Ceylon Village
28/05/2024
බයිසිකලේ
තමයි ගොඩ දෙනාට තිබුණු ප්‍රවාහන මාර්ගෙ.
නැති අය ඉතිං ඇවිද්ද පය දහස් වටියි කියල තමන්ගෙ ගමන දෙපයින්ම ගියා.
හැබැයි තනියෙං යන බයිසිකල් කරුවෙක් ඔහොම පයිං යන කෙනෙක්ව, ඇඳිරුවත් නැතත්, ආයෙ මග දාල ගියේ නං නෑ.
මිනිස්සු හරි එකතුයි!
19/11/2023
සරලයි දියුණුයි
ගම්මුංගෙ ජීවිතය හරි සරලයි. නිදහස්.
බව බෝග වගාවට ඇබ්බැහි වෙච්චි මේ ජීවිත රටේ ආර්ථිකයෙ කොඳු නාරටිය කියල කිව්වොත් හරි.
ඒගොල්ලංගෙ දවස පටං ගන්නෙ උදේම. උදේ පාන්දර කුකුළත් එක්කම ඇහෑරීලා කහට කෝප්පයක් බීලා හේනට.. කුඹුරට.. ගොවිපලට.. ගෙවත්තට.. පින්නද, වැස්සද, සීතලද නොබල කඩිය වගේ ඇදෙනවා.
කහට කෝප්පෙං වරුවක් උනත් වැඩ කරයි.
මොන කරදර බාදක ආවත් තමංගෙ දවසෙ වැඩ කටයුතු හෙටට කල් නොදා අදම ඉවර කරනවා.
ඒ නිසාම මෙයාලගෙ අටු කොටු සරුයි. පිරිලා.
ජීවත්වෙන්න උවමනා හැමෙකක්ම ගම්මුන්ගෙ අතේ දුරිං තිබුණා. ඒගොල්ලො හදාගෙන තිබුණා.
09/11/2023
ළිඳ
ඉවුම් පිහුම් වැඩ වලට, නාන්න සෝදන්න, බීමට වගේම වගාවටත් ඉස්සර පිහිටට හිටියෙ ළිඳ විතරයි.
ගමේ පොදු තැන්වල.. කුඹුරු අද්දරට වෙන්න වගේ කවදාවත් හිඳන්නෙ නැති ළිං ගැමියො එකතු වෙලා හදල තිබ්බා.
පොදුවේ පාවිච්චියට කාටත් අවසරය තිබ්බා. පිරිසිදුවට පිළිවෙලට තියාගන්න කාටත් උනන්දුව තිබුණා.
ඔය පොදු ළිං වගේම හැම ගෙදරකමත් පොඩි ළිඳක් අනිවාර්‍යෙන්ම හාරං තිබුණා.
පොදු ළිඳටත් තමන්ගෙ ළිඳටත් ඉස්සර මිනිස්සු හරියට ගරු කරා. සිංහල අලුත් අවුරුද්දෙ ළිඳ එක්ක ගනු දෙනුත් කරා.
පිරිසිදු උල්පත්වලින් උනන වතුර ටික නිල් කැටේට දිලිහුණා. මොන තරං නියං ආවත් ඉර දෙයියන්ට බැරි උණා ඔය උල්පත් ගැමියොන්ට දක්වන අනුකම්පාව බිඳින්න.
ඒ වතුරෙ හරි බර ගතියක් තිබුණා. පොඩ්ඩක් බීවත් ඇති බඩ පිරෙන්න. ඇඟ නිවන නියම සිසිලසක් හැමදාමත් ගැමියට දුන්නෙ තමන් මහන්සියෙං හදාගත්ත ළිං පොඩ්ඩ.
30/10/2023
ගැමි ගෙදර
ගඩොලෙන් බිත්ති බැඳල රට උළු හෙවිළි කරපු ගෙවල් තිබුණ නං තිබුණෙ බොහොම අඩුවෙං.
බොහොමයක්ම ගෙවල් වරිච්චි බිත්ති ; පුවක් පටි හෝ ලී දඬු සැකිල්ල ඇතුලට මැටි ඔබ්බවලා හදපු බිත්ති.
කෙනෙක් ඒ වරිච්චි පෙනුම මේ රූපෙ වගේම පේන්න දුන්නා.
කාසි පණම් පොඩ්ඩක් අතේ තියෙන කෙනෙක් ඒක නොපෙනෙන්න මැට්ටෙන්ම කපලාරුවක් කරා.
තවත් පුලුවන් කෙනෙක් සුදු හුණු ටිකක් ගාලා බිත්තිය පිළිවෙලක් කරා.
හුණු පැකට් ඕනම සිල්ලර බඩු කඩේක තිබුණා. ගෙනල්ලා පනිට්ටුවට දාලා ඇති තරමට වතුර දාලා බිත්තියෙ ගාන්න පුලුවන් තරමට මිශ්‍රණේ හදා ගන්නවා. ලුණු ටිකකුත් දා ගන්න ඕන. නැත්නම් බිත්තියෙ ගෑවට පස්සෙ හුණු ආලේපනේ පොතු ගැලවෙනවා. නිල් ටිකකුත් දැම්මා.
මොන විදියට ගෑවත් ඒවා ඇඟෙ ගෑ වෙනෝම තමයි. හුණු ගාලා මාසෙං දෙකෙං ඔය බිත්තියකට හේත්තු උනත් ඇඟේ ගෑ වෙනවාමයි.
වහල නං බොහෝමත්ම දුරට පොල් අතු තමා.
බිම ගොම මැටි.
සිමෙන්ති පොලව හදා ගත් අයත් හිටියා.
කොහොම උනත් ඔය ගේ ඇතුල හරිම සිසිලයි. සනීපයි. ස්ට්‍රෙස් නෑමයි !
24/10/2023
Ceylon Village
The chirping of birds, voices of cattle, lush green fields, the appearance of mud houses and huts, and overall the soothing and pure environment reminds us of the village life.
My village life is purely natural & full of liveliness.
There is something in the environment that stops us from going away from it.
All people in villages live like a family & are always ready to help each other in their needs.
20/10/2023
Ceylon Village
ලංකාවෙ සුන්දර ගමක ඉපදුනු මට එදා මා අත්වින්ඳ ගමේ ඒ මිහිර ඇත්තටම මිහිරක් බැව් එකල නොතේරිනි.
සරල උවත් ගුණාත්මක ආහාර, ඇති තරම් වූ නිදහස, දුසිම් දෙක
තුනකට නොඅඩු වූ මිතුරන්, සුන්දර අසල්වාසීන්, සැපට දුකට ලඟ හුන් නෑදෑයින්, ඇළ දොල, දේදුනු පාට සමණලුන්, දණ්ඩි, කොරළි, ගුටි කෙලි, විහිලු තහලු, කුඹුරු, වෙල, බොරලු පාර, තිරික්කල, කරත්ත, පැට්‍රෝල් මැක්ස් ...
එදා මට සාමාන්‍ය, දුප්පත් සහ කමකට නැති දේවල් !
ඒත් අද?
හොය හොයා ආයෙ ආයෙ ඇදෙන්නෙ එව්වා හොයාගෙන නිරායාසයෙන්මයි.
ඒ සුමිහිරි මතකයන්, ප්‍රණීත රසයන් ආයෙත් විඳිමු !
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the public figure
Telephone
Website
Address
Matara
81000