. මන් ටග්ගාලා පැනලා නැග්ගා වාහනේට. මන් වාහනේට පැන්න තාලෙට නූරිත් බයවෙලා.
"මොකද යකෝ මහසෝනගෙන් බේරෙන්න දුවනවා වගේ කාර් එකට පැන්නේ. කාර් එකේ පැත්තක් ඇද වුනාද මන්දා" එයා හිනාවෙන ගමන් කිව්වා.
"නෑ බං අම්මා අදත් සුපුරුදු කසාද බදින වාදනේ පටන් ගන්න හැදුවේ . ඊට කලින් උඹ ආව හින්දා යන්තම් බේරුනා" මම එහෙම කිව්වේ නූරිට දත් තිස් දෙකම පෙන්නලා හින්වෙන ගමන් .
"උඹ ඔහොම විරිත්ත විරිත්ත ඉදහන්. ඔන්න සාවියෝ මමත් බදිනවා ලබන අවුරුද්දේ. උඹ තමයි අන්තිමට ඉතුරු වෙලා ඉන්නේ". කියන ගමන් එයා ටිකක් බැරෑරුම් විදිහට මන් දිහා බැලුවා.
"අනේ මේ මට විහිලු කරන්නැතුව හිටපන් බන්. මේ මහත මන් දිහා කවුරු බලන්නද" මන් එහෙම කිව්වේ මවාගත්ක හිනාවකින්
මම මේ මගේ මහත පාලනය කරගන්න කොච්චර දේවල් කලත් ඒක අඩු උනේ නෑ. අන්තිමට මම කෙට්ටු වෙන්න මහන්සි වෙන එක නතර කරලා දැම්මා. ඒ වෙනුවට මම ආස දේවල් කාලා බීලා ඉන්න පටන් ගත්තා.
මේ හැම දේම දන්න නූරි මම දිහා බැලුවේ දුකින්.
"අනේ මේ ඔහොම මන් දිහා නොබලා ඉස්සරහ බලාගෙන වාහනේ එලවපන්" මම නූරිට කිව්වේ තව ටිකක් විරිත්තලා .
ඊට පස්සේ අපි දෙන්නා අතර කිසි කතාවක් උනේ නෑ. ඒ හින්දා මාව ආයෙත් ඇදිලා ගියේ කල්පනා ලෝකෙකට. නූරි ඇත්තටම ලබන අවුරුද්දේ මැරි කරන්න ඉන්නේ. මැරි කරන්න ඉන්නෙත් එයා වගේම බිස්නස් ෆැමිලි එකකින් එන බෝයි කෙනෙක්ව. නූරිට එහෙම කෙනෙක් ලැබෙන්න ඕනි හැම සුදුසුකමම එයාට තිබ්බා . සල්ලි , ලස්සන උස සුදු රෑපේ , සට්‍රේට් කරපු ඉන ගාවට දිග කොන්ඩේ. මේ හැම එකකින්ම එයාව සුරංගනාවියක් වගේ ලස්සන කලා. මම ඉතින් ටිකක් ප්ලස් සයිස් , ගොඩක් සුදු නැති සාමාන්‍ය සුදක් තියෙන කෙල්ලෙක්. මන් කොච්චර මහතයි කියලා මම කියාගෙන දුක් වුනත් මගේ ශරීරෙට කරන්න පුලුවන් උපරිම සත්කාර ටික මම කලා. ඒ හින්දා හොද ක්ලියර් ස්කින් එකක් මට තිබ්බා. ආඩම්බර වෙන්න මට තිබ්බ එකම දේ ඒක තමා ඉතින්.
සාවියෝ අපි ආවා ශොපින් මෝල් එකට මම කල්පනාවෙන් එලියට ආවේ නූරිගේ කටහඩින්.
