Mr. Pouty

Mr. Pouty

Share

Photos from Mr. Pouty's post 06/12/2025

ලෝකයේ දුර්ලභ මුහුදු ක්ෂීරපායී සත්වයෙකු වන (Dugong dugon) මුහුදු ඌරෙකුගේ සිරුරක් පසුගිය නොවැම්බර් මස 30 වන දින මන්නාරම් වෙරළ තීරයේ පේසාලි වෙරළට ගොඩගසා තිබියදී මෙරට ඨීවරයන් පිරිසකට හා නාවික හමුදා නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබුණා. පසුගිය නොවැම්බර් මස 30 වන දින හමුවී තිබූ එම සිරුර අඩි 08 අගල් 02ක පුමාණයකින් යුක්ත වූ අතර එය පිරිමි සතෙකුගේ සිරුරක්.
මන්නාරම වනජීවී නිලධාරීන්ට මේ පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව නිලධාරීන් එම සත්වයා පරීක්ෂා කළා. එම සිරුරෙහි බෙල්ල පසුපස සෙන්ටිමීටර 11ක හා දකුණු වරළේ සෙන්ටිමීටර 6 ක පමණ තුවාල දක්නට ලැබුණා.එම තුවාල දැල්වල පැටලීමකින් සිදුවූ තුවාල බවට නිරීක්ෂණය නොවන අතර යම් තියුණු දෙයකින් සිදු වූ කැපුමක් බවට නිරීක්සණය වෙනවා. එම අවස්ථාව වන විට සත්වයා මියගොස් දින 02ක් වූ බැවින් සිරුර නරක් වී තිබුණා.
මෙම Dugong dugon විශේෂය IUCN මඟින් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇති සත්ව විශේෂයක් වන අතර මෙම Dugong ප්‍රජාව වඳවීමේ හේතු ගණනාවක් බලපානවා. fishing nets, gill nets ආදී ධීවර දැල්වලට හසුවීම, නෞකාවලින් ඇතිවන ඇතිවන ශබ්ද දූෂණය , මුහුදු තෘණ විනාශය හා ජල දූෂණය , සමුද්‍ර පද්ධතියට අහිතකර රසායනික අපද්‍රව්‍ය එක්වීම සහ ප්ලාස්ටික් දුෂණය ආදී බොහොමයක් කාරණා ඒ අතර වෙනවා. Dugongs විශේෂයේ ආහාර පද්ධතිය මුහුදු තෘණ මත පදනම් වී ඇති බැවින් මුහුදු තෘණ පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යාමට ද මොවුන් වැදගත් වනවා. තව ද මොවුන් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් හිමිවන සත්ව විශේෂයක්.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo