Lakmal Ranasinghe Photography

Lakmal Ranasinghe Photography

Share

25/02/2024

මිනිසෙක් රාත්‍රී සංග්‍රහයක්‌ සඳහා මස් රෝස් කිරීමට ග්‍රිල් එක දල්වා, තම දියණියට මෙසේ කිව්වේ ය..

"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ යාළුවෝ අසල්වැසියෝ ඔක්කෝටම කතා කරන්න..! අපි කෑම කමු..!!"

දුව පාරට බැහැලා, කෑ ගහන්න ගත්තා.

"අනේ අපේ ගෙදර ගින්නක්..! කරුණාකර ගින්න නිවා දැමීමට අපට උදව් කරන්න..! තාත්තා ඔබෙන් උදව් ඉල්ලනවා...!"

සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර, ඉතිරි අය හැසිරුණේ උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනාක් මෙනි..

ආපු අය රෑ වෙනකල්ම කෑවා, බිව්වා..

තුෂ්නිම්භූත වූ පියා, තම දියණිය දෙසට හැරී ඇයට මෙසේ කිව්වේ ය.

"ආපු අය මම යන්තම් හඳුනනවා.. සමහර අය මම මීට කලින් කවදාවත් දැකලවත් නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ? යාළුවෝ? අසල්වැසියෝ?"

“තාත්තේ.. ගෙදරින් එළියට ආපු මේ අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක්, පාටියට නෙවෙයි..
අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි.."

🌸 ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය, ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ නොකෑ යුතුයි..! ☝️
උපුටා ගැනීමකි

© Unknown

Want your business to be the top-listed Photography Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gampaha
11056