NextGen Science Research

NextGen Science Research

Share

You don't have to be a geek anymore to keep you up ;) The colors, the fun, the meanings. For most of us, graphics is a better way of understanding things. For some, it is an easy way of representing things too. Remember the cave paintings, if you knew, we are talking about those. It is how our brains work. From childhood we learn most of the things graphically. It is so much easier to memorize and

30/11/2025

4 Pillars of Proactive Disaster Management (Sri Lanka)

- අපට කළ හැකි දේ කුමක් ද?
- රාජ්‍ය සැළසුම් actionable ද? නිරවද්‍ය ද?
- සැළසුම් කරපු දේ කෙරෙනව ද, වැටහෙනව ද?
- මේව ජනතාවට සහ ක්‍රියාකාරීන්ට වැටහෙනව ද? ඒ අය මේ cycle එකේ ඉන්නව ද?
- පූර්ව සූදානමක් වෙනව ද?
- අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහනව ද?

Born from Earth, Buried by Smoke – A 3D Journey Through Our Carbon Footprint 05/11/2025

Born from Earth, Buried by Smoke – A 3D Journey Through Our Carbon Footprint. We created this video with MetaAI as an experiment.

View and share your thoughts: https://youtu.be/4Mkeq8i4zdM?si=Ub5zzM82GNdkkYVd

Born from Earth, Buried by Smoke – A 3D Journey Through Our Carbon Footprint A foot made of soil, stone, and life — slowly transformed by industry, pollution, and human ambition. This 3D environmental short captures the rise and fall ...

26/03/2025

Speed Kills - ජීවිත වල ආරක්ෂාව ද වේගය ද කියල කල්පනා කරමු! by ඉපොක්සි එතේන්

මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරකින් ආචාර්‍ය ගුනේන්ද්‍ර ගයන්ත මහතා, ඔහුගේ බිරිඳ ගේ සොහොයුරා ජීවිතක්ෂයට පත් වූ පුවත ඉතා සංවේගජනක එකක්. ඒ වගේම අද දිනයේ ඔහුගේ බිරිඳ ද ජීවිතයට සමු දී ඇතිබව අසන්නට ලැබුන. ඔවුන්ගේ සම නිවුන් දරුවන් තිදෙනාගේ උපන්දිනය අප්‍රේල් 1 යෙදී තිබෙන බවත් පුවත් වලින් දැකගන්නට ලැබුනා. මේ අලුත් නිව්ස් ඇත්ත කියල හිතනව.
මේක විනිශ්චයන් සම්බන්ධ කතාබහක් නෙමෙයි. නමුත් ඔහු ගෙ වාහනය 160KM/H හෝ අධික වේගයකින් ධාවනය වෙලා පාළනයෙන් තොර වුනු බව තමයි පසු නිරීක්ෂකයන් කියන්නෙ.

අපට වාහනයක් තියනව, ඩ්‍රයිව් කරන්න පුලුවන් පාරක් තියනව. අපි දුර ගමනක් ගිහිල්ල වෙහෙස වෙලා එනව. ලෑල්ලට පාගනව. නින්දත් එනව නේ ද? ඒ එක්කම තව ජීවිත කිහිපයක්, ව්ශේෂයෙන් ම තමන්ට තනිව ජීවත් වෙන්න බැරි ජීවිත වල වගකීමක් තියනව.

කරුණාකරල ඩ්‍රයිව සීට් එකට නගින්න කලින් self assessment එකක් කරන්න මේ කාරණා ගොන්න ගැන. හොඳ හුස්මක් අරන් හොඳට හිතන්න.

Please!

මගේ යම් අත්දැකීම් ටිකක් එකතු කරන්නම්. මම නිතර දක්ෂිණ අධිවේගී මාර්ගයෙ යන එනව. විශේෂඥයෙන් රෑ සහ එළිවෙන යාමෙ යනව. නමුත් ඒ නින්දක් එහෙම අරගෙන. Fresh පිට. Eye strains එනවනම් ගමන කඩින් කඩ නවත්තල සාමාන්‍ය වේගයකින් තමයි යන්නෙ.

මම වේගෙන් යන්න පුලුවන් වුනත් මාර්ගයට අනුකූල වේග සීමා වලින් පිටට යන්නෙ නෑ. දවසක් මම 160ට ගියා. ඒ අත්දැකීම ගන්න.150 වගේ වෙනකොට stability control වගේ තාක්ෂනික උපාංග තිබුනත් නැතත් දෙදරීම සහ රෂ් එක අතට වගේම ඇඟට දැනෙනව. අලාම් එහෙම වදින්න ගන්නව. එතකොට තත්පර දෙකතුනක් කියන්නෙ තමන්ගෙ.ජීවිතය සහ මරණය අතර ත්‍රිල් එකක් වෙන්න පුලුවන්. මොකද කොච්චර ඉක්මනට මොළයෙන් තීරණයක් ගත්තත් ඒක අතට, කකුලට, ඉන්පස්සෙ වාහනයට යන්න සහ ඒක ක්‍රියාත්මක වෙන්න කාලය යනව. ප්‍රමාද තියනව. මේ ගැන ගණිත සූත්‍ර නිතර සමාජජාල වල පල වෙනව.

