Asian Campus

Asian Campus

Share

20/08/2021

නාදුනන පෙම❤️✨

16 කොටස🌝🍃

මොකෝ උනේ?
හිමින් හිමින් ක්ලාස් එකට ආපු මාව දැකපු හශානයා ඇහුවේ කරට අතක් දා ගන්න ගමන් .
මුකුත් නැහැ බන් . බොරු හිනාවක් මවන් මන් එහෙම කිව්වට උනු හැමදෙයක්ම එයා කියපු හැම දෙයක්ම හිතේ දෝන්කාර දුන්නා.
මොකෝ උනේ සයුරුවා....
මදූ..
ඕ ඉතින් මදූ..
එයා කැමති නැහැ බන් මට .ආයි ජීවිතේටම පේන්න එන්න එපා කිව්වා.
මොකක්?
ඔව් බන් මන් එහෙම කියන ගමන් හශානයාගේ ඇගට වාරු උනේ ඇගට වාරුවක් ඕනෙ වගේ දැනුනු නිසා.
ඒ සයුරුවා.... අඩෝ
කොල්ලො ටික වටවෙලා ඉද්දි යන්තන් ඇහැරුනු මන් අමාරුවෙන් නැගිටගත්තා.
සයුරුවා පිස්සෙක් වෙන්න එපා බන් උබ ...විශ්වයා එහෙම කියන ගමන් කෑ ගැහුවා. උබ දන්නවද දිල්කි මට කියපු කතාව .
මොකක්ද?
අර අලුතින් ඇවිත් අපි ගහපු කොල්ලා ඉන්නෙ ඌ එක්ක ඒකි පැටලිලා😖 උබව ඒකි ගොනාට අන්දලා .
ඒ වචන ටික ඇහුනෙ හීනෙකින් වගේ .
හ්ම් හරි බන් .. කියාගන්න දෙයක් නැති කමට එහෙම කිව්වට කියන්න ඕනෙ තරම් දේවල් මගේ හිතේ තිබ්බා.

ආයෙමත් මදූ ගැන එක මතකයක්වත් තියාගන්න එපා බන් .හර්ශයා මගේ පිටටත් තට්ටුවක් දාලා එතනින් යන්න ගියා . ඇත්ත , ඇයි දැන් ගමින් ආපු කෙල්ලෙක් අහම්බෙන් හම්බුනා ,දැන් එයා නෑ...හිත එක්කම ඔට්ටු උනා .
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු මන් දැක්කෙ තාත්‍තගේ කාර් එක .
අම්මා අම්මා.....
මන් කෑ ගැහුවත් අම්මාවත් තාත්තවත් හිටියෙ නැහැ.
සයුරූ.... හදිස්සියෙම කාමරේ ඉදන් දුවන් ආවේ ටානියා
ටානි ..කෝ මගේ අම්මා
සයුරු මාමිට පපුව රිදෙනවා කියලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා .
මොකක්?
ඔව් සයුරු ....
මොන හොස්පිට්ල්ද?
ජයවර්ධනපුර .
මන් යනවා දැන් .
වේට් සයුරු ...ඔයා ඉන්නෙ හොද සිහියෙන් නෙවේ ලාල් අන්කල් නැහැනේ .මමත් එන්නම් .ඕකේ ... ඉන්න පොඩ්ඩක් .ඔයාත් යුනිෆෝම් එකෙන් යන්න බැහැනේ හොස්පිට්ල් ඇදුම් චේන්ජ් කරගන්න .
හරි ...
මන් ඒ බසට අවනත් උනේ මගේම කියලා මට දැනුනු නෑ කම නිසා.කරදර වෙලාවක ඉතුරු උනේ මෙච්චරයි නිසා.
යන් සයුරු ...
යන් ...
මන් කාර් එක ඩ්‍රයිව් කරපු හැටිවත් මතක නැහැ. කොහොම හරි කාර් එකත් පාර්ක් එකට දාලා ටානියි මමයි දෙන්නම ගියේ හොස්පිට්ල් .ඒ යද්දිත් සූරි අන්කලුයි උමා ඇන්ටියි මදූයි එතනට ඇවිත් .
අනේ පුතා .....තාත්තා ...
අනෙ අම්මා අඩන්න එපා ඉක්මනටම හොද වෙනවා ..ඇස් වල කදුලු තිබ්බත් ඒවා පිහ ගත්තේ දැන් අම්මට හයියක් වෙන්න ඕනි නිසා.
ටික වෙලාවකින් තියටර් එකෙන් එලියට ආවෙ ඩොක්ටර් .
සොරි පේශන්ව බේර ගන්න බැරි උනා අපිට
හීනෙකින් ඒ ඇහුනු වචන ටික එක්ක අම්මා වැලහින්නක් වගේ අඩන්න ගත්තා.
නැන්දා උනත් පුටුවේ වාඩි වෙලා අඩ අඩ කෑ ගැහුවේ තමන්ගේ එකම අයියා නිසා වෙන්න ඇති.
උමා ඇන්ටිත් අඩ අඩ අම්මටම ලන් වෙද්දී මට කරගන්න පුලුවන් උනේ කදුලු හිර කරන් බලන් ඉන්න එක විතරයි .මදූ සේරම දිහා බලන් හිටියේ දුකින් කියලා මට තේරුනා .
සේරම දේවල් දවස් කීපෙකින් ඉවර උනේ හැම වගකීමක්ම මගෙ කරපිටට පටවලා .
මේ හැම වෙලාවකම ටානි මගෙත් එක්කම හිටියේ මාවත්පුදුම කරමින් . මදූ ආවාට එක වචනයක්වත් මාත් එක්ක කතා කලේ නැහැ.
යාලුවො සෙට් එක රැයක් දවාලක් නොබලා වැඩ කලේ මට එක වැඩක්වත් කරගන්න බැරිඋනු නිසා .

