Easy to COOK
09/09/2025
# 😋
09/09/2025
Hightea 😋
07/09/2025
🛑 බටර් කේක් 🛑
අවශ්‍ය ද්‍රව්‍ය -
(For 1kg butter cake)
බටර් 250g
සීනි 250g
බිත්තර 4
කේක් පිටි 250g
බේකින් පවුඩර් 2tsp
වැනිලා 1tsp
දිය කරගත් කිරි 2tasp
සාදන ආකාරය -
කේක් පිටි හා බේකින් පවුඩර් දමා තුන් වරක් හොදින් හලා ගන්න.
සීනී සහ බටර් විනාඩි 20ක් පමණ නොනවත්වා එකම අතට බීට් කරන්න.
බිත්තර එක බැගින් එක් කරමින් හොදින් බීට් කර ගන්න.(කැමති නම් සුදු මදය සහ කහ මදය වෙන වෙනම බීට් කරන්න පුලුවන්. නමුත් ඒකට ටිකක් කාලය යනවා)
හලා ගත් පිටි ටික ටික එක්කරන්න. මේ මොහොතේ අවන් එක මිනිත්තු 10ක් pre heat කර ගන්න.
පසුව වැනිලා සහ සාදා ගත් කිරි මිශ්‍රණය ටික ටික එක් කර ගන්න.
හොදින් මිශ්‍ර කරගත් මිශ්‍රණය 160 C° උශ්ණත්වයේ විනාඩි 30ත් 40ත් අතර කාලයක බේක් කර ගන්න.( උපරිම අඩු temperature එකකින් වැඩි කාලයක් bake වෙන්න දාන එක තමා මම අනුමත කරන්නෙ මොකද ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමා උඩ කලු වැඩි වෙලා කේක් එක මැද අමුයි.ඒකට හොදම විසදුමක් තමා 180C°ට නොදා 150C°-165C° temperature එකට bake කරන එක)
සැ.යු -
*කේක් පිටි සහ පාන් පිටි කියන්නේ දෙකක්. කේක් පිටි යෙදීමෙන් නියම qualityයට කේක් එක හදාගන්න පුලුවන්.
* Fresh milk දැමීමෙන් වඩාත් රස හා soft කේක් එකක් ලබා ගත හැකියි
*Baking powder අඩු වැඩි නොකිරීමට වග බලාගන්න,නැත්තන් කේක් එක පිපෙන්න නැති වෙන්න පුලුවන්.
*මුලු මිශ්‍රණයම එකම අතට පමනක් මිශ්‍ර කල යුතුයි.
*උශ්ණත්ව ප්‍රමාණයන් හා කාලයන් අවන් එකෙන් අවන් එකට වෙනස් වේ.
*කේක් එක bake වෙන කාලයේදී oven එක විවෘත කිරීමෙන් වලකින්න.
* කේක් එක හොදින් නිවීමෙන් පසුව tray එකෙන් ඉවතට ගැනීමට වගබලා ගන්න.
# # #
07/09/2025
🛑 දිය බත් 🛑
රැයක් ඉතිරි වූ බත් වලට වතුර දාලා තියන්න .ගොඩක් වතුර දාන්න එපා.බත් ටික වැහෙන ප්‍රමාණයට දැම්මාම ඇති.
උදේට වතුර පෙරා බත් ටික නෑඹිලියට දාලා පොල් කටු හැන්දෙන් හොඳින් පොඩි කරන්න .නැත්නම් ගොඩක් පොඩි නොවෙන්න බ්ලෙන්ඩ් කරන්නත් පුලුවන් .පසුව පෙරාගත් වතුර ටික නැවත බත් එකට එකතු කරගන්න .
දැන් එයට අමුමිරිස් කරලක් දෙකක් හීනියට කපලා දාන්න .
රතුලූනු ටිකකුත් කපලා දාන්න .රතුලූනු වැඩිවුනු තරමට රස වැඩියි.
වියළි මිරිස් කරල් දෙක තුනකුත් පුලුස්සා කැබලි වලට කඩලා දාන්න.සමහරු නම් ව්යලි මිරිස් නොදාත් හදනවා.ඒත් රස වගේම පෙනුමටත් හොඳයි.
දැන් රස අනුව ලුණු කුඩු ටිකක් ,දෙහි ඉස්ම සහ උකු පොල් කිරි ටිකක් දාලා හොඳින් කලවම් කරන්න .
උම්බලකඩත් දානවා .එතකොට තවත් රසයි .
ඔයාලත් හදලා බලන්න.ගුණ වගේම හරිම රසවත් කෑමක් . මීට පස්සෙ රෑට උයද්දි බත් ටිකක් වැඩිපුර උයන්න😊😊😊
07/09/2025
🛑කෙසෙල් මුහ සීනි සම්බල්🛑
කෙසෙල් මුහය හීනීයට ලියලා සෝදා ලුණු අතගා හොදින් මිරිකා වතුර ඉවත් කර ගන්න ...
ඉන් පසුව ගැබුරැ තෙලේ බැදගන්න හොඳ ක්‍රිස්පි ගතිය එන තෙක්
බීලුනු හීනීයට ලියලා එලෙසම බැදලා ගමු ..කරපිංචා කොල ටිකත් බැදගමු.තෙලේ දැම්මා ..ගත්තා ..
හීනීයට කොටාගත් උම්බලකඩ ටිකක් ..
දැන් තාච්චියක් ලිපේ තියලා තෙල් මේස හැන්දක් ව්තර දාලා උම්බලකඩ ටික යන්තමින් බැදෙනකොට ලිපේ මද රස්නෙන් කෑලිමිරිස් දමාගෙන ලිපනිවන්න ඉක්මනින් ..පසුව හැදිගාන ගමන් සීනි ලුණු රස පදමට දාගන්න
විනාකිරි ට්කක් දාගන්න
කලවම් කරගන්න හොදට
ඉන්පසු බැදගත් කෙසෙල් මුහටික බැදගත් බීලුනු කරපිංචා ටික සේරම කලවම් කරගන්න හොදට අනාගන්න .
Click here to claim your Sponsored Listing.