White Snowi

White Snowi

Share

06/02/2026

අද හැදෙයි හෙට හැදෙයි කියලා මෙච්චරකල් බලන් හිටියා මුන් හැදෙන්නේ නැහැ. තෙරේන කාලේ ඉඳලා ආසාවෙන් බලපු එකම දේ. අපේ රටේ මිනිස්සුන්ගේ ඉවසීමත් එක්ක මුන් සෙල්ලම් කරන්නේ. ඉන්දියාව වගේ උනා නම් හරි මුන්ට. තමන්ගේ රටේ ගහන මැච් ටිකවත් දිනා ගන්න බැහැ.

06/02/2026

🛑 ඇති දැන්! පෙබරවාරි 08 සිට "අපේ විරෝධය" පටන් ගමු! 🏏🚫
දිගින් දිගටම සිද්ධ වෙන අසාර්ථකත්වයට සහ වගකීම් විරහිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව සැබෑ ක්‍රිකට් ලෝලීන්ගේ දැවැන්ත විරෝධය!

අපිට ඕන ජයග්‍රහණය විතරක් නෙවෙයි, සටන්කාමී ක්‍රීඩා විලාසයක්! ඒත් අද වෙද්දී සිද්ධ වෙන්නේ:

❌ අසාර්ථක ක්‍රීඩකයින්ට නැවත නැවතත් අවස්ථා දීම.

❌ පද්ධතියේ (System) ඇති දුර්වලතා.

❌ ප්‍රේක්ෂකයින්ගේ ආදරය අවභාවිතා කිරීම.

මේ නිසා, පෙබරවාරි 08 වනදා සිට අපි තීරණය කළා: 1️⃣ Ground එක හිස් කරමු! (Empty the Grounds) - ටිකට්පත් මිලදී ගැනීමෙන් වැළකී සිටිමු. 2️⃣ අනවශ්‍ය ප්‍රසිද්ධිය නතර කරමු - සමාජ මාධ්‍ය හරහා කණ්ඩායමට දෙන අනවශ්‍ය Boost එක නතර කරමු.

"මේක ක්‍රීඩකයින්ට කරන වෛරී ප්‍රකාශයක් නෙවෙයි. මේක ක්‍රිකට් වලට ආදරේ කරන අපි, මේ විනාශ වෙමින් පවතින පද්ධතියට දෙන අවසන් අනතුරු ඇඟවීමයි!"

තවදුරටත් රැවටෙන්න අපි ලෑස්ති නැහැ. සැබෑ වෙනසක් වෙනකම් අපි ක්‍රීඩාංගණ හිස් කරමු! 🇱🇰✊

උපුටා ගැනීමකි

#එකමුතුකම

06/02/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි තීරණයක්? ඉදිරි ලෝක කුසලානය වර්ජනය කිරීමේ රැල්ලක් සමාජ මාධ්‍යයේ!
කොළඹ: 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙමින් සිටියද, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග නැරඹීමෙන් වැළකී සිටීමේ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය තුළ ආරම්භ වී තිබේ.

පසුගිය තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අසාර්ථක ක්‍රීඩා විලාසය සහ කණ්ඩායම් කළමනාකාරීත්වයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් පවතින දැඩි විරෝධය මෙම රැල්ල නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත.

වර්ජනයට බලපා ඇති ප්‍රධාන කරුණු:
අඛණ්ඩ පරාජයන්: විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන තරගාවලිවල පවා කණ්ඩායම පෙන්වන අස්ථාවර භාවය.

ප්‍රේක්ෂක කලකිරීම: "තරග නරඹා අපේ කාලය හා මුදල් නාස්ති නොකරමු" යන තේමාව යටතේ ෆේස්බුක් (Facebook) සහ එක්ස් (X) ජාල ඔස්සේ පළවන සටහන්.

කළමනාකාරීත්වයට එරෙහි විරෝධය: ක්‍රීඩකයින් තේරීමේදී සිදුවන බව කියන අක්‍රමිකතා සහ පාලක මණ්ඩලයේ තීරණවලට එරෙහිව සිය නිහඬ විරෝධය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීම.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අදහස්:
බොහෝ ක්‍රීඩා ලෝලීන් පවසන්නේ ලොව ඕනෑම රටක ක්‍රීඩා ලෝලීන් සිය කණ්ඩායම දිරිගැන්වීමට පැමිණියද, අඛණ්ඩව සිදුවන පසුබෑම් හමුවේ තවදුරටත් ඉවසීමක් නොමැති බවයි. "අපිට ඕනේ දිනන කණ්ඩායමක් මිසක්, සහභාගී වෙන කණ්ඩායමක් නෙවෙයි" යනුවෙන් එක් පරිශීලකයෙකු තැබූ සටහනක් මේ වන විට සිය දහස් වාරයක් හුවමාරු වී තිබේ.

කෙසේ වෙතත්, ඇතැම් ක්‍රීඩා විචාරකයින් පවසන්නේ කණ්ඩායම දුර්වල මොහොතක ප්‍රේක්ෂක සහය අත්‍යවශ්‍ය බවයි. නමුත් වර්තමානයේ පවතින මෙම "සමාජ මාධ්‍ය රැල්ල" (Social Media Trend) ඉදිරි ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවියට සහ ප්‍රේක්ෂක සහභාගීත්වයට සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බවට පෙරනිමිති පළවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද, ප්‍රේක්ෂක විශ්වාසය යළි දිනා ගැනීම සඳහා කණ්ඩායමේ විශාල වෙනසක් අවශ්‍ය බව ක්‍රීඩා විශ්ලේෂකයෝ අවධාරණය කරති.

20/01/2026
Temu Pakistan 29/12/2025

Temu Pakistan

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No. 18/1, Alagoda, Pujapitiya
Kandy
20000