SaNu
22/11/2025
මේ ස්ක්‍රීන්ශොට් එක දකින හැම වෙලාවෙම මට මතක් වෙන එක මනුස්සයෙක් ඉන්නවා. මේ කතාව එහෙම මිනිස්සු ගැන.
"මට මේක කරන්න පුලුවන් වෙයිද ?"
"ඔයාට පුලුවන්. මම දන්නවා ඔයා ඕක අනිවාර්‍යෙන්ම කරනවා..."
මම මොනා හරි කරන්න පටන් ගන්න හැමවෙලාවකම එයා මට කියන්නේ එහෙම. මම කරන්න යන දේ කොච්චර අමාරූ උනත් මට බැරි වෙයි කියලා මමම හිතුවත් එයා කවදාවත්ම එහෙම හිතන්නේ නෑ.
"මට බයයි..."
"බය වෙන්නේ ඇයි ? ඔයා ඕක කරන එක ගැන අනිත් මිනිස්සුයි බය වෙන්න ඕනේ. කෝ කෝ හිනාවෙලා ඕක කරන්න. ඔයාට පුලුවන් හරිද ?"
කරන්න පටන් ගන්න වැඩක් ගැන අන්තිම මොහොතේ බය හිතුනාම දුවගෙන ගිහින් බයයි කිව්වාම ආයේ මුල ඉඳලා මට පුලුවන් කියලා මතක් කරලා මාව හිනස්සලා බය නැති කරන්න එයාට පුලුවන්.
මම කරන්න ගියපු ගොඩක් වැඩ වලදී අන්තිම මොහොත වෙනකම්ම මම එක්ක හිටපු කෙනා තමයි එයා.
"මට මාරම සතුටුයි ඔයා ගැන..."
මම ජීවිතේ ලබාගත්ත චූටීම දෙයක් උනත් එයාට කිව්වාම එයා සතුටු වෙන්නේ සතුටු වෙන්න ඕනේ ප්‍රමානෙටත් වඩා කියලා මට හිතෙන තැන් බොහොමයි.
ඒලෙවල් එක්සෑම් පාස් උනාම, කැම්පස් යන්න එන්ට්‍රන්ස් එක්සෑම් පාස් උනාම, වයිවා එකකට හොඳට මාර්ක්ස් ගත්තම, ප්‍රොජෙක්ට් එකක් ඉවර කරාම, එක්සෑම් එකක් ලියලා ජොබ් ඉන්ටර්විව් එකකට සිලෙක්‍ට් උනාම, ජොබ් එකක් ලැබුනාම, මම ලියපු එකකට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනාම එයා සෑහෙන සතුටු උනා.
කොටින්ම මම මගේ ගැන සතුටු වෙන හරි පුංචි දේවල් වලදි මම තරම්ම නැත්නම් මටත් වඩා සතුටු වෙන මනුස්සයෙක් ගෙදර මිනිස්සුන්ට පස්සේ මට මුණගැහුනා නම් ඒ එයා.
"ඒක හරි ගියේ නෑ..."
"අපි ආයේ ට්‍රයි කරමු බබා. ඔයාට වැටෙන්න බෑ..."
දිනන හැම වෙලාවෙම සුභ පතන්න සතුටු වෙන්න එයා ලඟ හිටියා වගේම මම පරාද වෙලා ආපූ හැම තැනකමත් එයා මාව වැළඳගත්තා. ඊළඟ පියවර වෙනුවෙන් හයිය වෙන්න ඒක මාරම හයියක් උනා හැමතිස්සෙකම.
"මට අඬන්න ඕනේ..."
මම එහෙම කියපු කිසිම තැනක එයා මට අඬන්න එපා කිව්වේ නෑ. එයා හැමදාම කිව්වේ ඔයා අඬන්න, ඔයා අඬනකම් මම ඔයාව හයියෙන් අල්ලන් ඉන්නවා කියලා විතරයි. ඒ නිසාම අඬන්න හිතෙන හැම වෙලාවකම කිසිම බයක් නැතුව මට එයා ඉන්නවා කියලා දන්න එක ඇතුලේ මම වැටෙන්න ගියපු ගොඩක් තැන්වල හරි හයිය වෙලා දරාගත්තා.
"මට මහන්සී. තවත් නම් බෑ..." කියලා මම කිව්වාම,
"ඔයාට මහන්සි දැනෙන හැම තැනකම ඔයාට පුලුවන් මාව හෙවණක් කරගන්න..."
නෑ! එයා එහෙම කිව්වේ නෑ. ඒ වෙනුවට මට මහන්සි දැනෙන තැන් කොහෙද කියන එක පවා එයා දැනන් උන්නා. මම මහන්සි වෙලා ඉන්න හැමතැනකම හැරිලා බලද්දී එයා මට හෙවණක් වෙලා හිටියා. ඒ නිසාම "එයා ඉන්නවා" කියලා මම දන්න එක මට මේ මොහොතේ පවා මාරම විදිහට හයියක්.
අමාරුම තැන් ගෙවිලා දවස් ගානක් කතා නොකර හිටියත් උපරිම තේරුම් අරගෙන නෝක්කාඩුවක් නොකියන, මම එයා ලඟට දුවගෙන යන හැම සැරේකම කොන්දේසී විරහිතව මාව වැළඳගන්න ඒ මනුස්සයා නිසා මම ජීවිතේ හුඟාක් අමාරූ තැන් දරාගත්තා.
ඉතින් එහෙම මනුස්සයෙක් මුණගැහෙන එක කොයිතරම් නම් ආදරණීයද කියලා දන්න නිසාම මම ප්‍රාර්ථනා කරනවා හැම මනුස්සයෙක්ටම මුණගැහෙන්න ඕනේ එහෙම ආත්මයක්.
අවසානයට මේක අනතුරු ඇඟවීමක්,
ඔයාට කවදාම හරි මුණගැහුනොත් ඔයාව විස්වාස කරන. ඔයා ගැන ආඩම්බර වෙන සහ ඔයා පැරදුන තැනකත් ඔයාව වැළඳගන්න මනුස්සයෙක් එයාව මගෑරගන්න එපා.
මොකද මම විස්වාසෙන් කියනවා ඒ ජීවිතේ ඔයාට දෙන ආදරණීයම තෑගී වලින් එකක් 🤍
-තාරා-
ඉ. ලි - ඔයා කවදම හරි කාටම හරි එහෙම ආදරණීය මනුස්සයෙක් වෙලා තියෙනවා නම් මතක තියාගන්න මම ඔයාට හරි ආදරෙයි! ඒ වගේම ඔයාට කවදාවත්ම එහෙම මනුස්සයෙක් මුණගැහිලා නැත්නම් මතක තියාගන්න මේ ලෝකේ එක කොණක 'මම' කියලා මනුස්සයෙක් ඉන්නවා කොන්දේසී විරහිතව ඔයා වෙනුවෙන් 🤍💫
Click here to claim your Sponsored Listing.