Mhd Razan
07/06/2025
සුබ හජ් සැමරුමක් වේවා!
புனித ஹஜ்ஜுப் பெருநாள் நல்வாழ்த்துகள் !
Blessed Hajj!
20/05/2025
අපගේ මාතෘ භූමියේ සැබෑ නිදහස සමස්ත ජනතාව වෙත ලබා දුන් වීරෝදාර රණවිරුවන් සදා අමරණීය වේ. ජීවිත පරිත්‍යාග කරමින් මව්බිමේ ආරක්ෂාව තහවුරු කළ අපගේ රණවිරුවන් වෙත ගෞරව දැක්වීම යුතුකමක් බවත් ඒ යුතුකමේ දායාදය අනාගත දරු පරපුරටත් අපගේ තරුණ පරම්පරාවටත් උරුම කළ යුතු බවට විශ්වාස කරමි.
එවකට සේනාධිනායක, ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ජාතික රණවිරු ස්මාරකය ඉදිරිපිට අභීත රණවිරුවන් වෙත ගෞරව දැක්වීම සිදු කෙරුණු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද සහභාගී විය.
18/05/2025
දශක ගණනාවක යුධ ගැටුම් අවසන් කර අපගේ මාතෘ භූමියට සාමය උදා කළ සියලු දෙනාගේ ධෛර්යය හා කැපකිරීම් අපි සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙනි. ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරමින්, අපගේ සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සුරක්ෂිත කරමින් එවකට සේනාධි නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ මානුෂීය මෙහෙවර ඉටු කිරීමට හැකි විය.
අපගේ ඉතිහාසයේ මෙම වැදගත් මොහොත ගැන මෙනෙහි කරන විට, සත්‍යය ආරක්ෂා කරමින් යුද්ධයේ දී ඇති වූ දුෂ්කරතා විඳදරාගත් සියලු දෙනාට ගෞරවය දැක්වීම ඉතා වැදගත් වේ. මෙම සිදුවීම් වැරදි ලෙස නිරූපණය කිරීමට කුමන්ත්‍රණකාරීන් විසින් ගන්නා උත්සාහයන් ශ්‍රී ලාංකික ජනතාවගේ ශක්තිය හා එකමුතුකම බිඳීයාමේ අවදානම ඇති කරන අතර ඒ සියල්ල මැඩලමින් මාතෘ භූමියේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට, යුක්තිය ආරක්ෂා කිරීමට සහ සියලුම ජනතාවට සාමය සහ සංහිඳියාව ඇති කිරීමට කැපවී, අප එක්ව ඉදිරියට යා යුතු බව මම විශ්වාස කරමි.
நீண்ட ஆண்டுகளாகத் தொடர்ந்த போரை முடிவுக்குக் கொண்டு வந்து, நம் தாய்நாட்டில் அமைதியை நிலைநாட்டிய அனைத்து வீரர்களின் தியாகத்தையும், அவர்கள் காட்டிய துணிவையும் இன்று நாம் மகிழ்வுடன் நினைவுகூருகிறோம். உலகின் மிகவும் பயங்கரமான பயங்கரவாத அச்சுறுத்தலுக்கு எதிராக, ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்களின் தலைமையில், அனைத்து இலங்கையர்களின் உரிமைகளையும் பாதுகாப்பையும் உறுதி செய்யும் ஒரு மனிதாபிமானப் பணியை இலங்கை முன்னெடுத்தது.
இந்த வரலாற்றுப் பொன்னான தருணத்தை நாம் சிந்திக்கும்போது, போர் காலத்தில் சகிப்புத்தன்மையுடன் துன்பங்களை எதிர்கொண்ட அனைவருக்கும் மரியாதை செலுத்துவது முக்கியமான ஒன்று. இந்த நிகழ்வுகளைத் தவறாகக் காட்ட நினைக்கும் முயற்சிகள், இலங்கை மக்களின் ஒற்றுமையையும் வலிமையையும் பாதிக்கும். எனவே, நம் தாய்நாட்டின் சுயாதீனத்தையும், நீதியையும் பாதுகாத்து, அனைத்து சமூகவாசிகளுக்கும் நிலையான அமைதி மற்றும் ஒற்றுமையைக் கட்டியெழுப்ப நாம் ஒன்றுபட்டு முன்னேற வேண்டும் என நம்புகிறேன்.
Today, we remember and honour the courage and sacrifices of all those who ended decades of conflict and brought peace to our motherland. Under the leadership of then Commander-in-Chief of the Armed Forces, President Mahinda Rajapaksa, Sri Lanka faced one of the world’s most dangerous terrorist threats and carried out a humanitarian mission to protect the rights and safety of all citizens.
As we reflect on this important moment in our history, it is crucial to protect the truth and honour those who endured the hardships of war. Attempts to misrepresent these events undermine the strength and unity of the Sri Lankan people. Let us move forward together, committed to defending our sovereignty, upholding justice, and building lasting peace and reconciliation for all communities.
16/05/2025
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් වෙසක් පොහොයට සමගාමීව සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල 14 වන සවස 05 සිට විජේරාම මාවත, කොළඹ 07 හිදී පැවැත්වුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නීතිඥ ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන්, හිටපු ජනාධිපති ආර්‍යා ගරු ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ඇතුළු දේශපාලන නායකයින් සමඟින් ප්‍රදේශයේ හිත මිතුරන් සහභාගී විය.
මෙම පිංකම සාර්ථක කර ගැනීමට උදවු උපකාර කරමින් සහභාගී වූ ඔබ සැමට අපගේ ස්තුතිය!
🇱🇰
12/05/2025
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
11/05/2025
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී තනතුරෙන් පිදුම් ලැබූ , කුරුණෑගල දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමට මාගේ උණුසුම් සුබ පෙතුම්...
10/05/2025
ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම විජේරාමේදී පැවැත්වුණු අතර එහිදී අපගේ අනාගත දේශපාලන සැලසුම් සහ තීරණ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
10/05/2025
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අසීරුම අවස්ථාවේ ඡන්දය භාවිතා කරමින් සවියක් වූ සැමට ස්තුතියි!
#ස්තුතියි
05/05/2025
බොරුව පරදමු.
ගමේ බලය පොහොටිටුවට ( 🌷 | ❌️ )
05/05/2025
අපි හැදෙන්නට නොව ගම හදන්නට.
ගමේ බලය පොහොට්ටුවට ( 🌷 | ❌️ )
Mohammed Razan
පරගහදෙණිය කොට්ඨාශයන්
05/05/2025
"අලුත් හෙටක් - සංවර්ධිත ගමක් වෙනුවෙන්!"
Mohammed Razan
පරගහදෙණිය කොට්ඨාශයන්
SriLanka Podujana Peramuna (🌷|❌️)
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ (🌷|❌️)
04/05/2025
ආදරණීය ඡන්දදායකයින්. මේ ඔබේ අවස්ථාවයි 06 වැනි දා උදෑසනම පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා ඔබේ අනාගත බලාපොරොත්තුව දල්වන්න.( 🌷 | ❌ )
Click here to claim your Sponsored Listing.