Kesbewa Public Library

Kesbewa Public Library

Share

07/12/2025

පොත් තුලින් අනාගතය දකින් අපේ පාසල් දරුවන්......📚✨
“පුනරුදයක් උදෙසා කියවමු” යන තේමාව යටතේ, ජාතික කියවීම් මාසයට සමගාමීව අද (2025.12.07) කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානයේදී දරුවන් 100කගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වුණු (Reading Camp) කියවීම් කඳවුර ගැන අපි ආඩම්බරයෙන් පළ කරමු! ❤️

මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ කැස්බෑව මහජන පුස්තකාලය විසින්.
මූලිකත්වය ගත්තේ:
• කැස්බෑව නන්දන පිරිවෙනෙහි ආචාර්ය, ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කැස්බෑවේ පක්ඤානන්ද හිමියන්
• කැස්බෑව නගර සභාපති චාමර මද්දුම කළුගේ මැතිතුමා

සම්පත් දායකත්වය ලබාදුන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලාධිපතිනි ගයානි පෙරේරා මහත්මිය.

මෙම වැඩසටහන මෙතරම් සාර්ථක කර ගැනීමට සියලුම සහයෝගය ලබාදුන්:
• කැස්බෑව නගර සභාවේ සභාපතිතුමා, ලේකම්තුමිය, නගර සභා මන්ත්‍රී මණ්ඩලය හා සියලුම නිලධාරීන්
• ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය
• කැස්බෑව මහජන පුස්තකාලයේ කාර්ය මණ්ඩලය
• අනෙකුත් සියලුදෙනා...

ඔබ සැමට අපගේ හද පිරි ස්තූතිය! 🙏❤️

චමිලා වසන්ති
පුස්තකාලයාධිපති,
කැස්බෑව මහජන පුස්තකාලය

Want your organization to be the top-listed Government Service in Kesbewa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Horana Road Kesbewa Junction
Kesbewa
10300