හත්දවසේ දානෙන් පස්සේ මම එක්සැම් කරනකන් මිස්ටර් සරත් ඔෆිස් එකේ සියලු වගකීම් බාරගත්තා .

නැන්දයි ටානියයි මේ ගෙදරින් නොගියේ අම්මා නිතරම කල්පනාවට වැටෙන නිසා. ආදරේ හරි පුදුමයි ....සමහරුන් ආදරේ කරලා බදිනවා. සමහරු බැදලා ආදරේ කරනවා... අපෙ අම්මයි තාත්තයි ගත කර්පු ජීවිතෙ විනෝදයි.අම්මා එක මොහොතක් තාත්තා නැතුව හිටියෙ නැහැ. තාත්තා අහ රෑආවාත් සෝෆා එක උඩ වාඩි වෙලා ඉන්නේ තාත්තා පිටින් කෑම ගන්නෙ නැති නිසා. ලොකු කල්පනාවක හිටපු මන් පියව් ලෝකෙට ආවේ හශානයගෙ කටහඩට .
අනිද්ද්ට A/ L
උබ රෙඩිද?
ඔව් බන් .
අදයි හෙටයි උබයි මමයි පාඩම් කරමු .ගොඩ යමු හොද්ද ?
ඔව් බන් මන් එහෙම කිව්වේ හිතේ තියෙන දුක මැඩලන්
වචනෙකින් හරි ලග ඉන්න මිනිස්සු හරි වටිනවා ... හශානයා තනි නොකරම මාව බලාගත්තා.
කොහොම හරි රැයක් දවාලක් නැතුව අපි දෙන්නා පාඩම් කලා.ටානියාත් ඒ පාඩම් කෙරිල්ලට එකතු උනා . නොදන්න දේවල් කිසි අඩුවක් නැතුව හශානයා මට කියලා දුන්නේ ටොකු ඇන ඇන .කොච්ච්‍ර වෙනස් කම් විහිලුවට ගත්තත් ටානියා උනත් නොදන්න දේවල් ගැන කියල දුන්නෙ සහෝදර කමේ වටිනා කම පෙන්නමින්.

යන්නම් අම්මා ...යන්නම් නැන්දා... එහෙම කියලා මම වැන්දා. ටානියටත් අපේ ඉස්කෝලෙම A/ L ලියන්න චාන්ස් එක ලැබුනා .
එක්සෑම් දවසෙ මදූව දැක්කා. අර කොල්ලත් හිටියා . විශ්වයා බොරු කියලා නැහැ . එක්සෑම් තිබුනු දවස් ටිකේ ඕවා හොයන්න වෙලාවක් තිබ්බෙත් නැ .

එක්සෑම් එක ඉවර උනු ගමන් කෝස් එකට මමයි හශානයයි ගියේ ගෙදර ඉදලා වැඩක් නැති නිසා. කාමරේට යන්න උඩට නගිද්දි අම්මගේ කාමරෙන් කෝල් එකක සද්දයක් ආපු නිසාම මන් ඇහුම්කන් දුන්නා.
හෙලෝ ..උමා
උමා ඇන්ටි නේ ...
එහෙමද ? කොයි වෙලාවෙද?
අයියෝ උමා ....පරිස්සම් කරගන්න එපැයි .සූරි මොකො කියන්නෙ?
හරි බලමුකො උමා .
ඇයි අම්මා? මන් එහෙම අහන් කාමරේ ඇතුලට ගියේ දැනගන්න තියෙන උවමනාව නිසාමයි .
පුතා අහන් හිටියද ?
ඔව් අම්මා
පුතා , මදූ ...
ඔව් මදූ ..
කොල්ලෙක් එක්ක පැනලා ගිහින් පුතා .
මොකක්? ඇග හීතල වෙලා ගියා

පබා✍️...
Thaaru_Official_Page🇱🇰
කතෲ අයිතිය සහ ප්‍රකාශන අයිතිය සුරකින්න.... තාරු

නාදුනන පෙම පෙර කොටස 🌼
https://m.facebook.com/story.php?story_fbid=437084707747277&id=112610443528040

Telephone

Website