කාර් එක පාකින් එකට දාපු අපි ශොපින් මෝල් එක ඇතුලට ගියා. ඇතුලට ගියාට පස්සේ ඉතින් එකම ජෝගියයි. නූරි එහෙට දුවනවා මෙහෙට දුවනවා. මාත් දුවනවා ඒ එක්කම. නූරි එක්ක මෙහෙම හැමදාම ශොපින ආවනම් සතියෙන් ඇග බස්සන්න තිබ්බා කියලත් මන් හිතුවේ මේ වෙලාවේ. පැයක් විතර බලලා බලලා නූරි ඇදුම් දෙක තුනක් තෝරගෙන තිබ්බා. මන් එක ඇදුමයි තෝරගත්තේ. ඊලගට දෙවනි වටේ පටන් ගන්න කලින් අපි ආවා ශොපින් මෝල් එකේම තිබ්බ ජූස් ශොප් එකකට බඩට මොනවහරි දාගන්න. ඒක ඇතුලට යද්දිම මන් දැකපු කෙනාව දැකල යන්න ගිය තැනම ගල් උනේ අඩියක්වත් හොලවන්න බැරිව.
2 කොටස ඉක්මනටම දෙන්නම්. බලාපොරොත්වෙන් ඉන්න. ෆලෝ කරලා තියාගන්න මාව.
ශානි✍️
26/05/2026
අහිමි වීම
02 කොටස (අවසාන කොටස)
ගෙදර අස් කරපු එක පැත්තකින් තිබ්බ මම සාලෙට වෙලා හිටියේ තාත්තා එනකම්. තාත්තත් වෙනදා ගෙදර එන වෙලාවටම ගෙට ගොඩවෙනකොට මගේ දිහත් අමුුතුවට බැලුවේ කවදාවත් නැතුව මම මොකෝ සාලෙට වෙලා කරන්නේ කියලා වෙන්න ඇති. මොකද මම ගොඩක් වෙලාවට කාමරේටම වෙලා ඉන්න හින්දා.
ඒත් තාත්තා මම ලගට එද්දිම දැක්කා මගේ පුටුව එහා පැත්තෙන් තිබ්බ ට්‍රන්ක පෙට්ටිය. ඒක දැකපු තාත්තගේ ඇස් ගැස්සුනා මම හොදටම දැක්කා.
තාත්තේ මොනවද මේ මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ අම්මා ලියපු ලියුම්ද ? ඒත් ඒවා කවදාවත් තැපැල් කරපු බවක් පේන්නේ නෑනේ. කොහොමද එතකොට මේවා තාත්තා ගාවට ආවේ. අම්මා ගෙදරින් යන දවසේ ඇදන් ගිය ඇදුමත් මේකෙනේ. කොහොමද තාත්තේ මෙහෙම වෙන්නේ. ඔයා මොකක්ද මගෙන් හංගන්නේ ?
එක දිගට ප්‍රශ්න පත්තරයක් දිග අරිනවා වගේ තාත්තා දිහාට ප්‍රශ්න වලින් දමලා ගහපු මම හුස්මක් ගත්තේ මේ ලොකේ සිහියකින් නෙමේ.
මොකද මේක ඇතුලේ තිබ්බේ ලියුම් වගේකුයි අම්මගේ කියලා හිතන්න පුලුවන් ඇදුම් දෙක තුනකුයි විතරයි. මගේ පපුව රිදෙන අනිත් හේතුව තමා ඒ තිබ්බ හැම ලියුමකම ලියලා තිබ්බේ
" මහත්තයා , අනේ මට කවදාවත් ඔයයි පුතයි ලගට එන්න බැරි වෙයිද, මේ හැමදේම මට දරාගන්න බෑ. මට ඉක්මනට ඔයාලා ගාවට එන්න ඕනි" කියලයි. හැබැයි කවදාවත් මේ ලියුම් එකක්වත් තැපැල් කරපු බවක් පේන්න තිබ්බෙ නෑ . තාත්තා ගාවට මේවා ආවේ කොහොමද කියන එකම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මට.