වේගෙන් යන එක ෆන් එකක් වෙන්න පුලුවන්. නැත්නම් බොරු කලබලයක් වෙන්න පුලුවන්. වෛද්‍ය උපකාර අවශ්‍ය මොහොතක් නම් ගිලන් රථයක් ගෙන්න ගන්න එක වඩා ස්ථානෝචිත යි.

අපි ගේමිං කරනව, රේසිං එහෙම. NFS 1 රිලිස් වෙද්දිම play කරපු පරපුරේ කෙනෙක් මම. හරිම විනෝදයි. Need for speed, Forca, Asphalt, Gran Tuorismo ඒව මේව. මමත් රේස් යන්න හරි කැමති කෙනෙක්. හැබැයි මේ අපි යන්නෙ රේසිං ට්‍රැක්ස් වල නෙමෙයි. අපි experts ලත් නෙමෙයි. පොදු පාරවල් වල යන්නෙ. වෙන වාහන තියනව. අපේ වාහන සුපිරි ආරක්ෂාවක් දෙන ඒවත් නෙමෙයි. එහෙම ඒවත් තියනව අෆෝඩ් කරන්න පුලුවන් නම්. ඒත් ඒවටත් බෑ අනතුරේ දිග පළල සහ හැඩය තීරණය කරන්න.

ඒ එක්කම හයිවේ එකේ වුනත්,
- ඉතාම අපරීක්ෂාකාරී විදියට වාහන ධාවනය කරන අය මට හම්බෙනව
- ප.ලි. සීට් බෙල්ට්ස් දාන්නෙ නෑ
- 100 යන්න ඕන පාරෙ 150-60 යන අය ඉන්නව (මේ සීමා දාන්නෙ හේතු ඇතුව, අනිත් එක අපි එහෙම අවදානම්.අත්දැකීම් වලට Simulation එකකින් වත් මුහුණ දීපු සර්කිට් ඩ්‍රයිවර්ස්ල නෙමෙයිනෙ)
- නිදිමතේ යන අයත් ඉන්නව
- වාහනේ කන්ඩිෂන් නැතිව යන අයත් ඉන්නව
- බීල යන අයත් නැතිව නෙමෙයි
- බ්‍රේක් ගහන්න, ෆෝල්ටි සිග්නල්ස් පාවිච්චි කරන්න නොදන්න අය ඉන්නව
- වාහනේ රිකවරි එකකිම් පස්සෙ පාරට ගනන්න නොදන්න අය ඉන්නව (මම ඇක්සිඩම්ට් එකකින් යන්තම් බේරුනා එක පාරක් රිපෙයා එකකින් පස්සෙ එකපාරට ම කර්බ් එකේ ඉඳල ලෙෆ්ට් ලේන් එකට ගත්ත ලේඩි කෙනෙක් නිසා)
මේ නොකළ යුතු දේවල්.

ගේම්ස් වලදි වගේ සැබෑ ජීවිතයෙ දි තමන්ගෙ ජීවිතය රීසෙට් කරගන්න අවස්ථා දෙක තුනක් ලැබෙන්නෙ නෑ. තමන් විහින් අමාරුවෙ වැටෙන එක වෙන කතාවක් හැබැයි තමන් ආදරය කරන අය ඉන්නකොට ඒක සෑහෙන අවදානමක්. මම ඉතා පරීක්ෂාකාරී රියදුරෙක් වුනත් බිරිඳ එක්ක යනකොට අපි මේ ගැන කතා කරනව. මම බැනුම් අහන වෙලාවල් තියනව. ඒ ඔක්කොම ජීවත් වෙන්න සහ අනතුරු වළක්වාගන්න.

මගේ අතින් එකදු මාර්ග අනතුරක් වත් තවම වෙල නෑ. මමත් අවුරුදු 7ක් විතර ඩ්‍රයිව් කරනව. ඒත් මම තවම ඉගනගන්නව. තවම මගේ ධාවනයෙ අවුල් තියනව. ඒ නිසා රිස්ක් එකක් නොගන්න එක තමයි කරන්නෙ.
අපි ඉක්මනට කොහෙහරි නොගිය කියල ජීවිතේ නැතිවෙන්නෙ නෑනෙ. නැතිවුනොත් ඒක ආපහු ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා සිතේ සහ අතපයේ පාළනය සහතික කරගෙන ධාවනයෙ යෙදෙන්න.

ලංකාවෙ මාර්ග විනය එක්කෙනෙක් හරි අනුගමනය කරනව නම් ජීවිත රැකේවි.

රාජ්‍ය මට්ටමෙන් ලයිසන් එකෙන් ලකුණු කැපෙන ක්‍රමය ඉක්මනට එනවනම් මම කැමතියි.

There is NO RESET BUTTON!

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo