Esat.lk

Esat.lk

Share

22/05/2026

Power On වෙන service එකට එන මාරල! 💀💻"

ඇතුළේ මොන සෙල්ලම් දාලා තිබ්බත් අපි ගොඩ දාලා දෙනවා. 💯
විශ්වාසනීය සහ කඩිනම් සේවාව සඳහා අදම අපව අමතන්න!
​✅ Chip Level Repair ✅
🔥 E-Sat (Walala, Menikhinna, KANDY) 🔥
📲 071 630 7677 / 075 630 7670

Photos from Esat.lk's post 22/05/2026

Laptop එක full service කරද්දී කරන්න ඕනේ හරියටම මේකයි! 🛠️💻

​ලැප්ටොප් එකක් overheat වෙලා slow වෙන්නේ ඇයි කියලා වීඩියෝ එකෙන්ම පේනවා නේද? Full service එකක් කියන්නේ නිකන්ම හුලං පාරක් අල්ලන එක නෙවෙයි.

​ලැප්ටොප් එක සම්පූර්ණයෙන්ම ගලවලා, හිරවුණු දූවිලි තට්ටු අයින් කරලා, fan එක සුපිරියටම clean කරන්න ඕනේ. ඒ වගේම වේලිලා තියෙන පරණ thermal paste අයින් කරලා අලුතින්ම thermal paste දාන්න ඕනේ.

​විශේෂයෙන්ම කාලයක් යද්දී තද වෙන Hinges නිවැරදිව බුරුල් කරලා adjust කරන්නත් ඕනේ. නැත්නම් body එක හෝ display එක ළඟින් කැඩෙන්න පුළුවන්.

​මේ හැමදේම හරියටම කළාට පස්සේ කිසිම රත් වීමක් හෝ damage වීමක් නැතුව ලැප්ටොප් එක smoothව වැඩ කරනවා. ඔබේ laptop එකත් ලොකු ලෙඩක් දාන්න කලින් අදම අපිට බාර දීලා හරියටම full service එකක් කරගන්න! 👍

​📞 වැඩි විස්තර සඳහා Call කරන්න:
​✅ Chip Level Repair ✅
🔥 E-Sat (Walala, Menikhinna, KANDY) 🔥
📲 071 630 7677 / 075 630 7670

Photos from Esat.lk's post 18/05/2026

"No Power" කියලා Shop එකකින් ආපු Laptop 2ක්... 🤔

​චෙක් කරද්දී එකක Ribbon එකක් බුරුල් වෙලා, අනිකේ Keyboard එක short වෙලා.

​ඉතින් මේවට සල්ලි ගන්නේ කොහොමද? සතයක්වත් ගත්තේ නැහැ, නොමිලේම හදලා දුන්නා! 🥰

​සල්ලි වලට වඩා අපිට වටින්නේ ඔයාලගේ විශ්වාසයයි.

Photos from Esat.lk's post 14/05/2026

මනුස්සකමට උදව් කිරීමේ ආදීනව...

​අද මේ සටහන තබන්නේ මගේ වෘත්තීය ගරුත්වයට හානි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් සහ ඔහු Google Review එකක් හරහා එල්ල කළ අසාධාරණ චෝදනාවට පිළිතුරක් ලෙසයි.

​පළමු අවස්ථාවේදී ඔහු රූපවාහිනියක් රැගෙන ආවේ "කිසිවෙකුට දී නැහැ" යනුවෙන් පවසමිනුයි. නමුත් එය කලින් විවෘත කර තිබූ නිසා, පාරිභෝගිකයා සත්‍ය වසන් කිරීම හේතුවෙන් මම එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. පසුව ඔහු WhatsApp ඔස්සේ උදව් ඉල්ලා සිටි නිසා, මනුස්සකම මත මා මගේ කාලය වැය කර එය සාදා ගන්නා ආකාරය 'A to Z' ඔහුට කියා දුන්නා.

​කාලයකට පසු ඔහු තවත් රූපවාහිනියක් සාදා ගැනිමට ඇසුවා, එය YouTube වැනි මාර්ගවලින් තමන් විසින්ම අලුත්වැඩියා කිරීමට ගොස් අසාර්ථක වූ පසුවයි. මෙවැනි අත්හදා බැලීම් කළ උපකරණ මා භාර නොගන්නා බැවින් මා එයත් ප්‍රතික්ෂේප කළා.

මේ හේතුව නිසා ඔහු මට Google Review එකක් දමා පවසන්නේ මාගේ දැනුම අඩු බවත්, මා ඔහුට අලුත් Board එකක් දැමීමට පැවසූ බවත්ය. ඇත්තටම මට වඩා දැනුම ඇති අය මේ ක්ෂේත්‍රයේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් මට ඇති ගැටලුව නම්, මම අලුත් Board එකක් දාන්න කිව්වා නම්, ඔහුට ඒ තිබුණු Board එකම අලුත්වැඩියා කරගන්න මම පැය ගණනක් WhatsApp හරහා නොමිලේ උපදෙස් දුන්නේ ඇයිද යන්නයි.🤣
ඔහුට නොමිලේ උදව් කරන කොට මා සතු දැනුම ප්‍රමාණවත් වූ ඔහුට, මගේ වෘත්තීය තීරණයක් මත වැඩක් භාර නොගත් පළියට මා දැනුම නැති අයෙකු ලෙස පෙනීමයි. පෞද්ගලික අමනාපයක් මත කෙනෙකුගේ වෘත්තීය ජීවිතයට මෙලෙස පහර ගැසීම පුදුමයට කරුණක්.

අනුන්ව වට්ටලා තමන්ට ලැබෙන සතුට මොහොතකට සීමා වුණත්, තමන්ගේ හෘද සාක්ෂියෙන් පලා යන්න කාටවත් බැහැ. තව කෙනෙක් අමාරුවෙන් නැගිටිනවා බලලා සතුටු වෙන්න බැරි වුණත්, ඔවුන්ව වට්ටන්න උත්සාහ නොකර ඉන්න තරම් මිනිස්සු නිහතමානී විය යුතුයි.

මා සතුව ඔහුට එදා ලබා දුන් සියලු තාක්ෂණික උපදෙස් සහිත WhatsApp Screenshots අදටත් සුරැකිව තිබෙනවා. ඒ ඔහුට එරෙහිව පියවර ගන්නට නොව, ලෝකයේ මෙවැනි මිනිසුන් පවා සිටින බව මට නිතර මතක් කර දීමටයි.

Want your business to be the top-listed Computer & Electronics Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:30