කිසිම සද්දයක් නැතුව තාත්තා මම ලගින් හිමිහිට වාඩි උනා. මම හිතුවේ අදත් තාත්තා සද්ද නැතුවම මගේ ප්‍රශ්න මගාරින්න ක්‍රමයක් හොයනවා කියලා . හැබැයි අදනම් තාත්තට මගාරින්න කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ මම. මම මෙහෙම හිත හිත ඉන්නකොට තාත්තා හිමිහිට කටහඩ අවදි කරනව මට ඇහුනා.
"පුතේ , මන් දන්නවා අද පුතාගේ ප්‍රශ්න මට මගාරින්න බෑ කියලා. මන් මේ හැමදෙයක්ම පුතාට කියන්න හිටියේ දවසක. හැබැයි පුතා ඉක්මන් වෙලා හැම දෙයක්ම හොයාගෙන. ඒ හින්දා මට තවත් මේ දේවල් හංගන්න බෑ. පුතාට මතක ඇති අම්මා ගෙදරින් යන්න ටික කාලෙකට කලින් ඉදන් අපේ ගෙදර පරිසරය කලින් තිබ්බට වඩා සෑහෙන්න වෙනස් උනා. ඒකට හේතුව අම්මට තිබ්බ ලෙඩක්. ලෙඩක් කිව්වට මේක ඇගේ ලෙඩක් නෙමේ හිතේ ලෙඩක්. මේක මුලින්ම අම්මට තේරුම් ගිහින් තිබ්බේ එයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයාට එයාවම තුවාල කරගන්න විනාස කරගන්න සිතුවිලි කිසිම හේතුවක් නැතිව ඔලුවට එන්න අරන් තිබ්බා. ඕකට අම්මව මම ඩොක්ට කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරන් දුන්නා. ඒවත් එක්ක අම්මා ටික කාලයක් සාමාන්‍ය විදිහට ජීවත් උනත් අම්මට ඊට පස්සේ ටික ටික හිතිලා තිබබේ ලග ඉන්න අයට හානි කරන්න හිතෙන දේවල්. ඩොක්ට උනත් කිව්වේ මේක හරි දුර්ලභ තත්වයක් කියලා. මොකද තමන්ටම හානි කරගන්න මානසික ආබාධ සාමාන්‍ය උනාට අම්මට මේ හිතෙන දේවල් අසාමාන්‍යයි කිව්වා. කොහොමහරි අපි මේක හදාගන්න නොගිය ඉස්පිරිතාලයක් නෑ නොවැන්ද දේවාලයක් නෑ. ඒත් කිසිම ගුණයක් තිබ්බේ නෑ. මේ දේවල් එක්ක සල්ලි වලිනුත් ටික ටික අඩුපාඩු වෙන්න ගත්තා. අම්මට මේවා එක්ක තවත් අසනීපේ වැඩි උන එකයි උනේ.
අම්මා මේ හැමදේම කාලයක් යනකම් දරාගෙන හිටියත් අනතිමේදී මේක තව කරන්න බෑ මගේ ජීවිතේ විතරක් නෙමේ මේකෙන් අපි හැමෝගෙම ජීවිත විනාස වෙනවා කියලා එයා මෙන්ටල් හොස්පිට්ල් එකක ගිහින් නතර වෙන්න මගෙන් අවසර ඉල්ලුවා. මොකද එක දවසක් අම්මට මාව අදුරගන්න බැරි වෙලා වගේ පිහියෙන් අනින්න ගියා. එදා පුතා ඉස්කොලේ හිටියේ. අම්මට හරි සිහිය ආවම එයා සෑහෙන්න බය උනා එයා පුතාටත් මෙහෙම කරයි කියලා. ඒකමයි එයා ගෙදරින් යන්න ඉල්ලුවේ.
ඒ්ත් හිත හදන් කොහොමද පුතේ මම ඒකට අවසර දෙන්නේ. මම ඒකට අවසර දුන්නේ නෑ"
මේ හැමදේම මම අහගෙන හිටියෙ වෙනම ලෝකෙක ඉන්නවා වගේ. මම මේ ගේ ඇතුලෙ ඉද්දිම මේ ගෙදර මට නොදැන කොච්චර දේවල් වෙලාද කියලා විතරයි මට හිතුනේ. මන් දිහා ටික වෙලාවක් බලා ඉදපු තාත්තා ආයමත් කතා කරන්න පටන් ගත්තා.
