The dancing kitchen

The dancing kitchen

Condividi

11/05/2026

මේ ලෝකේ මිනිස්සු විවිධාකාරයි කිව්වාට මේ තරම් විවිධාකාරයි කියලා හිතුවද..? එකම ගේ ඇතුළේ ජීවත් වෙන තුන්දෙනාට රස තුනක්..?

ෆ්‍රේයා උදේට කද්දි මම හාල් පාස්තා ලට පට දාලා තිබුණ කබඩ් එක අස් කරන්න ගත්තා. එකින් එක එයා ඉස්සරහා මේසේ උඩ තියද්දී ප්‍රශ්නය කෝටියකට උත්තරත් දෙන්න උනා. සූශි රයිස් පැකට් එකක කාලට පොඩ්ඩක් වැඩි වෙන්න තිබුණ පැකට් එකත් මේසේ උඩ තිබ්බා. ඊගාවට කොළ දෙකක් විතරක් ඉතුරු උන නෝරි පැකට් එකත් තිබ්බා. හරි, මැඩම්ට ඒක මීටර්. අපි අද රෑට සූශි කමු කිව්වා 🥴
මමත් ඉතිං මේ කෙල්ල මොනා හරි කිව්වාම ඉටි මල වගේ දිය වෙනවානේ. ඉස්කෝලේ දාන්න යන්න කලින් ෆ්‍රීසර් එකේ තිබ්බ ඉස්සෝ ටිකකුත් අයිස් යන්න එළියෙන් දාලම ගියා.

සූශි හදමු කිව්වා ඔක්කෝටම ඇති වෙන්න සූශි රයිසුත් නෑ නෝරිත් නෑ. ඉතිං ඉස්සෝ හතර දෙනෙක් පැන්කෝ වල දවටලා අරන් බැද්දා , දැන් සූශි ෆිලිං එකට දාන්න දෙයකුත් නෑ. වෙලාවට ගෙනාව අඹ ගෙඩියක් ෆ්‍රිජ් එකේ තිබුණා. ඕක කැපුවේ නැත්තේ පහුගිය ටිකේ ෆ්‍රේයාට හොඳටම කැස්ස නිසා. ඒ උනාට සූශි එකට දාන්න දෙයක් නැතිම නිසා කපලා පොඩි තීරු දෙකක් සූශි මයෝ එක්ක දාලා ඉස්සෝ ටිකත් තියලා රෝල් කලා. හරි එකක්.

අපි දෙන්නාට පොකේ බෝල් දෙකක් හදනවා කියලා හිතුවට ඉතුරු බත් මදි දෙන්නාටම. අනිත් ඉස්සෝ ටිකට ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, ස්වීට් පප්‍රිකා, ලුනු දාලා තෙල් හැන්දක් දාලා පෑන් ෆ්‍රයි කලා. ඒකෙන් බාගයක් හස්බන්ඩ්ගේ පොකේ එකට දැම්මා. තව අහුවෙන්
අහුවෙන, දකින දකින ඒවා දාලා ඒකත් හැදුවා.

ඉතුරු ඉස්සෝ ටිකට හිතෙන හිතෙන ඒවා දාලා හැදුවා සැලඩ් එකක්. ගෙනාවා වකාමේ පැකට් එකක් ෆ්‍රීසර් එකේ තිබුණා. ඒකෙන් ටිකකුත් ඩීෆ්‍රොස්ට් කරලා ගත්තා..

මට කෑම ටික දැක්කම හිතුනේ යකූ තුන්දෙනෙක් ඉන්න ගෙදර මෙහෙම නම් හත් අට දෙනෙක් ඉන්න ගෙයක් උනොත් මෙතන හෝටලයක් කරන්න වෙනවානේ කියලා...

Vuoi che la tua azienda sia il Società Di Media più quotato a Milan?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Indirizzo

Milan
11500