Maheshi Rambukwella

Maheshi Rambukwella

Share

18/09/2025

My writing mood ON again ▶️🆗😊

සෑම මානව සම්බන්ධතාවයකටම අදියර 3ක් ඇත
❤️❤️❤️

පළමු අදියර නම් පහසුම එකයි. එනම් සියල්ල ලස්සනයි, සෑම දෙයක්ම ඔබ කැමැතිම ආකාරයට සිදු වෙනවා. ඔබේ මුලු ලෝකයම ඔහු හෝ ඇය නිසා වර්ණ ගැන්වී ඇති සේ දැනෙන්නට පටන් ගනී.

ඔබ කැමැතිම විදියේ සිපගැනීම්, ආකර්ෂණීය කතා විලාශයන්, ත්‍යාගයන්, පුදුම කරවීම් ඇතුලු තවත් බොහෝ දේ මෙම අදියරේ සිදු වෙයි😊❤️

දෙවැනි අදියර නම් වඩාත්ම දුෂ්කර වේ..😣
සැකයන් පෙනෙන්නට පටන් ගනී, 🤔

ඔවුන් ඔවුන්ගේ අසම්පූර්ණකම , දුර්වලකම් හඳුනා ගැනීමට පටන් ගනී, එකිනෙකාගේ රුචි අරුචි කම් , මානව සම්බන්ධතාවයන් එකිනෙකා පාලනය කිරීමට පටන් ගනී. එනම් ටිකෙන් ටික දෙදෙනාගෙන් කෙනෙකු අනෙකාගේ පාලනයට නතු කර ගැනීමට උත්සාහ කරයි.

මෙම අදියරේදි බොහෝ දෙනා රණ්ඩු සරුවල් වෙති. මානසික පීඩනය උපරිම මට්ටමකට එති. බොහෝ දෙනා මෙම අදියරේදි එකිනෙකා අත්හරිති. 😓සම්බන්ධතාවයට තිත තබයි.✋

තුන්වෙනි එක තමයි අන්තිම සහ ලස්සනම අදියර.😊❤️
ඔබ තුළ අඩුපාඩු ඇති බවත්, අනෙකා එය කරන බවත් ඔබ පිළිගන්නා නිසා, ඔබගේ ස්වභාවය වෙනස් නොකර එම ස්වභාවයටත් ඔබ කැමැති නිසා ඔබ එම පුද්ගලයාට ආදරය කරයි❤️😘

ඔවුන් කවුරුන්ද, ඔවුන්ගේ ඇතුලාන්තය කුමක්ද යන්න අවබෝධයෙන්ම මේ අදියරේදි ඔබ හදුනා ගෙන ඇත. ඔබ ඔවුන්ගේ අඩුපාඩු වලට ආදරය කරයි, යම්කිසි අඩුපාඩුවක් වේ නම් ඔබේ ආදරණීය බව හමුවේ කතා බහ කිරීමෙන් දේවල් නිවැරදි කරයි, ආදරයේ නාමයෙන් අනෙකාද තම අඩුපාඩු හදා ගැනීමට උත්සාහක් දරයි.😊

එකිනෙකාට ගෞරවය, සහයෝගය හා සැලකිලිමත් වන බව ඔවුනොවුන්ට වැටහෙන අදියරයි.❤️

නමුත් ඔබ දන්නවාද? ලෝකයේ බොහෝ මානව සබදතා තුන්වන අදියරට පිවිසෙන්නේ නැති බව..😓
දෙවැනි අදියරින් අවසාන වන බව..😳

මන්ද සෑම කෙනෙකුටම ඔබේ ආත්මය සහ ඔබේ අභ්‍යන්තරය ආදරණීය ලෙස හදුනා ගැනීමට අවස්ථාවක් නොලැබේ.😊

ආදරය යනු පුද්ගල ස්වභාවය වෙනස් නොකර ඔවුන්ගේ නිදහස,සාමය හා එකිනෙකාට ගෞරවණීය බවයි. ඒ බව තේරුම් ගත් අය පමණක් තුන්වන අදියරට පැමිණෙයි.❤️😊

ආදරය සදාකාලික ලෙස පවතින්නට නම් එය ස්වභාවික වීම තුලින් මිසක් මායාවකින්, උපක්‍රමවලින් පටලවා ගත යුතු නැති බව තේරුම්ගත් අය පමණක් තුන්වන අදියරට එති.

මෙය කියවපු ඔබ කුමන අදියරේ සිටිනා කෙනෙක්ද?❤️

Photos from Maheshi Rambukwella's post 18/09/2025

Adisham Banglow @ Haputale

24/05/2025

යුගයක නිමාව.....🥺🙏
ඔබට අජරාමර නිවන් සුවය......!❤️🙏🥺💐

15/11/2024

පිබිදෙමු ශ්‍රී ලංකා..❤️💪💐🌤️

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Address

Matara
81700

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00