"කොහොමහරි මම අවසර නොදුන්නත් අම්මා ඒක පිලිගත්තේ නෑ. මේ දේවල් එක්ක පිස්සු ගෑනියෙක් ඔයාගේ අම්ම කියලා සමාජෙන් ඔයාව කොන් වෙයි කියලත් අම්මට බය තිබුනා. එකයි මෙ දේවල් එලියට යන්න කලින් මමත් නැති වෙලාවක බලලා අම්මා හිමිහිට ගිහින් තිබ්බේ. ඒ යනකොට ලියලා ගිය ලියුමෙත් තිබ්බේ එයාව හොයන්න එපා. පුතාට හොදට උගන්වන්න. ඒක තමා එයාගේ අවසාන කැමැත්ත කියලා.
එයා ගිහින් තිබ්බෙත් අපි දන්න අදුනන ඉස්පිරිතාලෙට නෙමේ. මට අම්මව හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න උනා. අම්ම ගිහින් අවුරුද්දකට පස්සේ වගෙ තමා මට අම්මව හොයාගන්න පුලුවන් උනේ. එදා ඉදන් මම හැම ඉරිදම ගියේ අම්මව බලන්න. හැබැයි අම්මා දන්නේ නෑ මන් අම්මව බලන්න යන බවක්. මන් ඈතින් ඉදන් බලලා ආවේ ඕනි අඩුපාඩුකමුත් පුලුවන් විදිහට මම බැලුවා."
"දැන් කෝ අම්මා?" මගේ ඊලග ප්‍රශ්නේ උනෙ ඒක.
ඒක අහපු ගමන් තාත්තා මන් දිහා හරි අසරණ විදිහට බලන් හිටියා.
"අම්මා නැති උනා පුතේ. අසනීපෙට බොන බෙහෙත වලටම වකුගඩු නරක් වෙලා මීට අවුරුදු දෙකකට කලින් අම්මා නැති උනේ. එයා කැමති වෙලා තිබුනෙ නෑ එයාගේ මරණෙවත් අපිට දන්වන්න. පුතා එයාගෙ තත්වෙ දැනගන්නවට. ඔයාගේ අම්මා හරි අමුතු ගෑනියෙක් පුතේ. එයා පොඩි කාලේ ඉදන් කැමති උනේ නෑ ඔයාට වචනෙකිනවත් රිදෙනවට. එයා ගිහින් සෑහෙන කාලයක් නිසා එයා හිතුවා දැන් පුතයි මමයි හිත හදන් ඉන්න හින්දා අපිට ආයේ එයා ගැන මතක් කරන්න එයා කැමති වෙලා නෑ. මම අනතිම ඉරිදා යනකොට එයා නැති වෙලා තිබ්බේ සිකුරාදාවක රෑ. ඉස්පිරිතාලෙන්ම අවසන් කටයුතු කරලා තිබ්බා. ඔය අම්මගේ ඇදුම් දාපු පෙට්ටිය මන් ගත්තේ ඉස්පිරිතාලෙන් කසාද සහතිකේ පෙන්නලා. එකේ තමා ඔය ලියුම් තිබ්බේ. එයා එයාගේ හිතේ දුකට ලියුම් වල වචන අකුරු කරාට කවදාවත් අපිට එවලා නෑ. එයා එහෙම ගෑනියෙක් පුතේ. ඒ වගේ ගෑනියෙක් අමතක කරන්න බැරි හින්දා තමා මම තාමත් මෙහෙම ඉන්නේ."
"ඇයි තාත්තා අම්මා ඉන්න තැන දැනගත්තට පස්සේ අම්මව එක්ක එන්න හැදුවේ නැත්තේ" මේ ඔක්කොම අහගෙන හිටියට පස්සේමට ආපු එකම ප්‍රශ්නේ ඒක.
