Unseen Bloom

Unseen Bloom

Share

04/12/2025

💔දරාගත නොහැකි ආදරයේ නිහඬ ශක්තිය 💔

​සමහර කතා තිරයේ පමණක් නොව, ජීවිතයේ සැබෑ පිටුවල ද ලියැවී තිබේ.

​අද දවසේ පුවත්පත් දුටු විට මගේ සිතට නැඟුණේ 'අමරන්' (Amaran) චිත්‍රපටයේ දසුන් ය. රට වෙනුවෙන් දිවි පිදූ මේජර්වරයාගේ බිරිඳ ඉන්දුගේ දෙනෙතේ තිබූ ඒ නිහඬ වේදනාව, ඒ අසීමිත ආදරය.

⭐​අද අපි සැබෑ ජීවිතයේ වීරයන් දෙදෙනෙකුට අවසන් ගෞරව දැක්වූවා

🔴​දෙරටක් වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ මේජර් මුකුන්දන්.

🔴​ජීවිතයම කැප කළ කැප්ටන් නිර්මාණ සියඹලාපිටිය.

​ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය වචනයෙන් කියා නිම කළ නොහැකියි. එහෙත්, මගේ හිත වඩාත් තදින්ම ස්පර්ශ කළේ ඔවුන්ගේ ආදරණීය බිරින්දෑවරුන්ගේ නිහඬ ශක්තියයි.

​සිනමාවේ ඉන්දුගේ දෑසේ තිබූ ඒ දරාගත නොහැකි වේදනාව, අද සැබෑ ජීවිතයේ දී ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ දෑස්වලින් දකිද්දී, ඒ "නිහඬ හැඟීම්වල" ගැඹුර කොතරම්දැයි කියා සිතාගත නොහැකියි. 💔

​ඔවුන් තම සැමියන්ගේ "නොදුටු පිපීම" (Unseen Bloom) සදහටම හදවතේ තැන්පත් කර ගනීවි. ඒ වේදනාව දරාගැනීමට ඔවුන්ට ඇති මේ දැවැන්ත ශක්තිය, සැබෑ ආදරයේ සහ කැපවීමේ උත්තරීතරම නිදසුනයි.

​මේ මහා වීරයන්ට අපේ ප්‍රණාමය පුද කරමු. 🙏

Want your business to be the top-listed Media Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha