Simple Life
19/10/2025
එන්න රස බත් මෙනූ එකක් බලන්න කට්ටියම 😍♥️
අද මෙනූ එකේ තියෙන්නේ,
🌸සුදු බත් (white rice)
🌸අල තෙල් දාලා (Tempered potato curry)
🌸පරිප්පු,නිවිති එක්ක කිරට (Dhal and spinach curry)
🌸වම්බටු කිරට ( Eggplant curry)
🌸පොඩි මාලු බැදලා (Fried fish)
゚viralシfypシ゚
15/10/2025
කෑම උයනකොට සින්දුවක් දාගෙන සිතේ සැනසිල්ලේ උයන මං වගේ තවත් අය ඉන්නවද?
ඔය කනට දාන headphone එකක් නම් මං දාන්නේ නෑ හැබැයි.ෆෝන් එක JBL එකට සම්බන්ධ කරලා ආසම සින්දුවක් දාගෙන උයන වැඩේ කරන්න මං හරි ආසයි.හැබැයි දාන සින්දුව මුළු ගෙදරටම ඇහෙන්න දාන්නේ නෑ.එහෙම දැම්මොත් ගෙදර අයගෙනුයි,අල්ලපු ගෙවල්වල අයගෙනුයි කේස්නේ 😁
මං මේ වගේ වෙලාවට අහන්නේ ටිකක් හිත නිමෙන සිංහල සින්දු තමා..මෙහෙ ඉන්නකොට ලංකාවේ ඉන්නවා වගේ නෙවෙයි නිතර සිංහල සින්දු ඇහෙනවත් අඩුයිනේ..පැරණි සිංහල චිත්‍රපටිවල සින්දු,නව පරපුරේ අයගේ කවර් සින්දු වැඩියෙන් අහනවා ඉතිං..
සින්දුවක් අහගෙන උයනකොට හිත වුණත් හරි ම නිදහස් කියලා වෙලාවකට මට හිතෙනවා.මොකද සමහර වෙලාවට අපි වැඩකරන තැන වුණු හිත රිදෙන දේවල් එහෙම නැත්තම් නෑදෑයෙක් යාලුවෙක් අතින් වුනු හිත රිදෙන දේවල් ඔහේ කල්පනා කර කර උයනවානේ..සින්දුවක් ඇහුවාම එක එක දේවල් හිතට එන එක නතර වෙනවා..😊
මං හැබැයි මෙහෙදී ගොඩක් වෙලාවට උදේට උයනවා අඩුයි..ඒ නිසා හවස හරි රෑ හරි උයනකොට තමා මේ විදියට සින්දු අහන්නේ..ඉස්සර ලංකාවේ ඉන්නකොටනම් රේඩියෝ එකේ පිරිත් දාලා පිරිත් අහන ගමන් තමා ඉව්වේ..
✍️ Simple Life
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
2145