Chef Nadee
22/05/2026
- #බේකිං_පවුඩර් vs #බේකිං_සෝඩා -
සම්පූර්ණ වෙනස හොයාගමු...
බේකිං කරන හැමෝටම මේ දෙක confuse වෙනවා. ඒත් මේ දෙක එකක් නොවෙයි .ඔයාගේ cake එක rise වෙන්නේද, soft වෙන්නේද කියලා තීරණය වෙනවා මේ දෙක හරියට භාවිතය මතයි.
අපි බලමු වෙනස..
🥄 බේකිං සෝඩා (Baking Soda)
👉 Sodium Bicarbonate අඩංගුයි.
👉 අම්ලයක් (acid) සමග මිශ්‍ර වෙලා react වෙනවා
උදා; Lemon juice , yogurt, vinegar, buttermilk වගේ දේවල්
👉 ඉක්මනින් bubbles (CO₂ gas) හදනවා → batter එක rise වෙනවා
විශේෂ ලක්ෂණ:
ඉක්මනින් react වෙනවා – delay කළොත් effect අඩු වෙනවා.
color එක brown වෙන්න help කරනවා
වැඩිපුර දාගත්තොත් කටුක /soap වගේ රසක් එනවා
භාවිතා කල හැකි recipes:
Chocolate cake
Pancakes
Cookies (crispy texture එකට)
🥄 බේකිං පවුඩර් (Baking Powder)
👉 Baking soda + acid + starch mix එකක්
👉 already acid තියෙන නිසා extra acid එකක් අවශ්‍ය නැහැ
👉 Double Acting
✔ Mix කරනකොට react වෙනවා
✔ Oven එකේ heat වෙද්දි නැවත react වෙනවා
විශේෂ ලක්ෂණ:
Cakes & muffins වලට perfect .
soft, fluffy texture එකක් දෙනවා.
beginners ලට ලෙහෙසියෙන් භාවිතා කරන්න පුළුවන්
භාවිතා කල හැකි recipes:
Vanilla cake
Cupcakes
Muffins
බේකිං සෝඩා සහ බේකිං පවුඩර් – සරලට වෙනස කියතොත්
Baking Soda → Acid එක්ක ක්‍රියා කරනවා
Baking Powder → Self-contained (acid already තියෙනවා)
Soda → strong reaction
Powder → controlled, smooth rise
Important Tip එකක්:
හැමවිටම Recipe එකේ කියලා තියෙන එකම use කරන්න.
Baking soda ↔ baking powder replace කළොත් result එක fail වෙන්න පුළුවන් .
Chef Nadee
Click here to claim your Sponsored Listing.