" අම්මා ඉන්න තැන දැනගත්ත ගමන් මන් ඒකට උත්සහ කරා. ඒත් හොස්පිටල් එකෙන් ඒකට කැමති උනේ නෑ ලෙඩාගේ අකමැත්ත නිසා." ඒක තාත්තා තවත් අසරණ විදිහට මගේ මූණ දිහා බලලා කිව්වේ.
" තව අම්මා මට කියලා තිබ්බේ පුතා මේ හැමදේම තේරැම්ගන්න වයසකට ආවහම තේරුම් කරන්න කියලා විතරයි. " මන් නැත්තම් මේක පුතාගෙන් හංගන්න හැදුවේ නෑ. " එහෙම කියන ගමන් තාත්තා හෙන බරට හුස්මක් අතෑරියේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් කලා වගේ.
"මට අම්මව බලන්න යන්න ඕනි" මම මේ ඔක්කොම අහගෙන ඉදලා අන්තිමට එහෙම කිව්වම තාත්තා පුදුමෙන් බැලුවේ මගේ දිහා ඒක කොහොමද කරන්නේ කියලා අහන්න වගේ.
"මං කිව්වේ අම්මගේ අවසන් කටයුතු කරපු තැනට යන්න ඕනි කියලා." මන් ආයෙම එහෙම කිව්වා.
"අපි හෙට උදේම යන් " තාත්තා කිව්වේ එච්චරයි.
ඊලග දවසේ උදේම අපි අම්මව බලන්න යන්න පිටත් උනා.
ඒ ඉස්පිරිතාලේ තිබ්බේ අපේ ගෙවල් වලින් කිලෝමීටර් 100කටත් එහා. ඇයි අම්මා මෙහෙම කරේ කියලා විතරයි මට හිතුනේ. අපි උදේම පිටත් උනත් දවල් දොලහ වගේ වෙනකොට අම්මාව යට කරපු තැනට ආවා. මම ගෙනාව මල් පොකුර පැත්තකින් තියලා ඒ තැන ටිකක් සුද්ද කරේ තාත්තගෙත් උදව්වෙන්. ඊට පස්සේ මල් පොකුර එතනින් තියලා ඉටිපන්දමක් පත්තු කරලා අස් දෙක පියාගෙන මම අම්මා එක්ක කතා කලා.
"ඇයි අම්මේ හිතුවේ අම්මගේ පුතා එච්චර දුර්වලයි කියලා. මට අම්මව බලාගන්න බැරි නෑනේ අම්මේ. බලන්න අම්මා අපෙන් ඈත් වෙලා කොච්චර කල් ජීවත් වෙලාද කියලා. අම්මට ඒ කාලේ මාත් එක්ක ඉන්න තිබ්බනේ අම්මේ. මට කොච්චර අම්මව මතක් උනාද. මට කවදාවත් අම්මව ලැජ්ජාවක් නෙමේ අම්මේ." කියලා මන් ඇස් දෙක ඇරලා, ආව කදුලු පිහිදාගත්තා.
තාත්තා මන් දිහා බලන් හිටියේ කදුලු පුරවගත්ත ඇස් වලින්. අම්මා එක්ක පැය ගානක් කතා කර කර හිටිය මම හවස් වෙද්දි එතනින් නැගිටලා ආවේ එතන ඉන්න බැරි හින්දා.
මම හවස බස් එකට නැගලා එන ගමන් හිතාගත්තේ හැම පුලුවන් දවසකම අම්මව මම බලන්න එනවා කියලා. අම්මා නැතුව මගඇරුනු කාලය මට ආයෙම ගන්න බෑ 💔
නිමි.
ඔයාලගේ අදහස් කමේන්ට කරන් යන්න. අලුත් කතාවක් අරගෙන ඉක්මනට එන්නම්. පේජ් එක ලයික් කරලා තියාගන්න. පේජ් එකේ පෝසට එකත් ලයික් කරන්න. 🤗❤️
#කෙටිකතා
Click here to claim your Sponsored Listing.