NPP Matale
17 වැනි ජාතික රණවිරු දින සැමරුම
17 ஆவது தேசிய படைவீரர் ஞாபகார்த்த தினம்
17th National War Heroes Commemoration
15/05/2026
මහජන පුස්තකාල පාඨක තරගාවලියෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ගලේවෙලට ප්‍රාදේශීය සභාව හිමි කරගනියි📚✨
ගලේවෙල ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පද්ධතිය, 2025 වසරේ පැවැත්වූ මහජන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් තරගාවලියෙන් ඉහළම ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත්ව ඇත.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැති මෙම තරගාවලියේදී, මාතලේ දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු පුස්තකාල අභිබවා දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගලේවෙල ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල හය (06) සමත් විය.
👉 දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ:
ප්‍රථම ස්ථාන: 27
දෙවන ස්ථාන: 09
තෙවන ස්ථාන: 05
දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරමින් ඉදිරියට ගිය අපේ දූ දරුවන්, මධ්‍යම පළාත් මට්ටමින් ද අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් සමස්ත පළාතේම දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
👉පළාත් මට්ටමේ ජයග්‍රහණ:
ප්‍රථම ස්ථාන: 04
දෙවන ස්ථාන: 09
තෙවන ස්ථාන: 11
මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම පාඨක දූ දරුවන්ටත්, ඔවුන් දිරිමත් කළ පුස්තකාලාධිපති මණ්ඩලයට උණුසුම් සුබපැතුම්!
Click here to claim your Sponsored Listing.