Lyrical හිත by manu
13/05/2026
නොදුටු විලසින්... 🌙
____________________
හිතුන සැනකින් බදාගෙන උඹ
සනසවන්නට නොහැකි හන්දා
ළඟින් යද්දී හැප්පි දැවටී
හිත් සැනසුවා මදිද මන්දා
රිද්දි රිද්දී වැටුන කඳුලැලි
බිඳුන හසරැල් මුවග රන්දා
බලා ඉද්දිම වෙන එකෙකු විත්
පෝරුවක් උඩ ඇඟිලි බැන්දා
___________________
කසාදය ලියවිල්ලක්ම විය
උඹත් එහි අත්සනක් දැම්මා
බැරිම තැන ඉවසන්න උඹ මට
පුරුදු කෙරුවා මදිද මන්දා
දුක සතුට සේ දරාගැනුමද
ලොවේ සනතන දහම හන්දා
සද්ද නැතුවම ඉඳල අවසන
කන්තකත් පෙන්නුවා පැලිලා
____________________
යද්දි එද්දී මගතොටදි හරි
හමුවුනොත් යලි සිනහ නංවා
තරහ නැතුවම කතා කරලා
යනවදැයි මං හිතින් පැතුවා
ආයෙ මොකටද පරන මතකය
පාරවන්නේ තනිව හිතුවා
මගදි දැක්කොත් නොදුටු විලට
යන්න ඔබ මට පුරුදු කෙරුවා
♡_Manula ✍️
#සිංහලකවි #නිසඳැස් #හිතේකතා #වෙන්වීම #අහිමිවීම #මතක
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Gampaha